EMINƎM;23276907 said:නෑ මන් ඇහුවේ උබ ගහන ගංජා ජාතිය
ganja gahala newei yako panne

EMINƎM;23276907 said:නෑ මන් ඇහුවේ උබ ගහන ගංජා ජාතිය

මේක වෙලා තියෙන්නෙ කාටද? අපේ නෑදෑ නංගි කෙනෙක් මට කීව කතාවක්.එයා හීනෙන් දැකල තියන එකක්.එ් නංගි සම්පූර්ණ සුදුපාට අැදුමක් අැදගෙන සුදුපාට එලියක් තියන දිහාවකට අැවිදගෙන ගියාලු.එ් එලිය තියන තැනින් කඩහඩක් අැහුනලු.එ් කටහඩ මෙයාට එන්න කියල අඩගැහුවලු.ඉන්පස්සෙ මෙයාට අැහැරිලා තියනව.එයා කියන්නෙ එ්ක හීනයක් කියන්නත් බෑ අැත්තම සිද්දියක් වගේ කියනව.මේ අත්දැකීම තියන කවුරුහරි ඉන්නවද?


හරිම පුදුමයි නේද බං,මටත් ඔහොම සිද්දියක් උනා. මීට අවුරුදු දෙක තුනකට කලින් අපි යාළුවො සෙට් එකක් තවත් යාළුවෙක්ගේ තේ වත්තක තිබුන බංගලාවකට ගියා, වත්ත තිබුනේ දෙනියාය පැත්තට වෙන්න. වත්ත පහල දොළකුත් තිබුනා. ඒකේ නාන්නත් යන්න ප්ලෑන් කරලා තිබුනේ. කොහොම හරි අපි වත්තට යනකොට දවල් උනා. ඉතින් එහෙමම නාන්න අර දොළට යමු කියලා කට්ටිය කතා උනා. ඒ දොළ ගැන කියලා වැඩක් නෑ මචන්ලා, පට්ටම ලස්සන තැනක්. ඉතින් කට්ටිය එකා දෙන්නා දොළටත් බැස්සා. පීනන්න පුළුවන් උන් දොලේ ඈතට ගැඹුරු හරියටත් ගියා. ඒ හරියේ ලොකු ගලක් තිබුනා. ඉතින් අපේ උන් පොඩ්ඩක් පිනලා අර ගල උඩට යනවා හාන්සියක් හෙම දාලා සෙල්ෆියක් හෙම ගන්න. මට ඒ වෙනකොට පීනන්න බෑ. ඒ නිසා මං නම් ගැඹුරු නැති හරියක තමයි ජල ක්රීඩාවේ යෙදුනේ. ඔහොම ඉන්න අතරේ කොළුකම ඔලුවට ගහලා මමත් හෙමීට හෙමීට අර ගල දිහාට යන්න ට්රයි කරා. ගල දිහාට යන්න යන්න දැන් වතුර මට්ටමත් වැඩි වෙනවා. ඔහොම යනකොට එක තැනක් පහු කරාට පස්සේ මට දැනුනා වතුර පාරත් එක්කම මං අර ගැඹුරු දිහාට ඇදෙනවා වගේ. හිතට ආපු භයටත් එක්ක මං පොඩ්ඩක් දැගලුවා. හැබැයි අපේ උන් හිතුවේ මං උන්ට ආතල් එකක් දෙනවා කියලා. ඒ නිසා එකෙක්වත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ ක්ෂණයකින්ම මාව වතුරෙ යට ගියා. වේලාවක් කියන්න බෑ, හැබැයි ඒ ගමන්ම මං උඩට ආවාත් ආපු යට ගියා. අන්න එතකොට තමයි, මගේ පොඩි කාලේ ඉඳලා මම මූණ දුන්න අත්දැකීම් මගේ ඇස් ඉස්සරහා පිට නිකන් ෆ්ලෑශ් වෙන්න ගත්තා. මගේ මතකෙ වත් තිබුනෙ නැති සමහර සිද්දි. ඊට පස්සේ මගේ අම්මගේ, තාත්තගෙයි මූණු දෙකත් ෆ්ලෑශ් උනා. අයියලා දෙන්නගේ මූණු පෙනුනද කියල නම් මට දැන් මතක නෑ. ඊට පස්සේ සමහර යාළුවන් එක්කත් මූණ දුන්න අත්දැකීමුත් මට ෆ්ලෑෂ් උනා. ඊට පස්සේ තමයි අමුතුම දේ සිද්ධ උනේ. මගේ හොඳම යාළුවෙක්ගේ කෙල්ලගේ මූණත් මං දැක්කා නේ. මට තාම හිතා ගන්න බෑ ඇයි මට ඒ කෙල්ලගේ මූණ එහෙම පෙනුනේ එහෙම නැත්තන් මතක් උනේ කියලා. ඒ කෙල්ල ගැන මගේ හිතේ කිසිම ලව් අදහසක්වත් තිබුනේ නෑ. ඒක නම් මට හොඳටම ෂුවර්. කොහොම උනත් ඒ කෙල්ලගේ මූණත් මට පෙනුනා. මේ ඔක්කොම දේවල් වෙන්න වැඩිම උනොත් තත්පර පහක් දහයක් යන්න ඇති. ඒ කියන්නේ මං වතුර යට හිටපු ඒ තත්පර ගානට තමයි ඒ ඔක්කොම දේවල් මගේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් උනේ. ඊට පස්සේ මං ආයිමත් වතුර උඩට ආවා. අන්න එතකොට තමයි අර මං කලින් කිව්ව ගල උඩ ඉඳපු මගේ යාළුවෙක් මං දිහාට දිග මකුලත කෝට්ටක් දික් කරේ. කොහොම හරි ඒ දෙවනි පාර වතුර උඩට ආපු වේලාවේ මගේ වාසනාවටද කොහෙද මට ඒ කෝට්ට අල්ල ගන්න පුළුවන් උනා. ඊට පස්සේ යාළුවා මාව ඇදලා ගල දිහාට ගත්තා. මං විනාඩි දහයක් විතර යනකන් ෂොක් වෙලා වගේ ගල බදන් හිටියේ. ඔය සිද්ධිය නිසාම මං අදටත් විශ්වාස කරනවා අපි මැරෙන්න යන මොහොතේ අපේ මුළු ජීවිත කතාවම අපේ ඇස් ඉස්සරහා ෆ්ලෑශ් වෙනවා කියලා. මං කියන්නේ ක්ෂණික මරණයකදි නෙමෙයි, පණ ඇදලා හරි ටික වේලාවක් ගිහින් හරි සිද්ධ වෙන මරණයකදි වගේ. එදා ඒ දොළෙදි මං දෙවනි පාර වතුරෙන් උඩට ආපු වේලාවේ, මගේ යාළුවා අර කෝට්ට දික් කරලා මාව ඇදලා ගත්තේ නැත්තන්, මං තුන් වෙනි සැරේටත් ගිලෙනවා. ඒ තුන්වෙනි පාර ගිලුන නම් මං මැරෙන්න තිබුනා. ඒක ෂුවර්. එදා ඒ සිද්ධියෙන් පස්සේ, මට ඒ වෙනකල් මතක තිබුනේ නැති පොඩි කාලේ සමහර අත්දැකීම් මට මතක් උනා. මං අපේ අම්මට ඒවා මතක් කරලා දෙනකොට, අම්මා පුදුම වෙනවා ඒ තරම් පොඩි කාලේ සිද්ධ උන දේවල් details එක්කම මං කියන එක ගැන. මට අදටත් හිතා ගන්න බැරි මට අර කෙල්ලගේ මූණ මැවිලා පෙනුනේ මොන හේතුවක් නිසාද කියන එක.![]()
නුවර තරු 5 හෝටලයක ලිෆ්ට් එකෙක් විනාඩි 20ක් හිරවෙලා හිටිය.
A\L කරන කලේ කාර් එකක 140 විතර යද්දී w810 phone 1කකින් video කරන් යද්දී. බස් එකකුයි ලොරියකුයි මැදින් ගියා බ්රේක් ගහ ගන්න ටයිම් නැතිව 99.9 දෙකේම ගෑවී නොගෑවී ගියා.(අක්සිලේටරෙන් කකුල අරන් බ්රේක් එකේ තියන්නත් ගිහින් අය අක්සිලේරටේම තියල පෑගුවා, වෙලාවට ඒ වෙලාවේ බ්රේක් පගුනා නම් ස්ක්ප් කරලා වාහන 2න් එකක වදිනවා කුඩු වෙන්න ) 3km 4km ගිහින් නවත්තල බලද්දී කලිසමේ චුත් ගිහිං. වාහනේ එලව ගන්න අමතක වෙලා වගේ විනාඩි ගානක් නැවතිලා හිටිය, වාහන දෙකේ හිටපු උන් ජාතිය අමතන්න ඇති, ඉස්සරහට ආව බස් එකේ ඩ්රයිවර් ගේ මුණ තාමත් මතකයි. ඒ කලේ එළකිරියේ දැම්ම අවුරුදු 10කට විතර කලින්. එද යින් පස්සේ 100 වඩා ගිහින් නෑ.
මට නන් වෙලා තියෙනවා තුන්පාරක් විතර, පැනික් ඇටෑක් ඇවිල්ලා මරණාසන්න වෙන්නම ගියා පපුව ගැහෙන එක නවතින්න ගත්තා ඔළුවා හිරි වැටිලා, හුස්මගන්න බැරි වුණා මට එවලේ මතක් වුණේ ෆෝන් එකේ තිබ්න වැල් ටික අම්මපා ,මට දැනුත් ඒ සිද්ධිය මතක් වෙනකොට දාඩිය දානවා

