ධනුෂ්ක ගුණතිලකටත් තරඟ තහනම් වුනේ ඇයි?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ධනුෂ්ක ගුණතිලකටත් තරඟ තහනම් වුනේ ඇයි?

    ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ද වන ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරඟ තහනමක් පැනවීමට ශ්‍රීි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙමින් තිබෙන දෙවැනි ටෙස්ට් තරඟයෙන් පසු එය ක්‍රීයාත්මකවීමට නියමිතය.

    ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලට අනුව ධනුෂ්ක ගුණතිලකට වසරක තරඟ තහනමක් පැනවීමේ අවදානමක් පවතින බව වාර්තා වන අතර එයට පදනම් වී ඇත්තේ විදේශීය කාන්තාවන් දෙදෙනෙක් විසින් ගුවන් තොටුපල පොලීසියට කරන ලද පැමිණිල්ලක් විභාගවීමේදී මතුවූ සාක්ෂි මත බවයි.

    දෙවැනි ටෙස්ට් තරඟයෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට මෙන්ම නීති සහ විනය කරුණු ඇතුලත් කොන්දේසි ගණනාවකට එකඟවීමට ක්‍රීඩකයෙක්ට සිදුවේ. එවැනි විනයානුකූල කරුණු බිඳවැටීමකදී එයට එරෙහිව දැඩි පියවර ගැනීමට ක්‍රිකට් ආයතනයට සිදුවන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද අදාල පරීක්ෂණ සහ පියවර පිළිබඳ අවධානයෙන් පසුවීමද එක් හේතුවකි.

    ධනුෂ්ක ගුණතිලකට මෙවැනි තරඟ තහනම් සම්බන්ධයෙන් ඉතිහාසයක්ද පවතින අතර මෑත කාලීනව සිදුවීම් කීපයක් නිසාම ඔහුට විවිධ ආකාරයේ දඬුවම් හිමිවිය. දක්ෂ ක්‍රීඩකයෙක් වූවද ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික විනය නීති උල්ලංඝනය කිරීම නිසා ඔහුට විවිද දඬුවම් වලට මුහුන දෙන්නට විය.

    බංගලාදේශය සමග පැවති තරඟාවලියේදී තමීම් ඉක්බාල්ට වාග් බලපෑම් කිරීම හේතුවෙන් තරඟ මුදලින් දඩයක් අයකරගැනීමට කටයුතු කල අතර, ඊට පෙර පැවති ඉන්දියාව සමග තරඟාවලියේදී වරක් තරඟ හයක තහනමක් ධනුෂ්කට එරෙහිව ක්‍රියාත්මක විය. එසේම පුහුණුවීම් වලට සහභාගී නොවීම සහ පුහුණු උපකරණ නොමැතිව පුහුණුවට සහභාගීවිය නොහැකි ආකාරයෙන් පැමීණීම මතද දඬුවම් සේම අවස්ථා ගණනාවකදීම ධනුෂ්ක ගුණතිලකට එරෙහිව අවවාද කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදි.

    නමුත් මෙවර වසරක තරඟ තහනමක් පැනවීම දක්වා බරපතල දඬුවමක් පැනවීමට නම් ධනුෂ්කගේ වරදද බරපතල මට්ටමේ එකක් විය යුතු බව උපකල්පනය කල හැකිය. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වැනි දැඩි නීති රීති සහිත ක්‍රීඩාවකදී විනය කරුණු සම්බන්ධයෙන් ඇත්තේ ඉතා ඉහළ ස්ථානයකි.

    පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ට ද වසරක ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවුනේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර විනය කඩකිරීමේ චෝදනාවට වරදකරුවීම නිසාවෙන්ය. බොහෝවිට විදෙස් සංචාර අතරතුර ක්‍රීඩකයන් රාත්‍රී කාලයේ සමාජ ශාලාවල ගතකිරීමේ චෝදනා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැඩිලෙස එල්ලවෙන අතර රාත්‍රී 10.30ට පෙර නවාතැනට වාර්තා නොකිරීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිවද චෝදනා එල්ලවිය.

    තරඟ පැවැත්වීමට පෙර දිනයේ හෝ පුහුණුවීම් වලට පෙර දිනයේ මෙලෙස සමාජ ශාලාවල සහ ප්‍රකට සුරූපිනියන් සමග ගතකිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යද ලංකාවේ ක්‍රීඩකයන්ට විවිධ චෝදනා එල්ල කර අතර පසුගිය සිදුවීම් ගණනාවකින් එම ගල්මුල් වලට හේතුවක් ඇති බවද අනාවරණය විය. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව දැනට පවතින චෝදනාවටද කාන්තාවන් දෙදෙනෙක් මුල්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චර්යාත්මක රටාව එන්න එන්නම පිරිහීමකට ලක්වෙන බවනම් පෙනෙන්නට ඇත.

    වරක් අර්ජුන රණතුංග කණ්ඩායමේ නායකයාව සිටියදී සිය සොයුරු සංජීව රණතුංග රාත්‍රියේ විනාඩි 10ක් ප්‍රමාදව නවාතැනට පැමිණීම නිසා ඊළඟ තරඟයට ඔහු සම්බන්ධ නොකරගන්නා ලෙස කණ්ඩායමේ කළමණාකරුගෙන් නායකයා ලෙස කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස සංජීවට තරඟයක් තහනම්වීම එකල සුවිශේෂී පුවතක් විය. අර්ජුනලාගේ එවැනි තද විනය රැකීමේ ප්‍රතිඵලයක් ලෙස 1996 ලෝක කුසලානය ජයගැනීමට ලංකාවට හැකිවිය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව හැදීමට පෙර විනයගරුක ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සිදුව ඇත.

    කොළඹ මහනාම විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ ක්‍රීඩකයෙක් වන ධනුෂ්ක ගුණතිලක එක්දින තරඟ 33 කදී ලකුණු 957ක් සහ විස්සයි විස්ස තරඟ 15කදී ලකුණු 310ක්ද ලබාගෙන ඇති අතර කාලයක් තිස්සේ අසාර්ථකව තිබූ දිමුත් කරුණාරත්නගේ අනිත් අන්තයට හොඳ විකල්පයක් ලෙස ධනුෂ්ක හැඳින්විය හැකිය.

    උපුටා ගැනිම - www.her.lk
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම නම් හිතන් නෑ ඕක රේප් කේස් එකක් කියලා,මොකද ඔහොම rape case එකක් වැටුන පළවෙනි කෙනා ධනුෂ්ක නෙවේ(ලංකාවෙ විතරක් නෙවේ).මෙච්චරකල් උන සිද්දි එක්ක බලද්දි ධනුෂ්කට උනෙත් මම හිතනවා වගේ දෙයක් කියලා මට හිතෙන්නෙ,සාමන්‍යෙන් dating apps , site තියෙන්නෙ දෙන්නෙක්ට හදුනගෙන date එකකට යන්න,උන් දෙන්නා date එකකට යන්න ඇති,දෙන්නම කැමැත්තෙන් sex කරන්න ඇති හැබැයි මුට හොදට සල්ලි තියනවා හොද ප්‍රසිද්දියක් තියන කෙනෙක් කියලා දන්න නිසා වැඩේ ඉවර වෙලා මුට නඩුවක් file කරා වෙන්න පුලුවන්,ලොකු වන්දියක් ඉල්ලුවා වෙන්න පුලුවන්(බහුතරයක් rape case එහෙමයි).කොහොමත් rape case එකකදි කෙල්ලගෙ පැත්තට judge අදිනවා ඒක කොහෙත් වෙනවා.මුට සාක්ශි තිබ්බොත් ගොඩ නැත්නම් බඩු හරි.ධනුෂ්කයත් මෝඩයි dating app එකකින් හම්බෙච්ච කෙල්ලෙක් එක්ක හම්බුන පළවෙනි පාර sex කරන එක නම් හෙනම ගොං.ඌ කෙල්ලගෙ scam එකට අහු උනා දැන් කාලා එයිනෙ ලනුව හොදට.ධනුෂ්කයත් බඩු කාරයා කියන්න බෑ ඕකා මොනාකරගත්තද කියලා,ඔසී වල නීති තදයි උට බඩු හම්බෙයි.