~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • මම පර්චස් 11ක ඉඩමක් ගත්තා 2016 ජනවාරි වල. පර්චස් 1ක් ගත්තේ ලක්ශ 3 ගානේ .ඉඩම ඔප්පුව ලියන ලොයර් කිව්වා අඩුවෙන් දලා ලියන්න එපා එහෙම උනොත් ආපහු ගෙවන්න වෙනවා එක නිසා හරි ගාන දාල ලියන්න කියලා.
    අපහු චාටෙර් වෙන්න තියෙන අකමත්ත නිසා මම හරි ගාන දාලා ඔප්පුව ලිව්වා(ලක්ශ 33කට ).

    2018 ජනවරි වල වගෙ මට අදායම් බදු එකෙන් ලියුමක් අවා එන්න කියලා.
    මම ගියම උන් කියනවා ඉඩම අඩු තක්සෙරුවකටලු ලියලා තියෙන්නේ එක නිසා අඩු ගාන ගෙවන්න වෙනව කියලා නෑත් නම් නඩු දානව කියලා.
    එ අය කියනවා මගේ ඉඩෙමේ පර්ච් 1ක් තක්සෙරුව ලක්ශ 4ක් ලු.එක නිසා තව 80ක් වගේ මුද්දර ගාස්තු ගෙවන්න වෙනෙව කියලා.
    මම කිව්වා මම ඉඩම ගත්ත හරි ගානමයි දෑම්මේ ඈයි එහෙම කරන්නෙ කියලා එත් වෑඩක් උනේ නෑ.
    උන් ඉට පස්සේ මම කන් කෙදිරි ගානකොට ගාන අඩු කරලා දෙන්නම් කියලා 20කට අඩු කරල දුන්නා.
    ඉට පස්සෙ උන් සමාන වාරික 3කින් ගෙවන්න කියල දුන්නා.

    මම එ ටික ගෙවල ඉවර කරා රස්තියාදු වෙන්න බරි නිසා.

    මගේ ප්‍රස්නෙ මෙකයි මචන්.(මචන් කිව්වට නඩු දාන්නේ න නෙද මහෙස්ත්‍රත් තුමා:D:D )
    1 )ඈත්තටම ආදායම් බදු එකට අපිට මේ වගේ දේකට නඩු දාන්න පුලුවන්ද?
    2 ) ඉඩමක් ගන්නකොට හරි තක්සෙරුවක් කොහෙන්ද ගන්නේ.(legal copy එකක්)
    3 )මේ වගේ අවනඩු කාටද කියන්නේ

    1.ඔව් එහෙම නඩු දාන්න පුලුවන් ඒක හරි
    2. හරි තක්සේරුවක් ගෙනල්ලා තක්සේරු කරවගන්න ඕන.. ඒ ගොල්ලන් අපිට රිපෝර්ට් එකක් දෙනවා.. ඒක අදායම් බඩු එකට පෙන්නුවම හරි ප්‍රශ්නයක් දැම්මොත්..
    3. ඕවනං ඉතිං කාටවත් කියන්න බෑ බං..
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    ඒකට තමයි පොලිස් නිලධාරීන් දෙන්නෙක් පාරේ ඉන්නේ.. සාක්ශි විදිහට..

    එතකොට තනි පොලිස් නිලධාරියට කරන්න පුළුවන් දෙයක් නැද්ද...?
    අනිවාර්යෙන් දෙන්නෙක් ඉන්න ඕනද...?
     
    thanujaka

    Well-known member
  • ප්‍රශ්නයක් තියෙනවා අහන්න.....
    අනුන්ගේ ඉඩමක් උඩින් මරණයක මිනී පෙට්ටිය ගෙනිච්චහම නීතියෙන් ඒ ඉඩම හරහා පාරක් ඉල්ලන්න අයිතියක් තියෙනවද?
    තව අවුරුදු 05 හෝ ඊට වඩා කාලයක් වෙනත් කෙනෙකුගේ ඉඩමක ( අයිතිකරු විසින් නොසලකා හැරුණු විට) වගාවක් දාලා අස්වැන්න ලබා ගැනීම තුලින් ඒ ඉඩමට අයිතියක් කියන්න නීතියෙන් හැකිද ?
    තව ඒ වගේ අපි නොදන්නා පැතිකඩ තියෙනවද ?

    මෙතන පොස්ට් කරන්න සුදුසු නෑ කියල හිතෙනවා නම් PM එකකින් විස්තර කරනවද ?

    ඒක නිකංම හම්බවෙන්නේ නෑ.. මාර්ග පරවශ්‍යතා අයිතිය ඉල්ලලා, ඒ කියන්නේ මගේ ඉඩමට යන්න පාරක් නෑ මට පාරක් දෙන්න කියල නඩුවක් දාපු වෙලාවක, එහෙම ඉඩමක් උඩින් මිනිය අරං ගිහින් තියෙනවනං ඒකට ලොකු වැදගත්කමක් හම්බවෙනවා..
    එහෙම ගෙනිච්ච කියල අයිතියක් හම්බවෙන්නේ වත් නීතියෙන් අනිවාර්යයෙන්ම පාර දෙන්නේ වත් නෑ.. නමුත් ඒක ඉතාම වැදගත් සාධකයක් විදිහට සලකනවා..

    අවුරුදු 5ක් නෙමෙයි 10ක්..
    ඒකට කියන්නේ කාලාවරෝධය කියලා..
    කාලාවරෝධය ක්ලේම් කරන්න එහි නියම අයිතිකරු විසින් අඛණ්ඩව කිසිදු සොයාබැලීමකින් තොරව අවුරුදු 10ක්ම ඒක අත ඇරලා දාල තියෙන්න ඕනේ..
    ඉදල හිටල වත්තෙන් පොල් ගෙඩියක්වත් අහුලං ගිහිල්ලා නැතින්වෙන්න ඕනේ..
    ඒකේ ඔප්පු කිරීමේ භාරය හරිම අපහසුයි කියන තරං ලේසි නෑ ප්‍රායෝගිකව කරන්න ගියාම..
     
    thanujaka

    Well-known member
  • එතකොට තනි පොලිස් නිලධාරියට කරන්න පුළුවන් දෙයක් නැද්ද...?
    අනිවාර්යෙන් දෙන්නෙක් ඉන්න ඕනද...?
    තනි පොලිස් නිලධාරියෙකුට ස්ථානීය දඩ ලියන්න පුලුවන් නමුත් උසාවි දාන ඒව ලියන්න බෑ..
     
    • Like
    Reactions: EGhewg5

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    අපේ නීතියට අනුව Torrent (English/Sinhala Movies/TV show, English/Sinhala Music, Commercial Software) download/upload කරන එක හෝ ඒවා ප්‍රචාරය කරන එක (එළකිරි වගේ සයිට් වල torrent ලින්ක් දාන එක, etc) illegal ද...?
    වෙනත් රටකට හෝ සමාගමකට මේ සම්බන්දව නීතිමය වශයෙන් මොකක් හෝ පියවරක් ගන්න පුලුවන්ද..?

    - Thanks
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අපේ නීතියට අනුව Torrent (English/Sinhala Movies/TV show, English/Sinhala Music, Commercial Software) download/upload කරන එක illegal ද...?
    වෙනත් රටකට හෝ සමාගමකට මේ සම්බන්දව නීතිමය වශයෙන් මොකක් හෝ පියවරක් ගන්න පුලුවන්ද..?

    - Thanks

    ඔව්.. කොපි රයිටඩ් මැටීරියල්ස් එහෙම මොන යම් හෝ ආකාරයකින් එහි හිමිකරුවාගේ අනුදැනුමකින් තොරව හුවමාරු වීම නීතිමය වශයෙන් වරදක්..
    නමුත් ප්‍රායෝගිකව නං ඒව එලවලා අල්ලන්නේ නෑ ඉතිං..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක නිකංම හම්බවෙන්නේ නෑ.. මාර්ග පරවශ්‍යතා අයිතිය ඉල්ලලා, ඒ කියන්නේ මගේ ඉඩමට යන්න පාරක් නෑ මට පාරක් දෙන්න කියල නඩුවක් දාපු වෙලාවක, එහෙම ඉඩමක් උඩින් මිනිය අරං ගිහින් තියෙනවනං ඒකට ලොකු වැදගත්කමක් හම්බවෙනවා..
    එහෙම ගෙනිච්ච කියල අයිතියක් හම්බවෙන්නේ වත් නීතියෙන් අනිවාර්යයෙන්ම පාර දෙන්නේ වත් නෑ.. නමුත් ඒක ඉතාම වැදගත් සාධකයක් විදිහට සලකනවා..

    අවුරුදු 5ක් නෙමෙයි 10ක්..
    ඒකට කියන්නේ කාලාවරෝධය කියලා..
    කාලාවරෝධය ක්ලේම් කරන්න එහි නියම අයිතිකරු විසින් අඛණ්ඩව කිසිදු සොයාබැලීමකින් තොරව අවුරුදු 10ක්ම ඒක අත ඇරලා දාල තියෙන්න ඕනේ..
    ඉදල හිටල වත්තෙන් පොල් ගෙඩියක්වත් අහුලං ගිහිල්ලා නැතින්වෙන්න ඕනේ..
    ඒකේ ඔප්පු කිරීමේ භාරය හරිම අපහසුයි කියන තරං ලේසි නෑ ප්‍රායෝගිකව කරන්න ගියාම..

    ස්තුතියි....

    ඔය පලවෙනි කාරණය නම් මම අහල තිබුණු දෙයක්.වැඩි විස්තරයක් දන්නේ නැති හින්දා ඇහුවේ.
    දෙවෙනි එක නම් මම දැකපු දෙයක්.
    මගේ ඥාති අයියා කෙනෙක් කටුනායක ජර්මන් කම්පැනි එකක වැඩ කළා.( එකවුන්ටන් )අවුරුදු කිහිපයකට කලින් ඒක වහල සේවකයන්ට වන්දි දුන්නා.
    ඔය කොම්පැනියට අයිති දේපල නිරාකරණය කරන කටයුතු වලදී එයාලා ජාඇල - පමුණුගම තිබුණු ඉඩමක් ගැන හොයල බලද්දී පහුගිය අවුරුදු ගණනාවේම ඒ ඉඩමට අල්ලපු ඉඩමේ මුදලාලි, කොම්පැනියේ ඉඩමේ අනවසරයෙන් පොල් හිටවල අවුරුදු කිහිපයක් පොල් ඵලදාව අරගෙන.
    ඒ මනුස්සය එක්ක කතා කරද්දී මනුස්සයා කිව්වලු මුළු ඉඩමට ලක්ෂ 40 දෙන්නම්, කැමති නම් නඩු කියමු කියල.( ඉඩම අක්කර 04 ) අවසානයේදී කොම්පැනි කාරයා කැමති වෙලා නෑ නඩු මගට යන්න.ඉතින් අර කිව්ව ගාන අරගෙන ඉඩම මුදලාලිගේ නමට හැරෙව්වා.
    මමත් ගියා ඉඩම බලන්න.ඒ කාලේ ඒ පැත්තේ පර්චස් එකම ලක්ෂ එකහමාරක් වගේ වටිනවා.
    ඒ වෙලාවේ මම අපේ අයියගෙන් ඇහුවම එයා කිව්වා නඩු කිව්වා නම් එයාලට අවාසි කියල...
    දැන් තමා කාරණේ පැහැදිලි වුනේ...
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    අපේ ගමෙත් කැලෑ වැවිච්ච ඉඩන් තියෙනවා අපේ බාප්පා කාරය දර කඩන්න පොල් ඇහිඳින්න එහෙම යනව. ඒවත් අයිතිකරගන්න පුලුවන්ද එතකොට :baffled: ඕකුන් ෂුවර් නෑ නෙ නෑයෝ වේයෝ වගේ නෙ.
     
    thanujaka

    Well-known member
  • ස්තුතියි....

    එල..
     
    thanujaka

    Well-known member
  • අපේ ගමෙත් කැලෑ වැවිච්ච ඉඩන් තියෙනවා අපේ බාප්පා කාරය දර කඩන්න පොල් ඇහිඳින්න එහෙම යනව. ඒවත් අයිතිකරගන්න පුලුවන්ද එතකොට :baffled: ඕකුන් ෂුවර් නෑ නෙ නෑයෝ වේයෝ වගේ නෙ.

    :rofl:
     
    thanujaka

    Well-known member
  • හිනාවෙන්න එපා ඉතින් කියන්ඩකෝ :P දැන් අවුරුදු විස්සක් විතර අනික. :baffled: කැලේ උනත් ඉඩමක් නෙ ඕකුන් අයිතිකරගත්තොත් එහෙම

    අනුන්ගේ ඉඩම් වලින් පොල් ඇහින්දා කියලා බෑ බං තමන්ගේ ඉඩමෙන් තමන් සුළු හෝ කිසිම ප්‍රයෝජනයක් අරං නෑ කියන එක ඇගවෙන්නයි මම එහෙම කිව්වේ..

    ඒ කියන්නේ මෙහෙමයි, උඹේ ඉඩමක් තියෙනවා උඹ අවුරුදු 10ක් තිස්සේ ඒකට අඩියක් වත් ගහන්නේ නැති අතරේ වෙන එකෙක් ඒ ඉඩම වගා හෝ මොනයම් ආකාරයකින් පාවිච්චි කරලා තිබුනොත් ඌට ඒක අයිති වෙනවා.. අන්න එහෙමයි..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ ගමෙත් කැලෑ වැවිච්ච ඉඩන් තියෙනවා අපේ බාප්පා කාරය දර කඩන්න පොල් ඇහිඳින්න එහෙම යනව. ඒවත් අයිතිකරගන්න පුලුවන්ද එතකොට :baffled: ඕකුන් ෂුවර් නෑ නෙ නෑයෝ වේයෝ වගේ නෙ.

    හිනාවෙන්න එපා ඉතින් කියන්ඩකෝ :P දැන් අවුරුදු විස්සක් විතර අනික. :baffled: කැලේ උනත් ඉඩමක් නෙ ඕකුන් අයිතිකරගත්තොත් එහෙම

    උඹ නුවර නේද ?

    24 පැයම ඩේටා ඕන් කරගෙන මේක අස්සේ රිංගන් ඉන්නේ නැතුව ඔය ඉඩමක් සුද්ද කරලා සාදික්කා, ගම්මිරිස් ටිකක් අලිපේර ගහක් එහෙම හිටව ගන්නවකො මනුස්සයෝ.....
    අනිත් එක වැනිලා.
    පොඩ්ඩක් ඇඟේ හිරි යන්න එක්ක ඔය පොලව චුට්ටක් කොටලා ඔය ගහක් හිටව ගන්නවා...
    කවදාහරි බැඳලා ළමයි ඉන්න කාලෙක උන් හරි ඔව්වයෙන් කියක් හරි හොයා ගනියි...
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනුන්ගේ ඉඩම් වලින් පොල් ඇහින්දා කියලා බෑ බං තමන්ගේ ඉඩමෙන් තමන් සුළු හෝ කිසිම ප්‍රයෝජනයක් අරං නෑ කියන එක ඇගවෙන්නයි මම එහෙම කිව්වේ..

    ඒ කියන්නේ මෙහෙමයි, උඹේ ඉඩමක් තියෙනවා උඹ අවුරුදු 10ක් තිස්සේ ඒකට අඩියක් වත් ගහන්නේ නැති අතරේ වෙන එකෙක් ඒ ඉඩම වගා හෝ මොනයම් ආකාරයකින් පාවිච්චි කරලා තිබුනොත් ඌට ඒක අයිති වෙනවා.. අන්න එහෙමයි..
    ඒක තමා අපි ඉතින් ඒවගෙන් ප්‍රයෝජනයක් ගැනෙන්නේ නෑ අවුරුද්දකට සැරයක් ගියාම නිකන් ඔලුව දාල එනවා එච්චරයි. අර මිනිස්සු තමා ඒකට යන්නෙ එන්නේ.

    නිකන් බලල එන්න යන එක පාවිච්චි කිරීමක් කියල ගන්න පුලුවන්ද.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    1. ශරීර ඇපයක් කියන්නේ ඒ අදාල පුද්ගලයාව උසාවියට එක්කන් එනව කියල වගකීම පැවරීමක්..
    ඒ කියන්නේ උඹේ යාලුව වගකීම භාරගන්නවා එයාගෙ පැමිණීම සම්බන්ධව.
    ඌට ශරීර ඇපයෙන් ගැලවෙන්න නං ලක්ශයක උසාවියට බදින්න වෙනවා.. එතකොට උගේ ඇප අයින් වෙනවා..
    ඔව් අනිවාර්යයෙන්ම දෙන්නේ ශරීර ඇපයක්..

    2.අයියා දැන් ඇප වලින් අයින් වෙලානේ.. ඒ නිසා අයියට කිසිම ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නේ තියෙන්නෙදැන් ඇප වෙලා ඉන්න කෙනාට..
    ඌ දිගටම උසාවි ආවේ නැත්තං ඌව රිමාන්ඩ් කරනවා ඌ උසාවියට එනකං... මොකද මිනිහව උසාවියට ඉදිරිපත් කරන්න ඌ වගකීම භාර අරං තියෙන්නේ..

    3. ඌට කියපං අර පොරට කියන්නයි කියල මට මේ ඇපෙන් අයින්න වෙන්න ඕනේ ඒ නිස වෙන ඇප කාරයෙක්ව මේකට ඉදිරිපත් කරන්නයි කියල..
    ඊලග උසාවි දවසේ වෙන කෙනෙක්ව ඇපේට තියලා ඌට ඇපෙන් අයින් වෙලා යන්න පුළුවන්..හැබැයි ඒකට තව කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ.. ඌට තදින් කියන්න කියපං උඹේ අම්ම තාත්තව කාවහරි මේකට ඇප තියන්න මට අයින් වෙන්න ඕනේ කියල..

    පිලිතුර 100% නිවැරදී ඒකේ සම්පූර්ණ වගකීම මම භාරගන්නවා. .

    තෑන්ක්ස් පිළිතුරට

    ඒ පොරගේ අයියටත් යාලුවට වගේ පොලිසියෙන් ඇවිත් ලියුම් දැනුම් දෙනවා ඒ අයියත් ඇප තියලා කලින් එයාගේ ඇපය අවලංගු නම් ඇයි ලියුම් එයාටත් එන්නේ

    ඒ කෙනා දිගටම උසාවි එන්නේ නැතුව යාළුවා රිමාන්ඩ් කරොත් ලක්ෂයක් ගෙවලා ඒ ඇපයෙන් ඉවත් වෙන්න පුලුවන්ද නැත්තම් ඒ පුදගලයා එනකම් දිගටම රිමාන්ඩ් කරනවද

    රිමාන්ඩ් කරොත් ඒ කෙනාගේ අයියයි යාළුවයි දෙන්නම රිමාන්ඩ් කරනවද ?
     
    thanujaka

    Well-known member
  • ඒක තමා අපි ඉතින් ඒවගෙන් ප්‍රයෝජනයක් ගැනෙන්නේ නෑ අවුරුද්දකට සැරයක් ගියාම නිකන් ඔලුව දාල එනවා එච්චරයි. අර මිනිස්සු තමා ඒකට යන්නෙ එන්නේ.

    නිකන් බලල එන්න යන එක පාවිච්චි කිරීමක් කියල ගන්න පුලුවන්ද.

    මං හිතුවා උඹ මේ විහිළුවට කිව්වා කියලා උඹ ඇත්තටමද ඇහුවේ..
    එහෙම බෑ බං කාලාවරෝධය ක්ලේම් කරන්න අවුරුදු 10ක් නොකඩවා "භුක්තිය" (continues possession)තියෙන්න ඕනේ.. එහෙම ලේසියට ඒව ඔප්පු කරන්න බෑ..
     
    thanujaka

    Well-known member
  • තෑන්ක්ස් පිළිතුරට

    ඒ පොරගේ අයියටත් යාලුවට වගේ පොලිසියෙන් ඇවිත් ලියුම් දැනුම් දෙනවා ඒ අයියත් ඇප තියලා කලින් එයාගේ ඇපය අවලංගු නම් ඇයි ලියුම් එයාටත් එන්නේ

    ඒ කෙනා දිගටම උසාවි එන්නේ නැතුව යාළුවා රිමාන්ඩ් කරොත් ලක්ෂයක් ගෙවලා ඒ ඇපයෙන් ඉවත් වෙන්න පුලුවන්ද නැත්තම් ඒ පුදගලයා එනකම් දිගටම රිමාන්ඩ් කරනවද

    රිමාන්ඩ් කරොත් ඒ කෙනාගේ අයියයි යාළුවයි දෙන්නම රිමාන්ඩ් කරනවද ?

    ඒ එහෙම තමයි ඇප අවලංගු උනත් සමහරවෙලාවට එයාටත් ලියුම් එවනවාඅ අරයව ඉදිරිපත් කරයිද බලන්න..

    නෑ ලක්ශෙ ගෙවල අයින් වෙන්න පුළුවන්

    අයියා ඇපෙන් අයින් වෙලා නං එයාව රිමාන්ඩ් කරන්නෙ නෑ යාලුව විතරයි රිමාන්ඩ් කරන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මං හිතුවා උඹ මේ විහිළුවට කිව්වා කියලා උඹ ඇත්තටමද ඇහුවේ..
    එහෙම බෑ බං කාලාවරෝධය ක්ලේම් කරන්න අවුරුදු 10ක් නොකඩවා "භුක්තිය" (continues possession)තියෙන්න ඕනේ.. එහෙම ලේසියට ඒව ඔප්පු කරන්න බෑ..
    නෑ නෑ විහිලු නෙවේ ඇත්තටම ඒ මිනිස්සු අපේ කෑල්ලේ ගස් වලින් පොල් අහුලනව දර අහුලනව. :P ඕකුන් ෂුවර් නෑ කොච්චර හිනාවෙලා හිටියත් ඒකයි ඇහුවේ නිකන්. එහෙම ඉතින් නඩු දාන්න එන එකක් නෑ නෑයෝ නෙ :yes: