who experienced near death?

Apr 22, 2017
61
13
0
මේක වෙලා තියෙන්නෙ කාටද? අපේ නෑදෑ නංගි කෙනෙක් මට කීව කතාවක්.එයා හීනෙන් දැකල තියන එකක්.එ් නංගි සම්පූර්ණ සුදුපාට අැදුමක් අැදගෙන සුදුපාට එලියක් තියන දිහාවකට අැවිදගෙන ගියාලු.එ් එලිය තියන තැනින් කඩහඩක් අැහුනලු.එ් කටහඩ මෙයාට එන්න කියල අඩගැහුවලු.ඉන්පස්සෙ මෙයාට අැහැරිලා තියනව.එයා කියන්නෙ එ්ක හීනයක් කියන්නත් බෑ අැත්තම සිද්දියක් වගේ කියනව.මේ අත්දැකීම තියන කවුරුහරි ඉන්නවද?
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක වෙලා තියෙන්නෙ කාටද? අපේ නෑදෑ නංගි කෙනෙක් මට කීව කතාවක්.එයා හීනෙන් දැකල තියන එකක්.එ් නංගි සම්පූර්ණ සුදුපාට අැදුමක් අැදගෙන සුදුපාට එලියක් තියන දිහාවකට අැවිදගෙන ගියාලු.එ් එලිය තියන තැනින් කඩහඩක් අැහුනලු.එ් කටහඩ මෙයාට එන්න කියල අඩගැහුවලු.ඉන්පස්සෙ මෙයාට අැහැරිලා තියනව.එයා කියන්නෙ එ්ක හීනයක් කියන්නත් බෑ අැත්තම සිද්දියක් වගේ කියනව.මේ අත්දැකීම තියන කවුරුහරි ඉන්නවද?

    පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි කියයි :lol:
    හීනෙන් මැරෙනවනං දැකල තියෙනව :)
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    නුවර තරු 5 හෝටලයක ලිෆ්ට් එකෙක් විනාඩි 20ක් හිරවෙලා හිටිය.

    A\L කරන කලේ කාර් එකක 140 විතර යද්දී w810 phone 1කකින් video කරන් යද්දී. බස් එකකුයි ලොරියකුයි මැදින් ගියා බ්රේක් ගහ ගන්න ටයිම් නැතිව 99.9 දෙකේම ගෑවී නොගෑවී ගියා.(අක්සිලේටරෙන් කකුල අරන් බ්රේක් එකේ තියන්නත් ගිහින් අය අක්සිලේරටේම තියල පෑගුවා, වෙලාවට ඒ වෙලාවේ බ්රේක් පගුනා නම් ස්ක්ප් කරලා වාහන 2න් එකක වදිනවා කුඩු වෙන්න ) 3km 4km ගිහින් නවත්තල බලද්දී කලිසමේ චුත් ගිහිං. වාහනේ එලව ගන්න අමතක වෙලා වගේ විනාඩි ගානක් නැවතිලා හිටිය, වාහන දෙකේ හිටපු උන් ජාතිය අමතන්න ඇති, ඉස්සරහට ආව බස් එකේ ඩ්‍රයිවර් ගේ මුණ තාමත් මතකයි. ඒ කලේ එළකිරියේ දැම්ම අවුරුදු 10කට විතර කලින්. එද යින් පස්සේ 100 වඩා ගිහින් නෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔහොම සිද්දියක් උනා. මීට අවුරුදු දෙක තුනකට කලින් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගේ තේ වත්තක තිබුන බංගලාවකට ගියා, වත්ත තිබුනේ දෙනියාය පැත්තට වෙන්න. වත්ත පහල දොළකුත් තිබුනා. ඒකේ නාන්නත් යන්න ප්ලෑන් කරලා තිබුනේ. කොහොම හරි අපි වත්තට යනකොට දවල් උනා. ඉතින් එහෙමම නාන්න අර දොළට යමු කියලා කට්ටිය කතා උනා. ඒ දොළ ගැන කියලා වැඩක් නෑ මචන්ලා, පට්ටම ලස්සන තැනක්. ඉතින් කට්ටිය එකා දෙන්නා දොළටත් බැස්සා. පීනන්න පුළුවන් උන් දොලේ ඈතට ගැඹුරු හරියටත් ගියා. ඒ හරියේ ලොකු ගලක් තිබුනා. ඉතින් අපේ උන් පොඩ්ඩක් පිනලා අර ගල උඩට යනවා හාන්සියක් හෙම දාලා සෙල්ෆියක් හෙම ගන්න. මට ඒ වෙනකොට පීනන්න බෑ. ඒ නිසා මං නම් ගැඹුරු නැති හරියක තමයි ජල ක්‍රීඩාවේ යෙදුනේ. ඔහොම ඉන්න අතරේ කොළුකම ඔලුවට ගහලා මමත් හෙමීට හෙමීට අර ගල දිහාට යන්න ට්‍රයි කරා. ගල දිහාට යන්න යන්න දැන් වතුර මට්ටමත් වැඩි වෙනවා. ඔහොම යනකොට එක තැනක් පහු කරාට පස්සේ මට දැනුනා වතුර පාරත් එක්කම මං අර ගැඹුරු දිහාට ඇදෙනවා වගේ. හිතට ආපු භයටත් එක්ක මං පොඩ්ඩක් දැගලුවා. හැබැයි අපේ උන් හිතුවේ මං උන්ට ආතල් එකක් දෙනවා කියලා. ඒ නිසා එකෙක්වත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ ක්ෂණයකින්ම මාව වතුරෙ යට ගියා. වේලාවක් කියන්න බෑ, හැබැයි ඒ ගමන්ම මං උඩට ආවාත් ආපු යට ගියා. අන්න එතකොට තමයි, මගේ පොඩි කාලේ ඉඳලා මම මූණ දුන්න අත්දැකීම් මගේ ඇස් ඉස්සරහා පිට නිකන් ෆ්ලෑශ් වෙන්න ගත්තා. මගේ මතකෙ වත් තිබුනෙ නැති සමහර සිද්දි. ඊට පස්සේ මගේ අම්මගේ, තාත්තගෙයි මූණු දෙකත් ෆ්ලෑශ් උනා. අයියලා දෙන්නගේ මූණු පෙනුනද කියල නම් මට දැන් මතක නෑ. ඊට පස්සේ සමහර යාළුවන් එක්කත් මූණ දුන්න අත්දැකීමුත් මට ෆ්ලෑෂ් උනා. ඊට පස්සේ තමයි අමුතුම දේ සිද්ධ උනේ. මගේ හොඳම යාළුවෙක්ගේ කෙල්ලගේ මූණත් මං දැක්කා නේ. මට තාම හිතා ගන්න බෑ ඇයි මට ඒ කෙල්ලගේ මූණ එහෙම පෙනුනේ එහෙම නැත්තන් මතක් උනේ කියලා. ඒ කෙල්ල ගැන මගේ හිතේ කිසිම ලව් අදහසක්වත් තිබුනේ නෑ. ඒක නම් මට හොඳටම ෂුවර්. කොහොම උනත් ඒ කෙල්ලගේ මූණත් මට පෙනුනා. මේ ඔක්කොම දේවල් වෙන්න වැඩිම උනොත් තත්පර පහක් දහයක් යන්න ඇති. ඒ කියන්නේ මං වතුර යට හිටපු ඒ තත්පර ගානට තමයි ඒ ඔක්කොම දේවල් මගේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් උනේ. ඊට පස්සේ මං ආයිමත් වතුර උඩට ආවා. අන්න එතකොට තමයි අර මං කලින් කිව්ව ගල උඩ ඉඳපු මගේ යාළුවෙක් මං දිහාට දිග මකුලත කෝට්ටක් දික් කරේ. කොහොම හරි ඒ දෙවනි පාර වතුර උඩට ආපු වේලාවේ මගේ වාසනාවටද කොහෙද මට ඒ කෝට්ට අල්ල ගන්න පුළුවන් උනා. ඊට පස්සේ යාළුවා මාව ඇදලා ගල දිහාට ගත්තා. මං විනාඩි දහයක් විතර යනකන් ෂොක් වෙලා වගේ ගල බදන් හිටියේ. ඔය සිද්ධිය නිසාම මං අදටත් විශ්වාස කරනවා අපි මැරෙන්න යන මොහොතේ අපේ මුළු ජීවිත කතාවම අපේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් වෙනවා කියලා. මං කියන්නේ ක්ෂණික මරණයකදි නෙමෙයි, පණ ඇදලා හරි ටික වේලාවක් ගිහින් හරි සිද්ධ වෙන මරණයකදි වගේ. එදා ඒ දොළෙදි මං දෙවනි පාර වතුරෙන් උඩට ආපු වේලාවේ, මගේ යාළුවා අර කෝට්ට දික් කරලා මාව ඇදලා ගත්තේ නැත්තන්, මං තුන් වෙනි සැරේටත් ගිලෙනවා. ඒ තුන්වෙනි පාර ගිලුන නම් මං මැරෙන්න තිබුනා. ඒක ෂුවර්. එදා ඒ සිද්ධියෙන් පස්සේ, මට ඒ වෙනකල් මතක තිබුනේ නැති පොඩි කාලේ සමහර අත්දැකීම් මට මතක් උනා. මං අපේ අම්මට ඒවා මතක් කරලා දෙනකොට, අම්මා පුදුම වෙනවා ඒ තරම් පොඩි කාලේ සිද්ධ උන දේවල් details එක්කම මං කියන එක ගැන. මට අදටත් හිතා ගන්න බැරි මට අර කෙල්ලගේ මූණ මැවිලා පෙනුනේ මොන හේතුවක් නිසාද කියන එක. :baffled:
    හරිම පුදුමයි නේද බං,
    බුදු දහමෙ කියල තියෙන කතා හැම එකක්ම ඇත්ත බං, මට අපේ තාත්තගෙ කතාවක් තියෙනව, වෙලාවක් ආවම කොටන්නම්, ඒකත් ඔය වගේම හැම සිද්ධියක්ම එයාට පෙනිල
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    නුවර තරු 5 හෝටලයක ලිෆ්ට් එකෙක් විනාඩි 20ක් හිරවෙලා හිටිය.

    A\L කරන කලේ කාර් එකක 140 විතර යද්දී w810 phone 1කකින් video කරන් යද්දී. බස් එකකුයි ලොරියකුයි මැදින් ගියා බ්රේක් ගහ ගන්න ටයිම් නැතිව 99.9 දෙකේම ගෑවී නොගෑවී ගියා.(අක්සිලේටරෙන් කකුල අරන් බ්රේක් එකේ තියන්නත් ගිහින් අය අක්සිලේරටේම තියල පෑගුවා, වෙලාවට ඒ වෙලාවේ බ්රේක් පගුනා නම් ස්ක්ප් කරලා වාහන 2න් එකක වදිනවා කුඩු වෙන්න ) 3km 4km ගිහින් නවත්තල බලද්දී කලිසමේ චුත් ගිහිං. වාහනේ එලව ගන්න අමතක වෙලා වගේ විනාඩි ගානක් නැවතිලා හිටිය, වාහන දෙකේ හිටපු උන් ජාතිය අමතන්න ඇති, ඉස්සරහට ආව බස් එකේ ඩ්‍රයිවර් ගේ මුණ තාමත් මතකයි. ඒ කලේ එළකිරියේ දැම්ම අවුරුදු 10කට විතර කලින්. එද යින් පස්සේ 100 වඩා ගිහින් නෑ.

    ලිෆ්ට් එකේ සිද්දිය උනේ මෑතක, ලිෆ්ට් එකට නැගල පහලට යන්න පටන් ගත්ත විතරයි ලයිට් ගිහින් ජෙනරේටර් ඕන උනා, ජෙනියෙන් දිව්වා කියල හිතන්නේ ලයිට් විතරයි A\C අවේ නෑ. හැබැයි එහා පැත්තේ ලිෆ්ට් උඩට පහලට යනවා බෙල් වදින එකෙක් හිතුවේ. මේක නැවතිලා.එලාම් ස්විච් එක එබුවත් එකෙක් වත් කතා කරේ නෑ, පස්සේ එකේ 011 නො එකක් emergency contact කියල දාල තිබ්බ එකට කෝල් කරාම උන් කියනවා අපි ඉන්නේ කොලබ මෙහෙට මොකටද කතා කරේ හොටෙල් එකට කියන්න කියල කිව. ඔතන තියන බෙල් ස්විච් එක ඔබලා කතා කරන්න කිව. මටත් හොදටම තද වෙලා මම උට කිව මේ වේසිගෙ පුතෝ එහෙනම් මොන පකටද ලිෆ්ට් එක ඇතුලේ ඔය ෆෝන් නම්බර් එක අලවල තියෙන්නේ කිව එකට කතා කරලා ආන්සර් කරන්නේ නැති නිසා තාම තොපිට කෝල් කරේ කිව.ඌ ලයින් එක cut කරා. එළියේ හිටපු අනිත් යාලුවොන්ට කතා කරාම උන් හිනා වේවි කිව තොට හොද වැඩේ කියල උන් වැඩිය ගණන් ගත්තේ නෑ.විනාඩි 10කට විතර පස්සේ ලිෆ්ට් 1කෙ ස්පිකර් එකෙන් කතා කරලා කිව ඉන්ජිනේරින් ඩිවිෂන් එකෙන් කථා කරන්නේ කලබල වෙන්නේ නැතිව ඉන්න අපි ඇරලා ගන්නම් කිව. තව විනාඩි 5ක් විතර ගිහාම මගේ පපුවේ සද්දේ මටම ඇහෙනවා වගේ දැනුන, ඇතුලේ ඔක්සිජන් අඩු නිසා හුස්ම හොයා හොයා ගන්නවා වගේ දැනුන. ඊට පස්සේ බිත්තියට හේත්තුවෙලා ඇස්දෙක වැහුන විතරයි අම්ම තාත්ත පවුලේ අය පෙන්න ගත්ත, ඊට පස්සේ පාසල් ප්‍රේමය 1st love 1ka, එයත් එක්ක පාරක් දිගේ ඇවිදගෙන යනවා කළුවර වැටෙන කන්. දෙපැත්තම කළුවරයි එයා ඇදගෙන හිටියේ සුදුපාට දිග ගවුමක් ඔලුවේ සුදු රෝස මල් රවුමක් දාගෙන හිටිය. වටේම කළුවර උනාම මගේ අත ඇරලා ගවුම දෙපැත්තෙන් පොඩ්ඩක් උස්සගෙන ඉස්සරහට දුවගෙන ගිහින් නැති වෙලා ගීය මමත් එය පස්සේ දුවන්න් උත්සාහ කරත් කකුල් ලොක් වෙලා වගේ දුව ගන්න බෑ වටේම කළුවර ඊට පස්සේ මම කරපු වැරදි වැඩ පෙන්න ගත්ත පොඩි කලේ ඉස්කෝලේ ළමයෙක්ට ගහපු සින් එකක්, ඉස්කෝලේ තාප්පෙන් පනිනවා, දහම් පාසල් ගිහින් කරපු වැඩ, පන්ති කට් කරලා ෆිල්ම් හෝල් එකේ වැලක් බලන්න ගියපු එකක්,කැම්පස් උන් එක්ක සෙට් වෙලා බොනවා ගංජා ගහනවා, කැසිනෝ ගහන්න ගියපු එකක්, බඩු සින් මම අපායට යනවා වගේ දැනෙන්න ගත්ත බයට වෙව්ලන්න වගේ එද්දී කරණිය මෙත්ත සුත්‍රය බයටම වගේ කියවුනා. එකේ 2ක් 3ක් කියා වෙද්දීම හොටෙල් එකේ උන් යකඩ පලු දෙකක් දාල දොර ඇරිය එතකොට නිකක් රික්තකයක් ඇතුලට සිතල හුලන් එනවා වගේ දැනුන. කට වහන්න අරින්න බෑ ඇලෙනවා, ඇගිලි ඔක්කොම සිතල වෙලා.යාලුවෝ ටිකත් එතනට ඇවිත් ලිෆ්ට් එක හරියට ෆලෝ එකට සෙට් වෙලා නෑ අඩි 2ක් 3ක් යටින් අපේ උන් ටික වරෙන් වරෙන් කීවට හෙමින් හෙමින් ලගට අවේ. ඊට පස්සේ එකෙක් ඇත දීල ඇදල ගත්ත එලියට. මම ඔරලෝසුවේ වෙලාව බැලුව විනාඩි 20ක් ගිහින් අර ටික ඔක්කොම පෙනිලා තියෙන්නේ අන්තිම විනාඩි 5 ඇතුලත. අපේ උන්ටත් හිත ගන්න බැරි විදිහට මම සිංහලන් ඉංග්‍රීසියෙන් දෙකනම හෝටලේ උන්ට බැන්නලු. හොටෙල් එකේ කෙල්ලෙකුත් එතන හිටියලු. අපේ එකෙක් මාව ඇදගෙන ගිහින් පුලුවක වාඩිකරා චුට්ටක් වෙලා ශෝක් වෙලා වගේ හිටිය. ඊට පස්සේ අපේ උන්ට සින් එක කිව පිස්සුද බන් උබට නින්ද ගිහින් හීනයක් දැකල ඕක ඇතුලේ විනාඩි 80ක් හිටියත් මැරෙන්නේ නෑ වරෙන් ඔය මනස්ගාත මැකිලා යන්න බොන්න කිව. මට නම් ඒ හීනෙ ඇත්තටම උනා වගේ කියලමයි අදට හිතෙන්නේ. උබලට කියන්න තියෙන්නේ ඔය වගේ සින් එකක් උනොත් කොහොම හරි මතක් කරලා කරණිය මෙත්ත සුත්‍රය කියන්න
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා

    :lol::lol: