බැහැරක්

20_18

Member
Feb 27, 2018
1,297
45
0
බැහැරක් යනව කියන්නෙ මොකක්ද?

නියම සිංහල තේරුම කියල දෙන්ඩ බලන්ඩ :)
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම වචනයක් තියෙනව කියල දන්නව
    ඒක පාවිච්චි කරන්න පුලුවන් අවස්ථා දන්නව
    ඒත් තේරුමක් දන්නෑ :sorry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගම් වල ඔය ආච්චිලා සීයල දෙන්නෙක් මුනට මුණ ගැහුණම
    ආ සිමියොන් අය්යෙ.. බෑරක්ද? කියල අහනව.. තේරුම තමයි කොහෙද යන්නෙ කියල. දුර බැහැරක යනවද කියල අහන එක කෙටි කරල තමා අහන්නෙ.
     
    • Like
    Reactions: බෙන් 10

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පෝරිසාදයා;23368219 said:
    ගම් වල ඔය ආච්චිලා සීයල දෙන්නෙක් මුනට මුණ ගැහුණම
    ආ සිමියොන් අය්යෙ.. බෑරක්ද? කියල අහනව.. තේරුම තමයි කොහෙද යන්නෙ කියල. දුර බැහැරක යනවද කියල අහන එක කෙටි කරල තමා අහන්නෙ.

    :yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දුර ගමනක් යනවා කියල....

    පෝරිසාදයා;23368219 said:
    ගම් වල ඔය ආච්චිලා සීයල දෙන්නෙක් මුනට මුණ ගැහුණම
    ආ සිමියොන් අය්යෙ.. බෑරක්ද? කියල අහනව.. තේරුම තමයි කොහෙද යන්නෙ කියල. දුර බැහැරක යනවද කියල අහන එක කෙටි කරල තමා අහන්නෙ.

    ළඟකට යන ඒවට කියන්ඩ බැරිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    යන්නෙ කොහෙටද කියලා දැනගන්න ඕන අයට කෙලින්ම අහන්නෙ නැතුව අහන විදිහ තමයි ඕක.
     
    • Like
    Reactions: 20_18

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    යන්නෙ කොහෙටද කියලා දැනගන්න ඕන අයට කෙලින්ම අහන්නෙ නැතුව අහන විදිහ තමයි ඕක.

    එතකොට බෑරක්ද කිව්වම, ඔව් කියල හරියන්නෙ නැද්ද :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    එතකොට බෑරක්ද කිව්වම, ඔව් කියල හරියන්නෙ නැද්ද :rolleyes:

    ඉස්සර අපේ ආච්චිත් මගෙන් ඔහොම අහනවා. මට ඔය බාසාව තේරෙන්නේ නෑ. මම මුලින් මුලින් ඔව් කිව්වා. ඊට පස්සෙ සීන් එක තේරුනා. හැබැයි කැරි කමටත් එක්ක ඔව් කියලා තමයි උත්තර දුන්නෙ. ආච්චිට මීටර් උන දා ඉඳන් මළ පැනලා හොඳටම බනිනවා. එදා තමයි මට තේරුනේ මේ වචනෙ කොහෙද යන්නෙ කියන වචනෙට සමාන වචනයක්ම නෙවේ. යන තැන ගැන විස්තරයක් තමයි මෙහෙම අහන කෙනා බලාපොරොත්තු වෙන්නෙ. හැබැයි අහන්නෙ බොහොම පලයිට් විදිහට. උබ ඔව් කියලා උත්තර දුන්නොත් ඒ අහන කෙනාගේ ප්‍රශ්නෙට 100% උත්තරේ ලැබෙන්නේ නෑ. යන තැන කියලයි උත්තර දෙන්න ඕන.
     
    :cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සාමාන්‍යයෙන් ගමේ මිනිස්සු තමන්ගේ ගමෙන් පිටට යන්නේ කලාතුරකින්....
    ටිකක් ජයට ඇඳගෙන එළියට බැහැල යන කොට මිනිස්සු හිතනවා ඒ මිනිහා ගමෙන් බැහැරට (එළියට) යනවා කියල.... ඒ නිසා තමයි බැහැරක් ද? බෑරක්ද? කියල අහන්නේ... (මම දන්න විදියට :nerd:)
     
    • Like
    Reactions: 20_18