උඹෙ කතාවත් ඇත්ත බන් අපෙ උන්ට ඉන්ටර්නෙට් එක වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකයි යු ටියුබ් එකයි. ට්‍රෙන්ඩින් පෙජ් එක අරගෙන බැලුවොත් එක්කො ගොන් ජොක් කාරයෙක් එක්කො ගොසිප් මඟුලක් එක්කො දෙමළ ෆිල්ම් එකක ට්‍රෙලර් එකක් එහෙම නැත්තම් දෙමළ සින්දුවක්.
ඉතිං ලංකාවෙ උන්ගෙ ඔළු හැදෙන්න ඔව්වායෙන්.
කේ ජී කිව්වාහම මතක් උනෙ දැන් බොන්න සෙට් වෙන උන්ට කේ ජි නැතුව බොන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
පොඩි උන්ගෙ ඔළු ටික කන්න හරිම ලෙසිනෙ ?
නිකමට ලොගවුට් වෙලා යූටියුබ් එකට ගිහින් බලන්ඩකො අපේ උන් වැඩියෙන්ම බලල තියෙන ඒව. එක්කො ඔය උඹ කියපු ජාති. නැත්නම් කාගෙහරි හෙළුවක්. ඒත් නැත්නම් සිඟිති කේජී පාතාලෙ උන්ගෙ රැප්. යූටියුබ් එක කියන්නෙ මාර දැනුමක් තියෙන තැනක්. ඕනකම තියෙන එකාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. දැන් ඉන්න හරකුන්ට එහෙම උවමනාවක් නෑ. ලාබ නිසා කේජී වලට යොමුවෙනව වැඩියි බන්. දැන් උන් අරක්කො බොන්නෙ නෑ ගහන්නෙම ඕක
ඉතින් මෙහෙම ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමා. මාධ්‍ය කාරයොත්, කවුරු කවුරුත් බලන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න, මිසක් ඒ දේවල් වලින් සමාජෙට වෙන අවැඩ ගැන කවුරුත් හිතන්නෙ නෑ.






