නීතී ප්‍රශ්න තියෙන උන් තවත් දවස් 15ක් ඇතුලත තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහපල්ලා..
pm එකක් දැම්මා
නීතී ප්‍රශ්න තියෙන උන් තවත් දවස් 15ක් ඇතුලත තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහපල්ලා..
බෑ බෑ වරදක් කලා හෝ නොකලා පොලිස් නිලධාරියෙක් ඉල්ලුවම ලයිසන් එක දෙන්න ඕනේ..
එහෙම පස්සේ ගෙන්නුවොත් උසාවියට කියන්න ඖකුවන් එක්කෙනයි හිටියේ පස්සේ තමයි අනිත් එක්කෙනා අවේ කියල..
එතකොට සාක්ශි නැති හින්ද නිදහස් කරනවා.. ඒව උසාවියේදි කරන්න ඕන තනි නිලධාරිය ඉල්කුවත් ලයිස්න් එක දෙන්නම ඕනේ..
ඒක තීරණය වෙන්නේ උඹව රැකියාවෙන් නෙරපා හැරියා කියල උන් කියන හේතුව අනුව තමයි..
මොකක් කියලද උඹව අස් කලේ..
hazard ඔන් කරන්නත් ඕනද? නැත්තන් උසාවිද? දඩ ද? hazard ඔන් කරල දන්නෙම නැතුව නින්ද ගිහින් පැය ගානකට පස්සෙ battery එක බැහැල තිබුනොත් කොහොමද ආතල් එක. ලඟදි දවසක අපේ මල්ලිට ඔහොම දඩයක් ගහල තිබුනා. මූ තර්ක කරාට නිදිමත උනත් එහෙම කරන්න බෑ කිව්වලු. පාරෙන් එලියෙ තියෙන ඉඩේ හිටියනම් කමක් නෑලු. මම අහල තියෙන විදියට ඒකෙ ඉන්න එක ඊට වඩා වැරදියි නේද?කොහොමහරි උසාවි ගානෙ රස්තියාදු වෙන්න බැරි නිසා මූ දඩේකට එකඟ වෙලා. රු. 1000 ක් දඩ ගහල. අන්තිමට ලයිසන් එක ගෙනියන්නත් 100 km ට වඩා එන්න උනා වෙන දවසක.
පොලිස් කාරයො කියනවලු මොන හේතුවකට නැවැත්තුවත් highway maintenance(1919 da koheda) එකට call කරන්න ඕනලු. නිදිමත වෙලාවට ඒකට call කරල හැමි*න්නද කියල දන්නෙ නෑ. ඒ කතාව ඇත්තද?
කොහොමහරි එහෙමලු නේ කරන්න ඕන. එහෙනන් ඉතින් අනිත් දවසෙ එහෙම උනොත් උන්ට call කරල phone එකත් silent කරල නිදාගනින් කියල කිව්ව. මම උනත් එහෙම කරන්න ඉන්නෙ. උන් ඇවිත් නිකන් හැරිල ගියාට නඩු දාන්න බෑ නේද?
තව ප්‍රශ්නයක්
වාහන දෙකක් හැප්පෙනවා එතනට පොලිසියෙනුත් එනවා වාහන දෙකේ අයිති කාරයෝ වාහන දෙක තමන්ගේ වියදමෙන් හරි ඉන්සුවරන්ස් එකෙන් හරි හදාගන්න පොලිසියේ රාළහාමි ඉදිරිපිට එකඟ වෙලා විසිර යනවා.
පස්සේ එක වාහන හිමියෙක් හිත වෙනස් කරන් අනිත් වාහනේ අයිතිකාරයට නඩු දාන්න පුලුවන්ද අලාබෙ ඉල්ලලා ??
මොකද පොලිසිය ඉදිරියේ එකඟ උනා කියල කිසිම තැනක record වෙලා නැති නිසා ?
එහෙම නඩුවක් දැම්මොත් රාළහාමි ඉදිරිපිට එකඟ වෙච්ච් එක අවලංගු වෙනවද ??
තව දෙයක් පාරේ accident එකක් උනාම සමහරවිට පොලිසියට යන්නේ නැතුව ගානක් දෙන්න කතාවෙලා ලියුමක් කියල අත්සන් කරලා ප්‍රශ්නේ ගොඩින් බේරගන්නවනේ එත් අලාබෙ හදාගන්න සල්ලි දුන්න කියල කියල අත්සන් කරන ලියුම උසාවිය ඉදිරියේ වලංගු සාක්ෂියක් කියල පිළිගන්නවද ??
තෑන්ක් යූ මචං..මෙහෙම ප්‍රශ්නවලට උත්තර දෙනවට තනූජකට බොහෝම පිං.
මට අහන්න ප්‍රශ්න නැති උනාට, මේ ත්‍රෙඩ් වල තනූජකගෙන්, අනිත් අය අහන ප්‍රශ්නවලට දෙන උත්තර කියවලා මම ලොකු දැනුමක් ලබාගන්නවා. මම වගේ තව දහස් ගානක් ඇති.
මම මේ දවස්වල ඔන්ලයින් එනේනෙම මේ ත්‍රෙඩ් එක කියවන්න.
තනූජකට හදපිරි ගෞරවය සහ ස්තූතිය පුදමි.
ඒ වගේම දැනුම නොමිලේ ලබාදෙන පිනෙන්, තනූජකගේ දැනුම තව තවත් වැඩිවේවා කියලා ප්‍රාර්ථනා කරමි.
එක්කෙනයි හිටියෙ කියන එක උසාවියෙන් තහවුරු කරගන්න ඕන නෙද? කොහොමද ඒක කරන්නෙ? ත් cctv තිබුනෙ නැති තැනක?
මුකුත් කිව්වේ නෑ , උන් බලෙන් මගෙ කැබින් එක ලොක් කරා
godak wadagath thread ekak, mata danaganda one mage namata thiyena vehicle ekak pocliciyata search karanda puluwan da warrant ekak hari open warrant ekak hari nathuwa?....thanks un advance sir....
hazard ඔන් කලාට එහෙම ලොකුවට බැට්‍රි එක බැහීමක් සිද්ධ වෙන්නේ නෑ එහෙම නැති උනොත් පිටිපස්සෙන් එන වාහන කාරයෙක් අපේ ඇගේ ගහන්න පුළුවන්.
ඒ නිසා එහෙම නවත්වනවා නං hazard එක අනිවාර්යයි..
ඔව්.. එහෙම නිදියනවනං 1969 නම්බර් එකට කතා කරලා අපි ඉන්න ලොකේශන් එක කියන්නෙ ඕනේ..
පාරෙ බෝඩ් වලින් ඒක බලාගන්න පුළුවන්...
එතකොට උන් ඒක නෝට් කරගන්නවා..
මොකද උන්ගේ දැනුවත්වීමකින් තිරව මාර්ගය පසක වාහන නවත්තං ඉන්න එක වැරදී.
ඒ වගේම උන් අහනවා අපි කීයටද ආයේ පිටත් වෙන්න ඉන්නේ කියලා, එතකොට අපි කිව්ව කියමු පැය දෙකක් නිදාගෙන 7ට යනව කිව්ව කියල, එතකොට උන් පැය දෙකකට පස්සේ අපිට අරන් අහනවා දැන් පිටත් උනාද කියලා.
ඇත්තටම ඒක කරන්නේ මිනිස්සුන්ගේම ආරක්ශාවට සහ විශේෂයෙන්ම මිනිස්සු හයිවේ එක අයිනේ පාරේ නවත්තං බොන නිසා..
කට්ටිය එක්ක බීල බීල ටෝල් ගේට් එකෙන් පරක්කු මොකද ඇහුවම කියනවා ඩ්‍රයිවර්ට නිදිමත නිසා නිදාගත්ත කියලා..
ඇත්තටම ඕව ඔහොම වෙන්නේ අපේ උන්ගෙම වැරදි නිසා..


මට එන්න ඕන වැදගත් ලිපියක් මාසයකටත් වඩා කාලයක් ගියත් ලැබුනෙ නෑ හොයල බලද්දි ඒක ආපසු එවපු කෙනාටත් ලැබිල නැහැ මේක speed post ලිපියක් පස්සෙ තැපැල් කාර්‍යාලයෙන් බලද්දි ඒක මාසෙකට කලින් වෙනත් නිවසක වෙනත් පෞද්ගලයෙක්ට ලබාදී ඇති බවත් එය ලිපිකරුගේ වැරදීමක් බවත් වහාම එය නිවැරදි කර දෙන බවත් ප්‍රකාශ කලා ඒත් තවම ඒක නිවැරදි කරල නෑ.. මේ සම්බන්ධව ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද... (ලිපියේ සදහන් නම හස ලබාදී ඇති අයගේ නම බොහෝසෙයින් පරස්පරයි.. වාසගමක හෝ සමානකමක් නැත)
මෙහෙම ප්‍රශ්නවලට උත්තර දෙනවට තනූජකට බොහෝම පිං.
මට අහන්න ප්‍රශ්න නැති උනාට, මේ ත්‍රෙඩ් වල තනූජකගෙන්, අනිත් අය අහන ප්‍රශ්නවලට දෙන උත්තර කියවලා මම ලොකු දැනුමක් ලබාගන්නවා. මම වගේ තව දහස් ගානක් ඇති.
මම මේ දවස්වල ඔන්ලයින් එනේනෙම මේ ත්‍රෙඩ් එක කියවන්න.
තනූජකට හදපිරි ගෞරවය සහ ස්තූතිය පුදමි.
ඒ වගේම දැනුම නොමිලේ ලබාදෙන පිනෙන්, තනූජකගේ දැනුම තව තවත් වැඩිවේවා කියලා ප්‍රාර්ථනා කරමි.





ඒක නිකං කටින් කිව්වම ඇති..
පස්සෙ එක්කෙනෙක්ව ගෙන්නං දෙන්නම එකට හිටියා කියකා පොලිසිය උසාවියේදි බොරු කියන්න එන්නේ නෑ එයාල බයයි..පොල්සියෙන් එලියට යනකොට හැමෝම පොතේ අත්සනක් දාල යන්නේ, දෙන්නෙක් එකට හිටියා කියනවනං ඒ දෙන්නගේ අත්සන් එකම වෙලාවක් වැටෙන්න ඕනේ.. බොරු වෙලාවල් දාන්න බෑ කොහොමත් මැද්දෙන් අත්සන් වැටෙනවා..
ඒ නිසා ඒව කියන්න එනේ නෑ උන් දන්නවා බොරු කිව්වොහ් පොතේ වාර්ථාවක් කැදවනවා කියලා..
ඒක නිසා ප්‍රායෝගිකව උඹ කියන ඔය සෙල්ලම වැඩිය පොලිසියෙන් දාන්නේ නෑ..
එනකොට කොහොමත් දෙන්නෙක් එකට එලියට එනව..

Thank you.බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.
හයිවේ එකේ ගිහින් නැති ගොන් ගං කබරයො වෙන්න ඇති හයිවේ එකේ නවත්තං බොන්නෙ. resting area කියල එකක් තියෙන ඒකෙ නවත්තන් බීපියකො. හරිනම් ඕකුන්ට නඩු දාල දඩ ගහන්න එපයි. වැරදි නොකරපු එවුන්ට තමයි ප්‍රශ්න.![]()
මමත් තනුජකගේ හැම post එකක්ම මුල ඉඳල අගටම කියවල තියෙනවා. ඒවායෙන් නීතිය ගැන සෑහෙන දැනුමක් ලබාගත්තා. මේකත් ඒවගේම ගොඩක් වැදගත්. මට අහන්න ප්‍රශ්නයක් දැනට නැති වුනත් ප්‍රශ්න තියෙන අයට කරන මේ උපකාර වලට මගේ ගෞරවණීය ස්තූතිය......![]()
