ලෝයර්ස්ලට වෙනමම රූල්ස් තියෙනවා..
උදාහරණයක් විදිහට මම ලෝයර්. උඹ මිනීමරුව..
උඹ මට කියනවා සර් මම තමයි මිනිහා මැරුවේ මාව බේරගන්න කියලා.. ඒක රෙකෝර්ඩ් කරං උසාවියේ දැම්මම අරූට දඩුවම් නියම වෙනවා ඒ වගේම මගේ කෝට් එක ගැලවෙලා ලොයර් කමත් ඉවරවෙනවා..
සේවාදායකය කියන හැම දෙයක්ම ලෝයර් රහසක් විදිහට රකින්න ඕනේ.. ලීක් කරොත් රස්සාව ඉවරයි..
තව තියෙනවා, තමන්ගේ ෆීල්ඩ් එකට අදාලනං, තමන් ඉල්ලන මුදල ගෙවනවනං, ඩේට් එක බිසී නැත්තං, හා සම්බන්ධතා අතර ගැටුමක් නැත්තං (conflict of interest) තෝරන්නේ බේරන්නේ නැතුවලෝයර් කෙනෙක් භාරගන්න බැදිලා ඉන්නවා.
අන්න එහෙම රූල්ස් තියෙනවා ලෝයර්ස්ලට..
දැන් මම ඉස්සර කුඩු නඩු රේප් නඩු ඇරෙන්න හැම එකක්ම භාර අරං කරා.. හරිම නං ඒවටත් මට බෑ කියන්න බෑ.. මොකද ඒ දවස්වල මම ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්..
ඒකයි නීතිය..
ලෝයර්ගේ බදීම තියෙන්නේ ක්ලයන්ට්ට..
තමන්ගෙ ලොයර්ට ඇත්ත කියන්න ඕනෙද? (ඒ කියන්නෙ මිනී මැරීමක් වගේ දෙයක් තමන් කරා කියල ) එහෙම කියන්න ඕනෙ මුලින්ම ලෝයර් හම්බවෙච්ච වෙලාවෙ වැඩේ බාර දෙන්න කලින්ද? එහෙම නැත්නම් මුලින් ලෝයර්ට බොරු කියල වැඩේ බාරගත්තට පස්සෙ ඇත්ත සිද්ධිය කියනවද?



