✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ පොත් පීඩිඑෆ් කරලා දැම්මම ලේඛකයෝ කේස් දාන්නේ නැද්ද?ලේඛකයෝ කෙසේ වෙතත් ප්‍රකාශකයෝ?

    මාත් ගියා බන් අන්තිම දවසේ..

    කෙටි කතා පොත් දෙකක් ගත්ත ගොර්කිගෙයි පුෂ්කින්ගෙයි
    උණු හිම ගත්ත
    බද්‍රජි මහත්මයාගේ නෞකා සහ බලකොටු ගත්ත
    ප්රෝමෙට් එකෙන් පොත් ගත්ත අක්කගේ ළමයින්ට
    හත්පෙති මල
    ලස්සන වසිලිස්ස
    ඉතාලි සුරංගනා කතන්දර
    තව එනම් මනම් ගත්ත ළමයින්ට නම් ගොඩක්// මට කියල ගත්තේ අර පොත් 4 තමයි
    උනුහිමයි නෞකා හා බලකොටු ගත්තේ 700
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව්. මමත් හිතන්නේ එහෙමයි.
    අනික මේ වැඩේ පොත කියවන්න දෙන උත්ප්‍රේරකයක් වෙනවා...
    පීඩීඑෆ් කියන්නේත් ඇත්තටම ප්‍රින්ටඩ් පොත ගන්න හරි තව කෙනෙකුට දෙන්න හරි හිතෙන උදව්වක්. පොත් ප්‍රකාෂකයො ඊ බුක් ප්‍රකාශකයො බවට පත් වීමට පරක්කු වීම තවත් ට්‍රැජඩියක්...

    හරි විදියට නම් මේ වෙනකොට ප්‍රකාශකයො එකතු වෙලා ඩේටා බේස් හදලා සර්වර් වලට ලොග් වෙලා පාස් වර්ඩ් ගහලා යූසර්ස්ලට පොත් කියවන්න පුලුවන් කම දෙන්න ඕනේ... මෙම්බර්ශිප් ෆී පැකෙජ් එහෙම හදලා..
    හැමදාම අපි පිටිපස්සෙන් ඉතින්

    සුජීව ප්‍රසන්න ආරච්චි ඉන්නවා ඉස්සරහින්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙතමාලි දිසානායක මහත්මියගේ ලියමනකි

    27073081_1571346216248427_599781171517321703_n.jpg



    අද පෝස්ට් එක සුජීව ප්‍රසන්න ආරච්චි ගැන. හැබැයි එයාගෙ පොත්වල හොඳ නරක ගැන කියන්න නම් නෙවෙයි.

    ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට වගේම පොත් ප්‍රකාශකයන්ට සුජීවගෙන් ගන්න තියෙන ආදර්ශ එමටයි. මොකද එයාලගෙන් බහුතරය (99%ක් වගේ) ලෝක ප්‍රවණතා ගැන අප්ඩේට් වෙන්නෙ නෑ. අලුත් දෙයක් හඳුන්වා දෙන්න තියා ඒ ගැන හිතන්නවත් උත්සහ කරන බවක් පේන්නත් නෑ. හැමදාම එකම ජාතියෙ ඒව ලියල පස්සෙ 'අනේ අපේ පොත් විකිණෙන්නෙ නෑ.' කියල මැසිවිලි නගන්නෙ ඒකයි. ඒකට ඉතින් පාඨකයන්ට බැනල වැඩක් නෑ.

    සුජීව එහෙම නෑ. එයා තමන්ගෙ කළමණාකරන උපාධියෙන් ලබා ගත්ත දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන කෙනෙක්. ඒ කොහොමද??

    මුලින්ම, අලෙවිකරණයේදි උගන්නන මූලිකම දෙයක් තමයි තමන්ගෙ නිශ්පාදනය විකුණන්න බලාපොරොත්තු වෙන පාරිභෝගික කණ්ඩායම මොකක්ද කියන එක හරියට හඳුනා ගැනීම. සුජීව මේක හරියටම කරල තියෙනවා. එයා ඉලක්ක කරන්නෙ ගෘහනියන්, හිරිමල් වයසෙ ඉන්න යෞවන යෞවනියන්, හමුදා සේවයේ, ඇඟළුම් කම්හල්වල වගේ ස්ථානවල වැඩ කරන නිවෙස්වලින්, තමන්ගෙ ආදරණීය අයගෙන් වෙන් වෙලා ඉන්න තරුණ තරුණියෝ වගේම මැදපෙරදිග කලාපයේ රැකියා කරන අය.

    සුජීවත් ලියන්නෙ එකම ජාතියෙ පොත් තමයි. හැබැයි එයා ඉලක්ක කරන කණ්ඩායමට ඒව ගැලපෙනවා.

    මේ පිරිස හිතන පතන විදිහ ගැනත් සුජීවට හොඳ අවබෝධයක් තියෙනවා කියල එයා ලියන ශෛලියෙන් වගේම ලියන දේවල්වලින් තේරෙනවා. ඒ කියන්නෙ එයා තමන්ගෙ ව්‍යාපාරය පටන් ගන්න කලින් 'හෝම් වර්ක්' කරල තියෙනවා.

    සමහරු කියනවා සුජීවට ලියන්න පුළුවන් 'හොටු බේරෙන කතා' විතරයි කියල. එහෙම කියන අයට මම ආරාධනා කරනවා වික්ටර් රත්නායකයන්ගෙ 'පූජා වේවා' කැසට් එකේ සිංදු අහන්න කියලා. සුජීවට අවශ්‍ය නම් සම්භාව්‍ය පන්නයේ ඒවත් ලියන්න පුළුවන්. එයා දක්ෂ ලේඛකයෙක්. හැබැයි එයා හැමෝම සතුටු කරන්න නොයා තමන්ගෙ ඉලක්ක ගත කණ්ඩායට ගැලපෙන විදිහෙ දෙයක් දෙනවා. ඒ ඉව ලංකාවෙ ගොඩක් ලේඛකයන්ට, පොත් ප්‍රකාශකයන්ට නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන.

    සුජීවගෙ මේ උපක්‍රමයම තමයි ඉන්දියාවෙ චේතන් භගත් පාවිච්චි කරන්නෙ. හැබැයි එයා තෝරගෙන තියෙන ඉලක්ක කණ්ඩායම තමයි සාමාන්‍ය මධ්‍යම පන්තියේ, යම් පමණකට ඉංග්‍රීසි දැනුම තියෙන, අධ්‍යාපනයෙන් ඉහළට ගිහින් පොහොසත් වෙන්න හදන තරුණ තරුණියන්.

    අනිත් කාරණය සුජීව මෑතකදි ලංකාවට හඳුන්වලා දුන්න ඕඩියෝ බුක් සහ ඊබුක් සංකල්පය. ලෝකෙ ඉතාම ජනප්‍රිය මේ දෙජාතිය ලංකාවට නියමාකාර විදිහට හඳුන්වලා දුන්නෙ සුජීව. ඒ උත්සාහය අගය කරන්න ඕන.

    හැබැයි මට පේන විදිහට ඔය හඳුන්වාදීමේ අඩුපාඩු කිහිපයක් තියෙනවා. එක, මේ මොබයිල් ඇප්ලිකේෂන්වලින් පොත් ගන්න පුළුවන් ඩයලොග් පසු ගෙවුම් පැකේජ් සහ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් භාවිතා කරන අයට විතරයි. පෙර ගෙවුම් සම්බන්ධතාවලින් 'කැපෙන' ක්‍රමය මේ ඇප්ලිකේෂන්වල නැහැ. ඒක අඩුපාඩුවක්. මොකද මම උඩින් කිව්ව කණ්ඩායම්වල බහුතරය පාවිච්චි කරන්නෙ පෙරගෙවුම් සම්බන්ධතා. 'මගෙ පොත් කියවන්න ඕන නම් ඩයලොග්ම ගන්න' කියන එක ප්‍රායෝගික නෑ. වෙන්න ඕන හැම දුරකථන ජාලයකින්ම පොත් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් සලසන එක.

    අනිත් දේ ලංකාවෙ ගොඩක් අයට තාම ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්වලින් අන්තර්ජාල ගණුදෙනු කරන විදිහ ගැන ලොකු දැනුමක් නෑ. මේව පාසල් විෂය නිර්දේශන්ට එකතු කරන්න ඕන හරිනම්. ඒක සුජීවගෙ පිටුවට වැටෙන කමෙන්ට්වලින් පැහැදිලි වෙනවා.

    කොහොමහරි ඔය හේතුව නිසා සුජීව බලාපොරොත්තු වුණ සාර්ථකත්වය මේ වැඩෙන් ලැබුණෙ නැතුව ඇති. නමුත් මේ හඳුන්වාදීම අගය කරන්න ඕන. ලංකාවෙ අනිත් ලේඛකයො, ප්‍රකාශකයො සුජීව වගේ හිතන්න ගත්තොත් එයාලට වගේම පාඨක අපිටත් හොඳ කලක් යාවි.

    ප.ලි - සමහර කමෙන්ට් දැකලයි මේ ටික එකතු කරන්න හිතුණෙ. අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නෙ බිස්නස් කියන්නෙ නරක දෙයක් කියල. ලේඛකයො බිස්නස්කාරයො වෙන්න හොඳ නෑ කියල මතයක් ගොඩ නැගිල තියෙන්නෙ ඒකයි. ඒත් බිස්නස් කියන්නෙ නරක දෙයක් නෙවෙයි. පොත් කියන්නෙත් බිස්නස් එකක් තමා. ඒක හරියට, සදාචාර සම්පන්නව කෙරුවොත් ලේඛකයට වගේම පාඨකයටත් වාසියි.

    පිටරටවල අලුත් අලුත් ජාතියෙ පොත් එන්නෙත් ලංකාවෙ හැමදාම එකම ජාතියෙ පිළුණු වුණ මාතෘකාවලින් පොත් එන්නෙත් ඔය බිස්නස් ගැන තියෙන වැරදි මත නිසා. ලේඛකයො ධනවත් වෙන්න ඕන. ඒ වගේම ඔවුන් ඔවුන්ගෙ 'බිස්නස්' එක හරියට කරන්න ඕන.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,053
    113
    Kingdom of Hyrule
    සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ. :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    senehasa noladdo කියලා පොතක් තියෙනවා.ඒක තමා මරුම බන් .හොයා ගන්න නෑනේ.

    සමුද්‍රා එකෙත් නෑ බන්.


    මම කඩොල් ඇත්තු පොත ගත්තා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ. :yes::yes:

    :(
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    Maya Ranjange "Digamadulle Ashcharyaya" potha kalagawath nadda. Godage publication eketh potha ganna naa. Thiyanawanam pls upload karanna puluwanda.

    Upulpdn : Me potha Kurunegala Public Library eke reference section eketh baluwa hambaune naa.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Maya Ranjange "Digamadulle Ashcharyaya" potha kalagawath nadda. Godage publication eketh potha ganna naa. Thiyanawanam pls upload karanna puluwanda.

    Upulpdn : Me potha Kurunegala Public Library eke reference section eketh baluwa hambaune naa.
    පොත තියේ. පීඩීඑෆ් කිරීමට තමා වෙලාවක් නැත්තේ. පැය4-5 හැමදාම නිදාගන්නේ මේ අවුරුද්දම... හෙල්ප් ඉල්ලන්න අසල් වැසියෙකුත් නෑනේ දැන් පීඩීඑෆ් කරගන්න :sorry::sorry::sorry:

    Z4gjSEz.png
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,992
    6,903
    113
    Nawala
    පොත තියේ. පීඩීඑෆ් කිරීමට තමා වෙලාවක් නැත්තේ. පැය4-5 හැමදාම නිදාගන්නේ මේ අවුරුද්දම... හෙල්ප් ඉල්ලන්න අසල් වැසියෙකුත් නෑනේ දැන් පීඩීඑෆ් කරගන්න :sorry::sorry::sorry:

    Z4gjSEz.png


    මම හැමදාමත් කියනවා වගේ උබ කරන සේවය අතිවිශිෂ්ටයි !!!



    මේක ඉතාමත් රසවත් ගවේෂණ පොතක් !! මෙතුමාගේ නියම නම මයා රංජන් නෙමේ , මේක ආරුඩ නමක්. මේ පොතේන් උපුටගත්තු කොටසක් අපි ස්කොලේ යනකාලේ සිංහල පොතේ තුබුණා ... දිගාමඩුලු වනපෙත කියලා ...හරිම සිත්ගන්නා සුළුයි
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,992
    6,903
    113
    Nawala
    සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ. :yes::yes:


    මොනතරම් අයිසිං දැම්මත් ගුගොඩ ගුගොඩම තමා!!:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුජීව ප්‍රසන්නආරච්චිගෙ Audio Books පවා තියෙනව. මිනිහ මොන මල් කතා ලියුවත් තාක්ෂණයත් එක්ක අනිත් Authorsලට වඩා ඉදිරියෙන් ඉන්නෙ. :yes::yes:

    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොනතරම් අයිසිං දැම්මත් ගුගොඩ ගුගොඩම තමා!!:rofl:

    එක උගේ මාකටින් බන්... උ පොත් ලියන්නේ ගාර්මට් කෙල්ලන්ට, හමුධාවේ ඉන්න අයට, රට රැකියා කරන ගෑනුන්ට, ඉස්කෝලේ යන හිරිමල් වියේ ළමයින්ට, අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් උගේ පොත් වලට කැමති සෙට් එකක් ඉන්නව.

    එතනින් එහාට කාටවත් පොත් ලියන්න උට උවමනාවක් නැහැ. උට ඕනි නම් උට හොද පොතක් උනත් ලියන්න පුළුවන් ඇති. මෙතුවක් කාලෙකට මම දැකපු කපටීම ලේකකය තමයි සුජීව ප්‍රසන්න ආරච්චි