පෝරිසාදයා;23368219 said:ගම් වල ඔය ආච්චිලා සීයල දෙන්නෙක් මුනට මුණ ගැහුණම
ආ සිමියොන් අය්යෙ.. බෑරක්ද? කියල අහනව.. තේරුම තමයි කොහෙද යන්නෙ කියල. දුර බැහැරක යනවද කියල අහන එක කෙටි කරල තමා අහන්නෙ.

දුර ගමනක් යනවා කියල....
පෝරිසාදයා;23368219 said:ගම් වල ඔය ආච්චිලා සීයල දෙන්නෙක් මුනට මුණ ගැහුණම
ආ සිමියොන් අය්යෙ.. බෑරක්ද? කියල අහනව.. තේරුම තමයි කොහෙද යන්නෙ කියල. දුර බැහැරක යනවද කියල අහන එක කෙටි කරල තමා අහන්නෙ.
ළඟකට යන ඒවට කියන්ඩ බැරිද?
pradeshiya wyawaharayak neda bn
gamanak ynawa kiyana ekata
යන්නෙ කොහෙටද කියලා දැනගන්න ඕන අයට කෙලින්ම අහන්නෙ නැතුව අහන විදිහ තමයි ඕක.

එතකොට බෑරක්ද කිව්වම, ඔව් කියල හරියන්නෙ නැද්ද![]()
ඉස්සර අපේ ආච්චිත් මගෙන් ඔහොම අහනවා. මට ඔය බාසාව තේරෙන්නේ නෑ. මම මුලින් මුලින් ඔව් කිව්වා. ඊට පස්සෙ සීන් එක තේරුනා. හැබැයි කැරි කමටත් එක්ක ඔව් කියලා තමයි උත්තර දුන්නෙ. ආච්චිට මීටර් උන දා ඉඳන් මළ පැනලා හොඳටම බනිනවා. එදා තමයි මට තේරුනේ මේ වචනෙ කොහෙද යන්නෙ කියන වචනෙට සමාන වචනයක්ම නෙවේ. යන තැන ගැන විස්තරයක් තමයි මෙහෙම අහන කෙනා බලාපොරොත්තු වෙන්නෙ. හැබැයි අහන්නෙ බොහොම පලයිට් විදිහට. උබ ඔව් කියලා උත්තර දුන්නොත් ඒ අහන කෙනාගේ ප්රශ්නෙට 100% උත්තරේ ලැබෙන්නේ නෑ. යන තැන කියලයි උත්තර දෙන්න ඕන.