හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය

    හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය




    3.jpg





    ස්වාමීන්වහන්සේ මහණවීමට හේතුවූ ගෑණු ප්රශ්ණය

    එම ආරණ්‍ය සේනාසනයේ සිරි නරඹමින් සිටි අපට දැකගන්නට ලැබුනු ස්වාමීන් වහන්සේලා ඉතා ප්රසන්න මනා රූප ශෝභාවෙන් යුත් අය වූහ ඉතා පිරිසිදු නීරෝගි පෙනුමෙන් යුතු කඩවසම් අයවූහ ඒ අතර සිටි සමහර භික්ෂූන් වහන්සේලා දුටු අපට මේ තරම් හැඩරුවින් යුත් මේතරම් තරුණ මෙම ස්වාමීන් වහන්සේලා මෙම වයසේදී පැවිදිවූයේ ඇයිදැයි ප්රස්නයක් ඇතිවිය

    ඉතා තරුණ එක් ස්වාමීන්වහන්සේ නමක් වෙත ගිය මගේ මිතුරකු උන්වහන්සේට වැද අවසරයි ස්වාමීන්වහන්ස අපට පොඩි ප්රශ්ණයක් තියනව ඹබ වහන්සේගෙන් එයට පිළිතුරක් ලබාගත හැකිදැයි විමසා සිටියේය අහන්න මහත්තයො ඹ්න ප්රශ්ණයක් දන්න දෙයක් නම් කියල දෙන්නම් යයි එවිට උන්වහන්සේ පැවසීය



    අවසරයි ස්වාමීන්වහන්ස, ඹබවහන්සේ මෙතරම් තරුණ කාලයේදී පැවිදි දිවියට ඇතුල්වුනේ ඇයි ඹබ වහන්සේට පැවිදි දිවියට ඇතුල්වෙන්න හේතුවුන කරුණු මොනවද කියල අපට දැනගන්නට පුලුවන්ද විමසා සිටියේය


    මද සිනහ පහල කල උන්වහන්සේ මහත්තයො මට ගෑණු ප්රස්නයක් තිබුන මුදල් ප්රස්නයක් තිබුන යානවාහන ප්රස්නයක් තිබුන ආහාර ප්රස්නයක් තිබුන ඉඩකඩම් ප්රස්නයක් තිබුන ඒ නිසා මම මහණ වුනා යයි කීවාය

    අපිට අන් සියල්ලටම වඩා දැනගන්නට අවශ්‍ය වූයේ උන්වහන්සේට තිබුන ගෑණු ප්රස්ණය කුමක්ද යන්නයි එබැවින් මගේ මිත්රයා ඒ ගැණ නැවතත් විමසා සිටියේය මහත්තයෝ මම හුගක් පෝසත් පවුලක කෙනෙක් මට ගෙවල්දොරවල් යානවාහන මිලමුදල් ඹක්කොම අඩු නැතුව තිබුන මා සමග විවාහවෙන්න කැමති ඉතාම ලස්සන උගත් බුද්ධිමත් යුවතියන්ද හිටිය

    ඉතින් අපේ හාමුදුරුවනේ ඉතින් මොකදවුනේ මගේ මිතුරා විමසීය


    ඉතින් මහත්තයො ඒ සියල්ලම එහෙම උනත් මට ටිකින්ටික තේරුම් ගියා ලෝකෙ ඉන්න හොදම ගැහැණිය ගත්තත් ගෑනු ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිවුන ගෑණු ප්රස්නය

    මට තේරුම් ගියා කොයි තරම් මිලමුදල් ලැබුනත් මිලමුදල් ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන මිලමුදල් ප්රස්නය

    මට තේරුම් ගියා ලෝකෙ තියන හොදම වාහනය ගත්තත් වාහන ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන යානවාහන ප්රස්නය

    හොදම ඉඩකඩම් ගේදොර තිබුනත් ඉඩකඩම් ගේදොර ගැන මගෙ තියන ආසාව සංසිදෙන්නෙ නැහැ කියල ඒක තමයි මහත්තයො මට තිබුන ඉඩකඩම් ගේදොර ප්රස්නය අනිත් ප්රස්නත් ඒ වගේ තමයි

    ඉතින් මහත්තයො මට තේරුනා මේ බාහිර දේවල් අත්පත් කර ගැනීමෙන් නම් කවදාවත් මේ ප්රස්න කෙලවරක් කරගන්න බැහැ කියල විසදුමක් ලැබෙන්නෙ නැහැ සංසිදෙන්න නැහැ කියල ඇයි එකක් අත්පත්කර ගන්නකොට තවතවත් ඹ්න වෙනවනෙ

    ඉතින් මම මේ ප්රස්න වලට උත්තර සොයන අතරෙ මම අදුනන ස්වාමීන්වහන්සේලාගෙනුත් මේ ගැන විමසුව උන්වහන්සේලා තමයි මට කියල දුන්නෙ කවදාවත් බාහිර දේවල් අත්පත්කර ගනිමින් ගිහින් මෙයට විසදුමක් හොයාගන්න බැහැ එයින් වෙන්නෙ නොයකුත් දුක්විදිමින් කෙලවරක් නැති හරි විසදුමක් නොලැබෙන ගමනක් යන එක විතරයි කියනඑක එමෙන්ම මෙම ප්රස්න හරියාකාරව විසදගන්න නම් කරන්න ඹ්න බාහිර වස්තූන් වැඩිවැඩියෙන් අත්පත්කර ගන්න එක නොවෙයි එම කාම වස්තූන්ට තමන් තුල තියන ආශාව ඉවත් කරගන්න එකබව

    ඉතින් මටත් ටිකින්ටික තේරුණා බුද්ධධර්මයෙ පෙන්වාදී තිබෙන එම මග තමයි

    මෙයට තියන නිවැරදි එකම මග කියල එයින් තමයි කවදහරි නිවැරදි විසදුමක් සැනසිල්ලක් ලැබෙන්නෙ කියල ඉතින් මම ඒ දහසක් ප්රස්න කෙලවර කරගන්න කවදහරි සැබෑ සැප ලබන්න කවදහරි සැබෑ සැනසිල්ලක් ලබන්න අර බොරු සැප ඔක්කොම අතහැරදාල මේ ආරණ්‍ය සේනාසනයට ඇවිත් මහණ වුනා




    උන්වහන්සේගේ කථාව අවසන් වනවිට අප සියලු දෙනාගේම ඇස් කදුලින් තෙත්වී තිබුනි අප ඒ කදුලින් උන්වහන්සේ ගේ දෙපා දෝවනය කර උන්වහන්සේ වැද නමස්කාරකර ආපසු පැමිණියෙමු


    source http://sasara333.blogspot.com/2018/09/blog-post_6.html
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    සමන්තබද්‍ර කිරිබත්ගොඩ වගේ හාමුදුරුවරු ගැන හිතෙන්නේ මොකක්ද බන්?



    ඒ හාමුදුරුවරු ප්‍රශ්නේ අතුලේමනේ ජිවත් වෙන්නේ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සමන්තබද්‍ර කිරිබත්ගොඩ වගේ හාමුදුරුවරු ගැන හිතෙන්නේ මොකක්ද බන්?



    ඒ හාමුදුරුවරු ප්‍රශ්නේ අතුලේමනේ ජිවත් වෙන්නේ?
    සමන්තභද්‍ර කියන්නෙ පට්ට හොරෙක්නෙ බං. චීවරක් දාගත්ත කියල හැමෝම හාමුදුරුවරු වෙනවද. මිනිහ අදි සුකෝපබෝගී ජීවිතයක්නේ ගතකරන්නේ. බුදුධහමේ කියන අත්හැරීමද ඔය....???
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    සමන්තබද්‍ර කිරිබත්ගොඩ වගේ හාමුදුරුවරු ගැන හිතෙන්නේ මොකක්ද බන්?



    ඒ හාමුදුරුවරු ප්‍රශ්නේ අතුලේමනේ ජිවත් වෙන්නේ?

    අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ ගැන හිතන්නේ නැතිව බුදු හාමුදුරුවෝ ගැන හිතන්න
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    සමහරකට මහන වෙන්න හිතෙන්නේ කෙල්ල දල ගියාම... මේ ස්වාමින් වහන්සේ සියල්ල තියෙනකොට ඒවායේ අසාරත්වය දැකල එකෙන් මිදෙන්න අපු කෙනෙක්...
    මේවගේ ස්වාමින් වහන්සේලා තම නියම බුද්ධ පුත්‍රයෝ...
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සමන්තභද්‍ර කියන්නෙ පට්ට හොරෙක්නෙ බං. චීවරක් දාගත්ත කියල හැමෝම හාමුදුරුවරු වෙනවද. මිනිහ අදි සුකෝපබෝගී ජීවිතයක්නේ ගතකරන්නේ. බුදුධහමේ කියන අත්හැරීමද ඔය....???


    මිනිස්සුන්ට ( විශේෂයෙන්ම පැවිදි පිරිස් වලට ) කවදාවත් පරිභව වෙන විදිහට කතා කරන්න එපා බං. ඒකෙන් ලොකුවටම අවඩැක් වෙන්නේ උඹටමයි. උන් වහන්සේ රහත් මාර්ගය අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේම ප්‍රකාශ කරනවා. ඒත් ඒකේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑනේ. අපි හිතමු උන් වහන්සේ රහත් වෙලා කියලා. එහෙම උනානම් උඹ පරිභව කරලා තියෙන්නේ රහතුන් වහන්සේ නමකට. එහෙමත් නැත්නම් ආර්ය උතුමන් වහන්සේ නමකට. එහෙම නැතුව අපි හිතමු උන් වහන්සේ රහත් වෙලා නැහැ මතු සසරෙදි ඒ ඵලය අත් කරගන්නවා කියලා. උඹ එහෙනම් දැන් පරිභව කරලා තියෙන්නේ අනාගත ආර්ය උත්තමයෙකුට. සමහරැ දේවදත්ත හාමුදුරැවෝ ගැන ද්වේශ සහගතව කතා බහ කරනවා. නමුත් ඒ අනාගත පසේ බුදු රජාණන් වහන්සේ නමක්. ඒක නිසා විශේෂයෙන්ම හාමුදුරැ කෙනෙකුට පරිභව කරන්න කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අහකන යන නයි රෙද්දේ අස්සේ දාගන්න එපා. හරි දෙයක් කලොත් හරි ප්‍රතිඵලයකුත් වැරදි දෙයක් කලොත් වැරදි ප්‍රතිඵලයකුත් කරන අයට ලැබෙයි. අපි ඉල්ලන් කන්න යන්න නරකයි.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ ගැන හිතන්නේ නැතිව බුදු හාමුදුරුවෝ ගැන හිතන්න

    :love::love: බුදු දහම ගැන හිතන්න :love::love:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api hamoma me widiyata hithanna gaththoth jathiyak widiyata issarahata yanna bariwenawa neda?

    හැමෝටම මහණ වෙන්ඩ කියනව නෙමේ, යතාර්තය දැනගෙන ජීවත් වීමයි වැදගත් වෙන්නෙ.අනික ඕක වයසත් එක්ක වෙනස්වෙන දෙයක් බන් මම උනත් ඉස්සර දැකපු සමහර දේවල් දැන් ඒවිදිහට දකින්නෙ නැ.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    Api hamoma me widiyata hithanna gaththoth jathiyak widiyata issarahata yanna bariwenawa neda?

    ඔව් බුදු හාමුදුරුවෝ තමන්ගේ දර්ශනය ඉදිරිපත් කරේ සමස්ත මානාව වර්ගයාටම . එහම නැතිව එක ජාතියක් ඉලක්ක කරලා නෙමයි
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    Api hamoma me widiyata hithanna gaththoth jathiyak widiyata issarahata yanna bariwenawa neda?


    හැමෝමටම හැමදේම අත් හරින්න පුලුවන්නම් කොයින්ද ජාතියක් ඉතුරැවෙන්නේ...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මු මේක දැම්මේ මචන්, අපේ ඇතුලත ගැන හිතන්න මිසක් එලිය ගැන(බාහිර අයගැන ) හිතන්න නෙවෙයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    මු මේක දැම්මේ මචන්, අපේ ඇතුලත ගැන හිතන්න මිසක් එලිය ගැන(බාහිර අයගැන ) හිතන්න නෙවෙයි

    මේක තේරුනේ උබට විතරද කොහෙද
    හද පෙන්නුවම බලන්නෙම ඇගිල්ල දිහා මේකේ ඉන්න එවුන් වැඩි හරියක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,649
    113
    Api hamoma me widiyata hithanna gaththoth jathiyak widiyata issarahata yanna bariwenawa neda?

    බය වෙන්න එපා බන්. හැමෝම ඔය විදියට හිතන්නේ නෑ. හිතෙන්නෙත් නෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේක තේරුනේ උබට විතරද කොහෙද
    හද පෙන්නුවම බලන්නෙම ඇගිල්ල දිහා මේකේ ඉන්න එවුන් වැඩි හරියක්
    hehe thanks !
    wereddak vivechanaya kalata kamakne.
    Eth machan dharma karunak kiyawaddiwath thamunta adhalawa eigena hithalaa api hedenawa wenuwata smantha badra meikata adhala wenne kohomadha kiribathgoda harida ahanawa kiyanne ithin therilama ne kiuana ekane.
    Dhahama pannaa wanathayanta pamanai kivve budhuhamuduruwo oka dhenagana wenna ethi