The Colombo Light Rail Transit System Malabe to colombo

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113

    මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් වන මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබේ.

    ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම LRT සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිව යන්නකි.

    කොළඹ රථවාහන තද බදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනු ලබන අතර මෙමඟින් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය සියයට 60 දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර සිටී.

    මෙම මාර්ගය නිම කිරීමෙන් පසු, මාළඹේ සිට කොළඹ කොටුවට හෝ මාළඹේ සිට කොල්ලුපිටිය දක්වා යාමට ගත වන කාලය විනාඩි 30 කටත් වඩා අඩු වන බව වාර්තා වේ.

    මෙම වසර අවසානයේ දී මෙකී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර 2023 වසරේ දී එය අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

    ඉහතින් දැක්වෙන්නේ මාළඹේ සිට දිවෙන සැහැල්ලු දුම්රියේ ප්‍රතිරූපක වීඩියෝවකි.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අපේ උන් ඔහොම දොර වැහෙන්න දීල ඉදගෙනම යයි .:rofl::rofl::rofl: ඕකෙත් වහලෙ උඩ ඉදං යයි . ජපානෙ නම් වෙනම උන් තියල තියනව ඇතුලට තල්ලු කරල චප්ප කරල කොහොම හරි දොර වහන්න :D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවා හදලා ප්‍රයිවට් සෙක්ටර් එකටම දෙන්න ඕන
    රජයෙන් කලොත් සර්විස් එක පජාත වෙනවා අවුරුද්දක් යන්න කලින්...
    රනිල් 2020න් පස්සෙත් හිටියොත් නම් ඉතින් කෙලින්ම වෙන රටකට බදු දෙයි
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    අපේ උන් ඔහොම දොර වැහෙන්න දීල ඉදගෙනම යයි .:rofl::rofl::rofl: ඕකෙත් වහලෙ උඩ ඉදං යයි . ජපානෙ නම් වෙනම උන් තියල තියනව ඇතුලට තල්ලු කරල චප්ප කරල කොහොම හරි දොර වහන්න :D:D:D

    Maradanata 4.30 giyama balanna puluwan ganu saree ussan kochiya nawattha kalin athulata paninne :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2023 :angry: යකඩ බාර් ටිකක් ගහල ඒක උඩ කෝච්චි පාරක් හදන්න ඔච්චර කල් යනවද :angry:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,836
    3,220
    113
    Malabe
    ඕවා හදලා ප්‍රයිවට් සෙක්ටර් එකටම දෙන්න ඕන
    රජයෙන් කලොත් සර්විස් එක පජාත වෙනවා අවුරුද්දක් යන්න කලින්...
    රනිල් 2020න් පස්සෙත් හිටියොත් නම් ඉතින් කෙලින්ම වෙන රටකට බදු දෙයි
    :rofl::rofl::rofl::rofl::rofl:

    Private bus kaarayonge level ekata vetunoth kapothi.
    6.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕවා හදලා ප්‍රයිවට් සෙක්ටර් එකටම දෙන්න ඕන
    රජයෙන් කලොත් සර්විස් එක පජාත වෙනවා අවුරුද්දක් යන්න කලින්...
    රනිල් 2020න් පස්සෙත් හිටියොත් නම් ඉතින් කෙලින්ම වෙන රටකට බදු දෙයි
    :rofl::rofl::rofl::rofl::rofl:

    ජපන්නු වගේ වෙන්න යන්න ඕන්නෑ බං අපේ උන්ට මේ කපේට එහෙම වෙන්නත් බෑ. එච්චර ලස්සන ඕන්නෑ තහඩු කෑලි ගොඩක හරි ඉක්මනට යන්න තිබිල පාරෙ තදබදේ අඩු වුනොත් ඇති බං. කැත වුනාට ප්‍රශ්නයක් නෑ. ලංකාවෙ උන්ගෙ ක්‍රියාකලාපෙ හැටියට කොහොමත් බොරුවට ලස්සන කල්ල වැඩකුත් නෑ.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අපේ අංකල්ලගෙ ඉඩමුත් යනව. අපරාදෙ.. බත්තරමුල්ල ට්‍රැෆික්ලයිට් එක පහල තියෙන වලේ කඩේ. මිනිස්සුන්ට හොඳ බස් ටිකක් දුන්නා නම් ඇතිනෙ. අපේ මිනිස්සුන්ට ඕවා ගැලපෙන්නෙ නැහැ. ඕවැයෙත් බුතල් කෙල ගහල, හූරලා අයිලව්යූ කෑලි ලියලා, සීට් ඉරලා තියේවි. යූඩීඒ එකෙන් තියල තිබ්බ රැස්වීමක් යනවයි කිව්ව මාසයකට විතර කලින් මොනව උනාද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ අංකල්ලගෙ ඉඩමුත් යනව. අපරාදෙ.. බත්තරමුල්ල ට්‍රැෆික්ලයිට් එක පහල තියෙන වලේ කඩේ. මිනිස්සුන්ට හොඳ බස් ටිකක් දුන්නා නම් ඇතිනෙ. අපේ මිනිස්සුන්ට ඕවා ගැලපෙන්නෙ නැහැ. ඕවැයෙත් බුතල් කෙල ගහල, හූරලා අයිලව්යූ කෑලි ලියලා, සීට් ඉරලා තියේවි. යූඩීඒ එකෙන් තියල තිබ්බ රැස්වීමක් යනවයි කිව්ව මාසයකට විතර කලින් මොනව උනාද දන්නෙ නෑ.

    ඉතිං ප්ලාස්ටික් පුටු දානව කුශන් කරන්නැතුව ඉවරයිනෙ :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ අංකල්ලගෙ ඉඩමුත් යනව. අපරාදෙ.. බත්තරමුල්ල ට්‍රැෆික්ලයිට් එක පහල තියෙන වලේ කඩේ. මිනිස්සුන්ට හොඳ බස් ටිකක් දුන්නා නම් ඇතිනෙ. අපේ මිනිස්සුන්ට ඕවා ගැලපෙන්නෙ නැහැ. ඕවැයෙත් බුතල් කෙල ගහල, හූරලා අයිලව්යූ කෑලි ලියලා, සීට් ඉරලා තියේවි. යූඩීඒ එකෙන් තියල තිබ්බ රැස්වීමක් යනවයි කිව්ව මාසයකට විතර කලින් මොනව උනාද දන්නෙ නෑ.

    වල ඇතුලේ තියෙන කෑම කඩේද බන්
    ෆාතිමාගේ කඩේට නම් හොද වැඩේ. ඒක කඩලා තිබ්බා නේද
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Private bus kaarayonge level ekata vetunoth kapothi.
    6.gif

    ප්‍රයිවට් සෙක්ටර් කිව්වේ ප්‍රයිවට් බස් වගේ එක එකා නෙමෙයි බන්
    ඔය දැන් අබාන්ස් එකෙන් දාලා පාර ක්ලීන් කරන්නේ ඒ වගේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොඳ අදහසක්..
    සිංගප්පූරුවෙ, බැංකොක් එහෙම තදබදය, අඩුකරලා ඉක්මනට යන්න හදලා තියෙන්නේ මේ වගේ දේවල්..
    මේවත් කල් නොයා හදලා ඉවර කරනව නම් තමයි හොද..
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    okath hoda commision parak ehema gahala patta cha widiyata karawi. ara rajagiriye guwan palama wage. palama udath traffic, yatath traffic. aparade salli
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්සාවැගන් දුන්න වගේ මොනෝ රේලුත් අපේ වික්කාමසිංහ මහත්තය දෙන බව විශ්වාසයි :rofl: