කිසියම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව සංසරණයට එකතු කරන මුදල් ප්‍රමාණය වැඩි වුනොත් දේශීය ව්‍යවහාර මුදලේ දේශීය අගය පහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකටයි. ලංකාවේ වෙළඳපොළේ ගොඩක් භාණ්ඩ වල මිල දිගින් දිගටම ඉහළ යන්නේ උද්ධමනය නිසයි.
උද්ධමනයට අමතරව වෙනත් සාධක හේතුවෙනුත් භාණ්ඩ මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට කලින් කලට කාලගුණ ප්‍රශ්න නිසා ලංකාවේ හාල්, පොල් මිල ගණන් ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට සැපයුම් සාධක මත මිල ඉහළ ගිය විට, ඒ සාධක වල බලපෑම ඉවත් වූ වහාම නැවතත් මිල අඩු වෙනවා. නමුත්, රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා සිදුවන මිල වැඩිවීම් ඒ විදිහට ආපසු හැරෙන්නේ නැහැ.
ඔය අලුතින් මුදල් සංසරණයට එකතු කර ලාබයක් ලැබීම, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැසීම, ලංකාව විතරක් කරන වැඩක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටක්ම වගේ ඔය වැඩේ කරනවා. ඒ නිසා, ඇමරිකන් ඩොලරය ඇතුළු සෑම මුදල් ඒකකයකම දේශීය අගය කාලයත් එක්ක පහත වැටෙනවා.
https://emgesathapaha.blogspot.com/

Last edited: