කණ ඇතුලේ "කීං" ගාන සද්දය?? (Ringing in ear)

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කණ ඇතුලේ "කීං" ගාන සද්දය?? (Ringing in ear)

    දවසේ වැඩ කටයුතු කර කර ඉන්න අතරතුර එක පාරටම කන ඇතුලෙන් ‘‘කීං’’ ගාල සද්දයක් ඇහෙනවද? එක පාරට සද්දය වැඩියෙන් ඇහිලා හිමිහිට සද්දෙ අඩුවෙලා යනවද? :oo::oo:

    මේක වැඩියම අවධානයට ලක් නොවෙන දෙයක් නිසා ඒක මොකද්ද කියල දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක Internet එකෙන් සොයාගත්ත විස්තර ටිකක් දාන්න කල්පනා කලා. :)

    ඒක බාහිර පරිසරයෙන් එන ශබ්දයක් නෙවෙයි. කණ ඇතුලින් ම ඇහෙන ශබ්දයක්. මෙය ගොඩ දෙනෙක්ට ඇතිවෙන සුලබ තත්වයක්. 10% ක් 15% ක් පමණ පිරිස මෙය තරමක් වැඩියෙන් අත් විඳින්නට ඉඩ තියෙනව. :(

    මේ තත්වයට ‘‘කණ ඇතුලේ නාදවනවා’’,‘‘කණ කුරුකුරු ගානවා’’ කියල සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනව. මේක රෝගයක් නෙවෙයි. නමුත් රෝග ලක්ෂණයක් විය හැකියි. මෙය Ringing in ear ලෙස නැත්නම් Tinnitus කියල හඳුන්වනව.

    මේක වැඩි දෙනෙක්ට ක්‍ෂණිකව ඇහිල තත්පර ගාණක් තුල හිමින් හිමින් අඩුවෙලා ගිහිං සාමාන්‍ය තත්වයට පත්වෙනව. ඒ වගේම ඉතාම කලාතුරකින් තමයි ගොඩ දෙනෙක්ට මේක දැනෙන්නෙ. කුඩා කාලයේ සිටම විවිධ අවස්ථාවලදි මේවා ඇහිච්ච අය මේ කිරියෙත් ඉන්න පුළුවන්. :yes:

    ඒක ඇහෙන්නෙ තමන්ට විතරයි. පිට කාටවත් ඒක දැනගන්න විදිහක් නැහැ. :no:

    පොදුවේ ගත්තම මේ ශබ්දය ''කීං'' ගාන ශබ්දය වැඩි දෙනෙක්ට ඇහුනත් ඒ ශබ්දය සමහර අයට ඝෝෂාකාරී, ඝංඨාර නාද, ගර්ජනා කිරීම, විසිල් කිරීම වගේ ඇහෙනවා නම්, ඇසීමේ ගැටළු සම්බන්ධ ලක්ෂණයක් වීමට බොහෝ ඉඩ තියෙනව. සමහර අයට විවිධ අවස්ථා වල සංකීර්ණ ශබ්ද ඇහෙන්නට පුළුවන්.:shocked:

    සාමාන්‍ය පරිසරයේ ශබ්ද එක්ක වෙන් කරල අඳුනගන්න බැරි ඒවත් ඒ අතර තියෙන්න පුළුවන්. මේවා වැඩියෙන් අවධානයට ලක්වෙන්නෙ නිහඬ බාහිර ශබ්ද අඩු ස්ථානවලදියි. ඕක ගැන යම්තමින් වත් නොදන්න කෙනෙක්.... තනියම සොහොනක් ගාවින් යද්දි සද්දයක් ඇහෙනව වගේ දැනුනොත් කොහොමට හිටීවිද? :shocked: එහෙම ඇහිල බලල කවුරුත් නෑ හොල්මන් කියල බයවෙලා දුවපු අයත් ඕනෙ තරම් ඇති. :sorry: එහෙම අයත් මේ වගේ තත්වයක් තමන්ගේ කණ ඇතුලෙ ඇතිවිය හැකි බව දැනගෙන සිටීම වැදගත්. :yes::yes:

    සමහර අයට කරදරයක් වෙන තරමට මේවා ඇහනේනත් ඉඩ තියෙනව.ඒ කියන්නෙ මේ කණ ඇතුලෙ ඇහෙන ශබ්දය එක එක්කෙනාට වෙනස්.

    Tinnitus කියන මේ තත්වය ඇතිවෙන්නේ... ශබ්දයේ ක්‍රියාවලිය සිදුවීම සඳහා වගකිය යුතු මොළයේ කොටසක් වන ශ්‍රවණ බාහිකයේ (auditory cortex) අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් නිසා ඇතිවන බව කියයි. මෙම අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය වර්ධනය වන ආකාරය වෛද්‍යවරුන් විසින් සම්පූර්ණයෙන්ම වටහාගෙන නැහැ. :no:

    W0911b-1.jpg


    කණේ කුහරය දිගේ එන ශබ්ද තරංග කණ හරහා අභ්‍යන්තර කණ මැදට ගමන් කරන අතර Cochlea යන කොටසේ ඇති කේශ සෛල, ශබ්ද තරංග නියුරෝන සංඥා බවට පත් කරවන අතර එමගින් ශ්‍රවණ ස්නායු (auditory nerve) හරහා ශබ්ද සංඥා මොළයේ ශ්‍රවණ බාහිකයට ගමන් කරනව. මෙන්න මේ Cochlea යන කොටසේ ඇති කේශ සෛල යම් හේතුවකින් කැඩී ඇත්නම්... මොළය බලාපොරොත්තුවෙන සංඥාව ලැබෙන්නෙ නැහැ. මේ තත්වය මත කණ ඇතුලේ අසාමාන්‍ය ශබ්ද තත්වයන් ඇති කරවන්නට හේතු විය හැකියි.

    Header-Cures-For-Tinnitus.jpg

    මෙය බරපතල ලෙස ඇතිවීමට බලපෑ හැකි හේතු කීපයක් කියා තියෙනව.


    • අධික ශබ්දයට වැඩි කාලයක් නිරාවරණය වීම (කම්හල්වල, විශාල එන්ජින් අසල, අධි ධාරිතාවයකින් යුතු බෆල් අසල සිට සංගීතය ඇසීම සහ Headset භාවිතා කර ශබ්දය වැඩි කර ඇසීම.) :baffled:

    • වයසට යෑම (කුඩා අයටත් මෙය සිදුවිය හැකි නිසා එය වයසට යෑම හේතුවක් ලෙස ගන්න බැහැ)

    • භාවිතා කරන සමහර මත්ද්‍රව්‍ය නිසා කණට සිහින් ව සිදුවන හානි :shocked:
    මේක කොහොමද බලපාන්නෙ කියල එක පාරට හිතෙන්න පුළුවන්. ශරීරයේ සමබරතාවය පවත්වාගන්න අභ්‍යන්තර කණ ආශ්‍රිත vestibular system යන කොටස හේතුවන අතර මත්ද්‍රව්‍ය වලින් සෘජුවම ඒකට බලපෑම ඇතිවෙනව. වෙරි වෙලා වැනෙනන්නෙ ඔය සීන් එකට තමයි. :yes: එතකොට හිතාගත්තැකිනෙ මත්ද්‍රව්‍ය නිසා වෙන්න පුළුවන් හානිය. Alcohol විතරක් නෙමෙයි අනිත් හැම ජාතියකම මත් ද්‍රව්‍ය වලින් හානියක් සිදුවෙන්න පුලුවන්.
    තව කියනව කණ මැද ආසාදන තත්වයන් නිසා, වෙනත් අසාමාන්‍ය තත්වයන් මත කණ අවහිර වීම නිසා වගේ දේවල්.
    the-vestibular-system-5-638.jpg


    තවත් හේතු තියෙන්න පුළුවන්. මේවා දළ වශයෙන්.... තව හො‍ඳට හොයා බලන්න වැඩි දුර කරුණු.

    වැඩියෙන් මේ ප්‍රශ්නය ඇතිවෙන අයට කියන මූලිකම උපදේශය තමයි... නිතර කණේ ප්‍රශ්න ඇතිවෙනව නම් මත්ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම. (ඕක නවත්තන්න කිව්වට කරන උන් ඉන්නව නම් කොච්චර ෂෝක් ද නේද? :rolleyes::rolleyes:)

    මත්ද්‍රව්‍ය නොගන්න අයටත් මේවා හැදෙන්න පුළුවන්. නමුත් කලාතුරකින් වාරයක් කණ ඇතුලෙ ''කීං'' ගෑවට බය වෙන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍යයි.:sorry: ඒක අසාමාන්‍ය විදිහට ඇහෙන්න ගන්නව වගේ තේරෙනව නම්... වෛද්‍යවරයෙක් වෙත යන එක වඩාත් සුදුසුයි කියල කියනව. :yes:

    Tinnitus තියෙන අය ඉන්නව නම් මේ විස්තරෙන් යම් උදව්වක් වෙයි කියල හිතනව. දැනුමක් එකතු වුනා කියල සිතෙනව නම් සතුටුයි... :):)
     
    Last edited: