තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

    ඇතුලට ඇවිත් ලියපන්කො ඔක තියල බලන්නෙ....................................................................................................................................................................................................................



    තමන් අහු උන වංචාවල් කියනවද...?




    ZzdMWrFg.jpg
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට ලොකු ගානකට ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දුන්නා බොරු කියලා.ඒක සති දෙකකින් කැඩුනා.:angry::angry::angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව් ග්‍රාමසේවක කෙනෙක් කිව්වා දවස් 100න් රට හදනවා කියලා ටහුකන්න
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මම විතරක් නෙවෙයි ලක්ෂ 62 ක මී හරක් ටිකකුයි ලක්ෂ 58 ගොන්නු ටිකකුයි අහු වෙනවා දැන් කාලෙක ඉඳලා..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ එකක් විතරයි..:(




    වැඩේ කරන්න කලින් සල්ලි දීලා එකෙක් පොල්ලක් තිබ්බා 10000කට..:oo: ඒකටනම් බාස්ව සෙට් කරපු එකා බාස්ට ගහන්නත් ගිහින් අපිම ෂේප් කළා..:no:

    බුවාට වැඩි වයසක් නෑ.. අනේ අපිත් ඉතින් හොඳට සැලකුවා.. දවල් ගිනි අව්වේ වැඩ කරද්දී අපේ අම්මා ගෙදරම බීම එහෙම හද හද දුන්නා.. මොකද හෙඩ් බාස් කොල්ලට මට වැඩිය පොඩ්ඩක් වයස වැඩි ඇති.. හොඳට මහන්සි වෙලා වැඩත් කලා.. ඉතින් ගිනි අව්වේ දාඩිය දාගෙන වැඩ කරන හැටි දැක්කාම අපේ අම්මලාටත් පට්ට දුකයි.. තාත්තත් ඌට පුතා කියලයි කතා කලේ..:)
    හවසට තාත්තා උන්ට මාලුපාන් එහෙමත් අරන් දුන්නා.. රුපියල් 2000 -3000ක් වියදම් කරන්න ඇති උන්ට කන්න බොන්න දෙන්නම.. මොකද මම ඔෆිස් ගිහින් එද්දී උන් දාඩිය දාගෙන වැඩ.. ඉතින් මමම වෙලාවකට අම්මගෙන් අහනව ඒ අයට කන්න දෙන්න මුකුත් නැද්ද කියල..

    ගෙදර මුකුත් නැත්තන් ඒ අයටම කියලා මම ආයේ පාරට ගිහින් හවසට කන්න මොනවහරි ගෙනත් දීපු වෙලාවල් පවා තිබුණා..

    අන්තිමට දවස් 3ක විතර වැඩ ඉතුරු වෙලා තියෙද්දී මේක තාත්තා ලඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා මහත්තයා හදිස්සියෙම ගෙදර ගිහින් එන්න වෙලා තියෙනවා.. පොරොන්දු උන 10000 දැන් දෙන්න පුලුවන්ද කියලා.. තාත්තා කිව්වා පුතා වැඩේ කෙරිලත් නැතුව එහම සල්ලි දෙන්න බෑනේ.. තව වැඩ තියෙනවනේ කියලා..:oo:
    අනේ මහත්තය මම දවස් තුනෙන් ආයේ ඇවිත් වැඩේ දවස් දෙකෙන් කරලා දෙන්නම් රෑ වෙනකන් ඉඳල හරි. මහත්තය මේ උදව්ව කරලා දෙන්න කොහොමහරි.. මම වැඩේ ඉවර කරල දෙනවමයි කිය කිය මූ හෙන වෙලාවක් කෙඳිරි ගගා හිටිය නිසා අන්තිමට වැඩේ කරන්න කලින් තාත්තා සල්ලි දීලා කිව්වා පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාව විස්වාස කරලයි සල්ලි ටික ඔක්කොම දෙන්නේ. හැබැයි වැඩේ ඉවර වෙලා සල්ලි මදි අනං මනං කියන්න බෑ.. මොකද පටන් ගන්න කලින් ගණන් කතා කරගෙනනේ වැඩේ භාර දුන්නේ.. වැඩේ ඉවර කරන්න කලින් සල්ලි දෙන සිරිතක් කොහෙවත් නෑ. හැබයි පොරොන්දු උන විදිහට වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ කියලා.. :dull: අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා..:P පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..:angry:

    දවස් 3ක් ගියා. 4ක් ගියා.. 5ක් ගියා නෑ.. සතියකට පස්සේ කෝල් කළාම ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.. අන්තිමට වෙන නම්බර් වලින් ගත්තාම අන්සර් කරලා කට් කරනවා.. අන්තිමට බුවා 10000ක් අරන් පැන්නා.. අපි කන් දිග හාවෝ උනා..:oo:

    අපරාදේ කියන්න බෑ අහන අහන එකා අපිට බනිනවා වැඩක් කරන්න කලින් බාස්ලට සල්ලි දෙන්න තරම් මෝඩයිද කියලා අහ අහ.. ඒක ඉතින් මෝඩකමද මනුස්සකමද කියන එක අදටත් හිතා ගන්න බෑ ඉතින්..:( බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා..:shocked: තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..:no:

    හප්පෝ ඉවර නෑ බං.. තව තියෙනවා..:oo:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම විතරක් නෙවෙයි ලක්ෂ 62 ක මී හරක් ටිකකුයි ලක්ෂ 58 ගොන්නු ටිකකුයි අහු වෙනවා දැන් කාලෙක ඉඳලා..

    ඒක දිනපතා වෙන එකනෙ....:rolleyes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මට ලොකු ගානකට ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දුන්නා බොරු කියලා.ඒක සති දෙකකින් කැඩුනා.:angry::angry::angry:
    matath me wage ekak una. habai back cover ehekata :angry::angry: taukanda ona kade parayage :angry::angry:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Yaluwekata (lagadi set una )Rs 75000ka item ekak aran deela damro eken ,mage Personal CC eken eka ratinuth giya ada wanathuru thorathurak na, matath nokiya anthimeta mama thama geuwe ,aye nam ekektawtah aran denen na
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Yaluwekata (lagadi set una )Rs 75000ka item ekak aran deela damro eken ,mage Personal CC eken eka ratinuth giya ada wanathuru thorathurak na, matath nokiya anthimeta mama thama geuwe ,aye nam ekektawtah aran denen na

    :baffled: බොක්ක දෙනවා වගේ හිටියට සමහර උන් ඔහොම තමා....