මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් වන මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබේ.
ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම LRT සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිව යන්නකි.
කොළඹ රථවාහන තද බදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනු ලබන අතර මෙමඟින් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය සියයට 60 දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර සිටී.
මෙම මාර්ගය නිම කිරීමෙන් පසු, මාළඹේ සිට කොළඹ කොටුවට හෝ මාළඹේ සිට කොල්ලුපිටිය දක්වා යාමට ගත වන කාලය විනාඩි 30 කටත් වඩා අඩු වන බව වාර්තා වේ.
මෙම වසර අවසානයේ දී මෙකී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර 2023 වසරේ දී එය අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
ඉහතින් දැක්වෙන්නේ මාළඹේ සිට දිවෙන සැහැල්ලු දුම්රියේ ප්‍රතිරූපක වීඩියෝවකි.
Last edited:




යකඩ බාර් ටිකක් ගහල ඒක උඩ කෝච්චි පාරක් හදන්න ඔච්චර කල් යනවද 
