ප්රශ්ණ 1 - මචන් ඉඩමක් ගද්දි බලන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද?
පත්තීරු, වීදි රේඛා ගෙන අහල තියෙනවා... පුලුවන්නම් මේවා මොනාද කියල පොඩ්ඩක් කියල දෙන්න....
ප්රශ්ණ 2 - තාත්තාගෙන් ළමයින්ට ගෙවල් ලියන්නේ කොහොමද? ඒවා තෑගි ඔප්පුද නැත්නම් හිමිකම් ඔප්පුද? වෙනස කුමක්ද? වියදම් කියක් යනවද?
ගොඩක් පින් මචං....
පත්තිරු නං අදාල ප්රදේශයේ ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන් චෙක් කරවගන්න ඕනේ..
ඉඩමක් ගන්නකොට අවුරුදු 30 විතර පත්තිරු චෙක් කරගන්න ඒ ඇති..
වීථි රේඛා කියන ඒවා ප්ලෑන් එකේ තියෙනවා... ඒකට වෙනමම සහතිකයකුත් දෙනවා.. සහතිකේ නං එච්චර වැඩක් නෑ ඒක ඕනවෙන්නේ ඔය ඉඩමට ලෝන් එකක් ගන්නකොට වගේ තමයි..
2. ඕනේනං තෑගි ඔප්පු ලියන්නත් පුළුවන් නැත්තං සින්නක්කර ඔප්පු ලියන්නත් පුළුවන්. වෙනස ඉතිං තෑගි ඔප්පු ආයේ ඔනෙන්ං හරවගන්නත් පුළුවන්.. සින්නක්කර ඔප්පු ලිව්වොත් ලිව්වා..
තෑගි ඔප්පු ප්රාණ භුක්තිය ඇතුව හෝ නැතුව ලියන්න පුළුවන්..
වියදම කීයක් යනවද කියලනං එහෙම හරියටම කියන්න බෑ ඒක ඉඩමේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ ...




