Sitha niwana kathaaaa

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    gedarama hitapan kohewath yanna epa.....

    (karume kiyana eka mchan kohe giyath passen enawa... bullet proof ekak gattath nano ekath gattath marena eka marenawa)
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    සනෝජ්_තරංග;23440721 said:
    සිරාවටම සමහර වෙලාවට හිතෙනවා මේක තමා ඇත්ත කියල. දේවල් ගොඩ ගහ ගන්න ගන්න Stress, වැඩි වෙලා ලෙඩ වෙලා,

    අන්තිමට හිතල බැලුවහම කරපු දෙයකුත් නැහැ
    :yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මට කාර් එකක් ගන්න සල්ලි නෑ සල්ලි තිබ්බත් ගන්නෙත් නෑ. හේතු මේව.

    01. ගෙනාවට දාන්න තැනක් නෑ. එළියෙ අව්වෙ තමයි නැත්නම් අබ ගහ යට තමයි නවත්තල තියන්න වෙන්නේ. :confused්:;)

    01. ගත්තත් කවුද දන්නේ කුඩුවෙන්න හැප්පිලා, මීටර් කර කවපු මරාලයක්ද කියල. :yes:

    02. ඉන්ෂූරන්ස් කරන්නත් එපැයි? :sorry: ෆුල් එකක් දාන්න 60ක් වත් යයිනේ. :shocked:

    03. ටවුමට ගියත් පාර්ක් කරන්න හෙන ගේමක් දෙන්න ඕන. ඒත් ගිහින් එනකොට මොනා වෙලා තියෙද්ද කවුද දන්නේ? හෙන ස්ට්‍රෙස් ඒක. :(

    04. ඕකේ යද්දිත් හෙන ස්ට්‍රෙස් නේ බන්. මොකෙක් හරි එකෙක් ඇවිල්ල ඇන්නොත් එහෙම? අනික බයික් වගේ නෙමේ ලොකු නිසා පොඩි පාරවල් වල යන්න ගියාම එපා වෙනව. ඉස්සරහින් හරි පස්සෙන් එකෙක් ආවොත් රෝදයක් දෙකක් ඇලට, නැත් නම් කානුවට දාල තමයි ඉඩ දෙන්න වෙන්නේ. :lol:

    05. මම ගමක ඉන්න නිසා අපේ පැත්තේ පාර වල් වල යට නොවැදී යන්න හෙන ගේමක් දෙන්න ඕන. :no:

    06. කාර් එකක් ගත්තම ගත්ත මොහොතෙම ලක්ෂ ගානක් ලොස් වෙනව. :dull:

    07. ලක්ෂ 25ක් විතර වටින වාහනේට ලක්ෂ 80ක් විතර දෙන්න ඕන. යකෝ වාහන 3ක් අරගෙනත් සල්ලි ඉතුරුයි ලක්ෂ ගානක්. ලක්ෂ 40ක් 50ක් දේෂපාලුවොන්ට පිස්සු කෙලින්න බදු ගෙවන්න ඕන නෑ. :yes:

    08. අරගෙන දුවන්න දුවන්න. කල් යන්න යන්න. මාකට් අඩු වෙනව. වටිනාකම අඩු වෙනව.

    09. පොඩ්ඩක් හැපුනත් ලක්ෂ ගනන් යනව හදන්න. :(

    10. සර්විස් කරන්න ඕන. ඒකට හෙන ගානක් යනව.

    11. සර්විස් කරන්න ගියාම ගොබ්බ බාස්ල වාහනේ සමූල දූෂනයකට බාජනය කරයි කියල බයයි. unwanted stress. :growl:

    12. ගත්තම ඉතින් දුවන්නත් එපැයි. ගෙදර නවත්තලම තියෙන කොට ගමේ උන් එක එක කතා කියයි. :nerd:

    13. අදුරන හැම එකාම මගදි අහුඋනාම දාගෙන එන්න වෙනව. නැත්නම් තරහ වෙනව. :sorry:

    13. වැඩ කරන තැන එකෙක් දෙකෙක් හරි පිනා පිට යන්න සෙට් වෙනව පුරුද්දට වගේ. :growl:

    14. කාර් එකක් ගත්තම හදිසියකට සිමෙන්ති කොට්ටයක් වත් ගේන්නයැ? ගේන්න පුලුවන් උනත් සූටි මැනිකගෙ කුනු ගෑවෙයි කියල බයයි නේ. :nerd:

    15. මගදි හුලන් ගියොත් ජැක් එක ගහල රෝදෙ මාරු කරන්න දන්නෑ :no:

    16. මට වාහන එළවන්නත් බෑ කොහොමත්. :lol:

    17. ගමේ උන් ගල් ගහවි කියල බයයි. :nerd:

    18. අව්වෙ නවත්වල තියන්න ලෝබයි. පේන්ට් එක සවුත්තු වෙයි කියල.

    19. හෝදන්න බයයි. අතුල්ලන කොට හීරෙයි කියල.

    20. දූවිලි වැදුනම බයයි. කොල්ලො වීදුරුවෙ අනම් මනං ලියයි කියල.

    20. මඩක ගිහින් ආවම හෝදන්න ඕන. මල අල්ලයි කියල බයයි.

    21. සතියකට සැරයක් වත් ඕක හෝදන්න එපැයි. ඒකත් මහ එපා වෙන වැඩේ. :no:

    21. කාර් පොලිෂ් වලටත් බර ගානක් යනවනේ.

    22. මම කාර් එක ගත්තම මගේ අනිත් යාලුවො මට වඩා හොද එකක් ගෙනාවොත් සෙකන්ඩ් වෙන්න වෙනව. :nerd:

    23. ඕකට ඉතින් තෙල් ගහන්නත් එපැයි. :yes:

    24. වයිපර් එක දාන්න බයයි. වින්ෂීල්ඩ් එක හීරෙයි කියල. :yes:

    25. යාලුවොන්ගෙ මගුලට නිකන් කාර් එක දෙන්න වෙනව. :no:

    26. අහන අහන එකාට කාර් එක ගැන පච කියන්න වෙනව. නැත්නම් මාකට් බහිනවනේ. :nerd:

    27. යනකොට නින්දක් දාගෙන යන්න බෑ බස් එකේ වගේ. :growl:

    28. මීයො වයර් කපයි කියල බයයි.

    29. කාලයක් යද්දි මාකට් එකට කෙල වෙයි කියල බයයි.

    30. පාට්ස් ගන්න නැති වෙයි කියල බයයි.

    31. වාහනේට පූසෙක් යට වෙයි කියල බයයි.

    32. වාහනේ නැති උන දාට ගෑනි දාල යයි කියල බයයි.

    33. තෙල් ගනන් යයි කියල බයයි. :no:

    35. දුම් සහතිකේ ෆේල් වෙයි කියල බයයි. :nerd:

    36. සති දෙකකට සැරයක් වත් හුලන් ගහන්න එපැයි. :eek:;)

    37. එන්ජින් ඔයිල් ලෝ කොලිටි ඒවද කියල සැකයි. :eek:

    38. යන කොට නින්ද යයි කියල බයයි.

    39. දඩ කන්න වෙයි කියල බයයි.

    40. ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න වෙයි කියල බයයි.

    41. ටයර් ගෙවෙනවට දුකයි. :(

    42. වැස්සට තෙමිල මල අල්ලයි කියල දුකයි. සහ බයයි. :dull:

    43. පාඩු පිට දෙන්න වෙයි කියල සැකයි.

    44........... තව දැම්මොත් උබල කියවන්නෑ.

    ඔන්න් ඕකයි මම කාර් එකක් ගන්නෙ නැත්තේ. :cool::yes:

    රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
    :lol::lol::lol: