මෙන්න මේකයි සිද්ධිය. මගේ ගාව USB Charger කිහිපයක් තිබුණා. පහු පහු වෙන කොට එක charger එකක්වත් හරියට වැඩ කරන් නෑ. Slow Charging නැත්නම් වැඩ කරන්නෙම නෑ. USB කේබල් එක මාරු කරලා බලපුවාම තේරුණා USB කේබල් වල තමයි අවුල කියලා. නිකමට Aliexpress එකේ බලන කොට තිබුණා Fast charging තව අනම් මනම් Advantages තියෙනවා කියලා දාලා තියෙන USB A to Micro කේබල්. මම order කලා $ 3.15 ට තිබුණ කේබල් එකක්. කේබල් එක අාවට පස්සේ එ්ක මම ෆෝන් එකට ගහලා පරණ charger එකෙන්ම charge කරලා බැලුවා පට්ට speed එකෙන් charge වෙනවා. ගෙවපු ගාණට කිසිම පාඩුවක් නෑ. ෆොන් එකට අාපු Orginal කේබල් එකටත් වඩා සුපිරියට charge වෙනවා. එ්වගේම DATA transfer Speed එකත් සුපිරියටම තියෙනවා. මේකේ අැතුලේ තියෙන වයර් Cu සහ Diameter එකෙන් වැඩි නිසා තමයි Fast charging වෙන්නේ. Slow charging ප්රශ්ණ තියෙන අයට මේ වගේ cable එක වැදගත් වෙයි කියලා හිතනවා.

