පිටරට අත්දැකීම් -ගල්ෆ්

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    පිටරට අත්දැකීම් -ගල්ෆ්

    (මෙය මා මිතුරු වසන්ත කැලුම් අය්යා විසින් ඔහුගේ අද්දැකීම් පිළිබදව ලියන ලද්දකි. අයිතිය ඔහු සතුය.)


    කටර් ගුවන්තොටු පොළට පැමිණියේ අලුයම 10.30ට පමිණි. පිටවීමේ ගේට්ටු නොම්බර 4 අසල රැදී සිටියේ මා රැගෙන යෑමට පැමිනෙන තැනැත්තා කවුරුන්ද යන්න හරියාකාරව හඳුනා ගැනීමට හැකිවේ දැයි දෙගිඩියාවකිනි. ඒ අසල ඇති බංකුවක ඉන්දියානුවන් රාශ්‍රියක් එක පොදියට වාඩිවී කිසියම් දෙයක් පිළිබඳ සාකච්චාවක් කරමින් සිටී. එය ගුවන් යානයක් පිළිබඳව බව මා හට යන්තම් අවබෝධ විය. රටවල් කිහිපයක සේවයකර ඇති මා ප්‍රථමයෙන් අරාබි රටකට පැමිණියේ සිංගප්පුරුවේ මාගේ එකම කාමරයේ සිටි ටියුනීසියානු මිතුරාගේ බලකිරීම සහ උදව්වෙනි.



    අප දෙදෙනාගේ මිතුරුකම අවුරුදු 03 ක් අතීතයට දිව යන්නෙකි.දුකේදී සහ සැපයේදී අවුරුදු 03 ලගින් සිටි එකම මිතුරා ඔහු විය. ඔහු පාපන්දු පිස්සෙකි. මාගේ පාපන්දු පිළිබද උනන්දුව වැඩි වුයේද ඔහුගේ පිස්සුව නිසාමය. නමුත් අද ඔහු කටාර් රටෙහි MANAI ආයතනයේ manager වරයෙකි.


    විනාඩි 10කට පසු “salam wallikum I’m Ahmed from Manai corporation” යනුවෙන් අරාබි උරුවට ඉංග්‍රීසි උච්චාරණය කරනා පුද්ගලයෙකු පැමිණ ඔහුව මාහට හඳුන්වා දෙන ලදී. ඉන්පසු . “welcome to qatar Mr India” පැවසු ඔහු සිනාසෙන ලදී . එය තරමක මදි කමක් යනුවෙන් හැගුණු මම “I’m not an Indian” යැයි පැවසීය. යලිත් සිනාසුනු ඔහු මගේ අත තරමක් හයියෙන් සෙලවිය.එවිට ඔහුගේ කහපැහැයට හැරුනු දත් සහ අවුවට දුබුරු පැහැයට හැරුණු අත මට කීවේ ගල්ෆ් රටවල ඇති දුෂ්කර බවයි. මගේ සියළු ගමන් මළු පටවාගත් GMC රථය “najma” නැමැති ප්‍රදේශයට යෑමට පිටත්විය. කටාර් යනු ඉතාමත් වියළි කාළගුණයක් සහිත කාන්තාරයක් වන අතර වසරේ අවසානයේ තරමක් සීතල කාළගුණයක් ඇති රටකි. අධිවේගී මාර්ගයෙන් අප ගමන්කරන අතරතුර ඔහු පැවසුවේ මිස්ටර් නෆා (මාගේ මිතුරා) පැවසු ආකාරයට ඔබට අවශය සියළුම දේ ඔහුගෙන් ලබාගන්නා ලෙසයි. තවද ඔහු ඊජිප්තු ජාතිකයෙකු වන අතර නෆා යටතේ වැඩ කරන සේවකයෙකු බව පැවසිය. ඔහුගේ දුරකථනයෙන් මාගේ මිතුරා ඇමතුවද ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විය. අහ්මඩ්ගේ අදහසවුයේ ඔහුට meeting ඇති බවකි.




    අපගේ වාහනය තට්ටු 5 පමණ ඇති ගොඩ​
    නැගිල්ලක් ආසන්නයේ නතරකරන ලදී. අවට සිටි පිරිස බහුතරයක් ඉන්දියානුවන් බව දැකගත හැකිවිය. එහිදී තවත් මැදිවියේ අරාබි පුද්ගලයෙකු පැමිණ අතට අතදී මා පිළිගත්තේය. අහමඩ් ඔහු නාතුර් යනුවෙන් හඳුන්වා දෙන ලදී. ඔහු හිංදියෙන්ද මාගෙන් ප්‍රශ්න අසන ලදී. ඒ කිසිවක් අවබෝධ කරගත නොහැකි මම “I’m Wasantha came from Sri Lanka nice to meet you” යනුවෙන් පැවසීය. පසුව ඔහු ඉරානි ජාතිකයෙකු බව දැනගත හැකිවිය.
    ඔහු පැවසු ආකාරයට ලංකාවේ අය සිටින්නේ 4 වැනි තට්ටුවේය. එහි මාසඳහා ඇඳක් සහ කබඩ් එකක් සුදානම් ඇතුබවද ඔහු සිනාසී පැවසුවේය. කිසියම් දෙයක් අවශ්‍ය නම් ඔවුට පවසන ලෙස දන්වන ලදී. එවිට මාගේ සිතට ආවේ මගේ යාළුවා ඔහුට මා ගැන කලින් දන්වා ඇති සැටියකි. සියළුදේම හොඳින් සිදුවන නිසා මට නෆා දකින තුරු ඉවසිල්ලක් නොවීය.



    විදුලි සෝපානයෙන් ඉවතට පැමිණි මට අධික ශබ්දයෙන් දමිළ සිංදුවක් වාදනය වන හඩක් ඇසුනි.හිංදි චිත්‍රපටි පවා නොබලන මට එය කන්කරච්චරයකි. සංගීත නාදය ඔස්සේ පැමිණි මා අනුමාන කරේ එය ලංකාවේ පිරික් සිටිනා කාමරයක් විය හැකි බවයි. අඩක් විවෘත වු දෙරට තට්ටු කරද කිසිදු පුද්ගලයෙකු ප්‍රතිචාරයක් නොදැක්වු නිසා මා ගමන් මලු එළියේ තබා ඇතුලට එබිනි. එහි 10 ක් පමණ පිරිස දහවල් ආහාරය බිම වාඩි ගනී. මම ලංකාවේ නේද යැයි පැවසුවද ඔවුන් ගේ ප්‍රතිචාරය වුයේ කේරළ යනුවෙනි. පසුව මා සොරි කියමින් දෙරින් එළියට පැමිනෙන විට ඉඳුල් අතින් ඉන්දියානු ජාතිකයෙකු පැමිණ ලංකාවේ කාමරය පෙන්විය. ඔහු දෙමළ බසට සමාන බසකින් මාහට යමක් පැවසුවද එය අවබෝධ කරගැනීමට මට හැකියාවක් නොවීය.


    ලංකාවේ කාමරය අසල සිටගත් මා එහි දොරට කිහිපවරක් තට්ටු කරන විට එයින් අවුරුදු 25 පමණ කළු කෙට්ටු ශරීරයක් ඇති සරමකින් සැරසුන පුදගලයෙකු පැමිණ yes යනුවෙන් පැවසීය. ඔහුගේ ස්වාභාවයෙන් මා තමන්ගේ කෙනෙකු යන හැගීමක් පහළ විය. මම ලංකාවේ ඉදන් අලුතින් ආවේ. ඔයා ලංකාවේ නේද? යනුවෙන් පැවසුවද ඔහු පිට සක්වල ජීවියෙකු දැක්කා මෙන් “Space නේ....’’ යනුවෙන් පවසා නැවත දොර වසන ලදී. ඔහු පැවසුවේ “ space නෑ” නොවේද යැයි මට වැටහුනේ මිනිත්තු කිහිපයක් ගතවු පසුවයි.


    ඉන්පසුව තරමක් මැදිවියේ පුද්ගලයෙකු එළියට පැමිණ කැඩුණු සිංහලෙන් දමිළ හුරුවට ඇතුලට එන්න යනුවෙන් ඇමතුහ. එය තරමක් විශාල සාලයක් වන අතර පුටු කිහිපයක් සහ යකඩ මේසයක් මැද තබා තිබුණි. මේස රෙද්දේ කෑම හොදි හැලී දුර්වර්ණවී ඇත.නේවාසිකයින්ගේ කබඩ් ගොඩක් බිත්ති ආසන්නයේ පිළිවලකට තබා ඇත. විශාල රෑපවාහිනී යන්ත්‍රයක්ද අනික් බිත්තියට රදවා තිබිණි. හිස් වතුර බෝතල් විශාල ප්‍රමාණයක් තවත් පසක ගොඩ ගසා ඇත. මිනිසුන් කිහිප දෙනෙකු මාදෙස බලා සිනා සුනද කිසිවෙකුත් කථාකරේ නැත. මොවුන් යාපනයේ හෝ වෙනත් සිංහල භාෂාව නොදන්නා පළාතක පිරිසක් බවට මට වැටහුනි.. එසේත් නැතිනම් මා අලුතින් පැමිණි නිසා ඔවුන්ගේ කාමරයට ගැනීමට අකමැතිවුවා විය හැකිය.


    බෑග් ටික බිත්තිය අයිනෙන් තබා මම තවදුරටත් මෙහි සේවය කරනවාද? නැද්ද? යනුවෙන් මගෙන්ම අසන ලදී. නැවතත් මැදිවියේ පුද්ගලයා පැමිණ මල්ලී කොහෙද ලංකාවේ? පැවසුවා මම කොළඹ ඔයා කොහෙද? මම මාවනැල්ල මල්ලී.. ඉන්පසු මා මුලින් පිළිගත් පුද්ගලයා පැමිණ ඔහුට දෙමළෙන් යමක් පැවසීය. ඒ කුමන කරුණක්ද යැයි අවබෝධයක් නැතත් මා ගැන කිසියම් දෙයක් පැවසු බව මට අවබෝධවිය.



    මා පැමිණ විනාඩි 30 ගතවුවද කිසිවෙකුටත් මා සමඟ මිතුරුවීමට අවශ්‍යතාවයක් නොමැති බව මට වැටහුනි. සාලයෙන් ගමන් කරන විට මාදෙස බැලුවද මා ඔවුන් දෙස බලන විට නැවතත් ඔවුන් ඉවත බලයි. දුරකථනය රැගෙන පරීක්ෂාකරන විට ලැබෙනවා කියු ඇඳ සහ කබඩ් එක වෙනුවට මාහට free wifi නම් ලැබී තිබුණි. එයින් මා ප්‍රථමයෙන් පරීක්ෂාකරන ලද්දේ ලංකාවට ඇති අඩුම ගුවන් ටිකත් පතයි. පසුව මාගේ මිතුරු නෆා හට හැකි ඉක්මනින් පැමිණ මා මුණ ගැසෙන ලෙස facebook ඔස්සේ පණිවිඩක් යවන ලදී.

    බැග් එතනම තබා මම නැවතත් කාමරයෙන් එළියට පැමිණ ඉරානි ජාතික​
    නාතුර් හමුවීමට පිටත්විය. බිම් මහලෙහි water dispenser එකක් තිබුණද මාස කිහිපයකට ඉහතදී වතුර අවසන්වී වේලී ගිය කෑන් එක පමණක් ඇත.එහි තිබු ප්ලාස්ටික් කෝප්පයක් රැගෙන ටැප් එකක් සෙයන විට නාර්තුර් සිටිනා කාමරය අසන්නයේ දී මට හමුවිය. එයින් වතුර ගන්නා විට නාතුර් පැමිණ “no good baba no good” යනුවෙන් කැඩුණ ඉංග්‍රීසියෙන් පවසා ප්ලාස්ටික් කෝප්පය මගෙ අතින් උදුරාගෙන මිනරල් වතුර බෝතලයක් කාමරයෙන් රැගෙන දුන්නේය. මා එය එක හුස්මට බීගෙන ගියේ අධික පිපාසයනිසාය.



    පසුව නාතුර් සමඟ මා ගියේ මට හිමි ඇඳ ලබාගැනීම සඳහාය. ඔහු ඉදිරියෙන්​
    තබාගෙන මා නැවත කාමරයට ලැතුල්වෙන අවස්ථවේ 15 දෙනෙකු විතර පිරිසක් සාලයේ එක්රැස්වී සිටියේය. ඔවුන් දහවල් 1.30 වැඩ මුරය අවසන් වී කාමරයට පැමිණි පුද්ගලයන්ය. නාතුර් පැමිණ මැද කාමරයේ දොර විවෘත කරන ලදී. එතුල ඇති යකඩ ඩබල් ඇදන් දැකීමෙන් මට එවකට රාජකීය විද්‍යාලයේ කැඩට් බටයන් හට ලබාදී තිබු හොස්ටල් එක සිහිවිය. එක කාමරයක එවැනි ඩබල් ඇඳන් 3ක් ඇත. එනම් පුද්ගලයින් 6 දෙනෙකු එක කාමරයක දිවි ගෙවයි.
    වායුසමීකරණ යන්ත්‍රය ආසන්නයේ ඇති උඩ ඇඳට මෙට්ටක් දමා සකසා දුන්නේ​
    නාතුර්ය. හවස කබඩ් එකක් ලබාදෙන බවට පොරොන්දු වී ඔහු නික්ම ගියේය. එවිට මාගේ ලොකු මාම පැවසු එක දෙයක් මට සිහිවිය. උබ කොල්ලෝ එක සතියක් ඉන්නේ නැහැ. උබ හිතන විදිහේ රටවල් නෙවෙයි ඔව්වා.... බලපන් බොරුනම්...! එය ඔහුගේ මතය විය. දැන් දැන් ලොකුමාමා හරි බව මට වැටගෙන විට මා පමා වැඩි බව මට හැගුනි.


    ඇඳුම් සියල්ල එළියට ඇදීමට වත් මට ප්‍රියතාවයක් නොවීය.​
    මා සතුව ඩොලර් 175 තිබු හෙයින් එළියට ගොස් කිසියවක් කෑමට සිත පහළවිය. මාගේ යට ඇදේ සිටි මිතුරා සම්පුර්ණයෙන් ආවර්ණය කොට ඇත. එතුල කවරෙකු සිටිනවාද යන්න නොපෙනෙයි. යාන්තමින් නැගෙනා ගොරවන හඩ පමණක් මට ඇසුනේය.

    මා නැවත පහළ මාලයට පැමිණ පිලිපීන ජාතිකයෙකුගෙන්​
    ලඟම ඇති හෝටලය ගැන අස එයට ගොස් ඉන්දියානු පරාටා කිහිපයක් ගිල දැමුවේය. පසුව වතුර බෝතල් කිහිපයක් රැගෙන නැවත මා පයින්ම නවාතැන වෙත ගොස් පහළ මාලයේ පුටුවක අසුන්ගෙන මාගේ මිතුරා පැමිණෙන තුරු පසුවිය. මගෙ හිතේ ඇතිවුයේ කිසියම් කාරණයක් මත කාමරයේ සිටිනා පිරිස මා හට අකමැත්තක් පෙන්වනවා යන්නයි. එයට හේතුව කුමක් විය හැකිදැයි මම තනිව අවබෝධ කර ගැනීමට උත්සහ ගත්තේය. මා සැකකර ආකාරයට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ භාෂාමය ගැටළුවයි. ඔවුන් ද්‍රවිඩ වීමට හැකිය නමුත් සිංහල නොදන්නා කිසිවෙකු නොසිටීමට නොහැකිය. නැතහොත් සියල්ල LTTE සාමාජිකයින් වීමට හැකිය. නැතහොත් සියල්ල මුස්ලිම් ජාතිකයින් වීමට හැකි අතර ඔවුන් මා බොදුබල සේනා හෝ කිසියම් සංවිධානයක සාමාජිකයෙකු හෝ ඔවුන්ගේ ආගමික නිදහසට බාධාවක් යන සිතුවිල්ලෙන් පසුවනවා වීමට හැකිය.
    විකාර සිතුවිලි වලින් පසුව මටත් නොදැනී මාගේ​
    ඇස්දෙක පියවී තිබුනේය. දුරකථනයේ නාදවීමටත් සමඟ මා ඇහැරුනේ මා බලාපොරොත්තු වෙන් සිටි මාගේ මිතුරාගේ ඇමතුමෙනි. ඔහු ආයතනයේ අයිතිකරුත් සමඟ සාකච්ජාවක් අවසන්කර විනාඩි කිහිපයක් ගතවී ඇත. ඔහු පැවසු දෙයින් මා තවත් පුදුමයට පත් වුයේ කලින් මා රැගෙන පැමිණි ඊජිප්තු ජාතික අහමඩ් වැරදි නවාතැනකට මා භාරදී ඇති බවයි. පැය 02 ඇතුලත ඔහු මා රැගෙන යෑමට පැමිණෙන අතර සියළු බඩු භාහිරාදිය නැවත ලැහැස්ති කරගෙන සිටින ලෙස දැන්විය.


    මා කඩිමුඩියේ 4වැනි මහලට ගොස් කාමරයේ දොර ඇරිනවිටම නාතුර් සහ​
    ඔහුගේ සේවකයෙකු මිලිටරි කබඩ් එකක් සහිතව සාලයේ සිටියේය. අනිකුත් ලංකික පිරිස ඔහුට හිංදි භාෂාවෙන් සහ අරාබියෙන් කිසිවක් පවසමින් සිටී. වැරදිලාවත් හිංදි චිත්‍රිපටියක් නොබලන මට කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව අසරණ තාවයකට පත්විය. මා කලින් “space නේ” යනුවෙන් පැවසු පුද්ගලයා ඉදිරියට පැමිණ “ අය්යා ඉඩ නේ අල්මාරි තියන්ඩ බේ බේ” පැවසුවේය. අනික් පුද්ගලයින්ද එය සනාථ කිරීමට කිසිවක් නාතුර් සමඟ පැවසීය. Sir I don’t need clipboard please bring it back” මා නාතුර් හට පැවසීය. ඔහු සමඟ පැමිණි ඉන්දියානුවා Are you sure? යනුවෙන් දෑස් ලොකු කර මාදෙස බලා නැවත නාතුර් දෙස බලුවේය. Yes damn sure get it back

    කබඩ් සිද්ධිය අවසානයේ විශාල රෑපවාහිනී යන්ත්‍රය අසල ඇති​
    පුටුවේ අසුන්ගත් මා මේ අපායෙන් ඉවත් වනතුරු ඇගිලි ගනිමින් සිටියේය. ස්පේස් නේ යනුවෙන් පැවසු පුද්ගලයා ඔහුගේ යතුරු කැරුල්ලේ තිබු USB drive එක රැගෙන රෑපවාහිනියට සවිකොට නැවතත් අධික ශබ්දයෙන් දමිළ ගීතයක් වාදනය කරන ලදී. ඒ හඩට වඩා ශබ්දයෙන් ඔහු එය ගායනය කරයි. තවත් පුද්ගලයෙකු පැමිණ එය මඳකට අඩු කරද ඔහු ඔරවා බලා නැවත එය වැඩි කරන ලදී. රෑපවාහිනය අසලින් මා ඉවත්වුයේ මාගේ ගමන් මළු පරීක්ෂා කිරීමටයි. ඉන්පසු ඔහු මා පිටුපසට පැමිණ කිසියම් දෙයක් අත් දෙක එකතු කොට කරන ලදී. එය හරි ආකාරව නොදැක්කද මා ඉදිරියෙන් ඇඳුම් මදිමින් සිටි පුද්ගලයාගේ සිනහවෙන් මට එය වඩාත් සනාථ විය. කිසිවක් ගණන් නොගත් මා මැද කාමරයට ගියේ ගහන් මළු ටික පරීක්ෂා කිරීමටයි. මගේ පහළ ඇදේ සිටි නොදුටු මිතුරා තිර ආවරණය ඉවත්කොට ඇඳමත ඉදගෙන සිටියේය.
    ආ කොහොමද පුතා. ඔයාද අලුතින් ආවේ....! සුදු කොණ්ඩයක් ඇති රතු පැහැයට හැරුනු මැදිවියේ පුද්ගලයෙකු උනුසුම් ලෙස මාහට ආමන්ත්‍රණය කරන ලදී. ඔහුගේ සිංහල උච්චාරණයට මා සිතුවේ සිංහල විය හැකි බවයි. නමුත් ඔහුගේ නම මන්සුර් වන අතර පොලොන්නරුව ප්‍රදේශයේය.ඔයා කාලා එහෙමද? මට නින්ද ගියාග අපි ඉතින් රෑට තමයි වැඩ.. ඉතාමත් නිහත මානී ලෙස ඔහු මාහට ඇමතීය. දැනට ඔය බෑග් ඇඳයටට දාන්න. පස්සේ කබඩ් එකක් ගන්න පුළුවන්.
    ඔහු සිංහලෙන්ම එහා ඇදේ නිදමින් සිටි පුද්ගලයාට පැවසුවේ​
    මේ අලුත් මල්ලිටත් එක්ක තේ තුනක් දාන්න යනුවෙනි. මම සාමාන්‍යෙයන් තේ පානය නොකරයි. නමුත් මේම නිහතමානී පුද්ගලයාගේ හිත කැඩීමට බැරි නිසා ඔහු වෙනුවෙන් තේ කෝප්පය රැගෙන ඔහු පසුපස සාලයට ගියා.
    මන්සුර් අය්යා අවුරුදු 18ක් කටාර් වල සේවය කරන අතර​
    සියළුම අස්සක් මුල්ලක් ගැන දනී. ඔහු දරුණු රිය අනතුරකට පසු මෙම ආයතනයේ මුර කරුවෙකු වශයෙන් සේවය කරයි. ආයතනයෙන් ඔහුට විශේෂ සැළකිලි ලැබෙන බවට ඔහු මා සමඟ පැවසුවේය. හවස 6.30 වැඩ මුරය පටන් ගැනීම සඳහා ලහි ලහියේ සියළුම පුද්ගලයින් ලැහැස්ති වෙයි. මා ගණන් කළ ආකාරයට 16 දෙනෙකු මා හැරුණුවිට මෙහි ඇත. නාන කාමර දෙකම එක ආකාරයට කාර්ය බහුලව ඇත. තමාගේ වාරය එනතුරු අනිකා එය ඉදිරියට වෙලා සිටියි.ඒ අතර තුරු ද සමහරෙක් ගෙදර නෑදෑයීන් සමඟ දුරකථනයෙන් කථා කරයි.
    ගතවුයේ නිමිෂයකි නාතුර් පැමිණ දොර ඇර කිසිවක් අරාබියෙන් පැවසුවේය. එවිටම මාගේ මිතුරා පැමිණියේය. සියළු දෙනා තමා කරමින් සිටි වැඩ මඳකට නවත්නා දොර අසලට පැමිණ අස්ලාම් වාලෙක්කුම් යනුවෙන් ඔහුට අත දීමට පෙළ ගැසෙන ලදී, සලාම් යනුවෙන් පැවසු ඔහු පැමිණ මා වැළද ගත්තේ සියල්ලම විශ්මයට පත්කරමින්ය.
    මා ඔහු දුටුවේ අවුරුදු කිහිපයකින්. ඔහුගේ හැඩරුව බොහෝ​
    සෙයින් වෙනස්ව ඇත.අධික දුම් පානය නිසා ශරීරය කෙට්ටු වී ඇදීගොස් ඇත. කෝණ්ඩය තුනීවී තරමක් දුරට තට්ටය පෑදී ඇත. එය වතුරේ ඇති අධික අයන් ඔක්සයිඩ් වල බලපෑම නිසා බව පසුව ඔහු පැවසුවේය.නමුත් ඔහු කඩවසම්ය. කාමරයේ සිටි අනිකුත් පිරිසට සිදුවන්නේ කුමක්ද යනුවෙන් වටහා ගැනීමට නොහැකිව මාදෙස ද්‍රවිඩ චිත්‍රපටක විරයා දෙස බලා සිටිනා ලෙස බලාගෙනය. මා හට හැගුණ පරිදි මෙහි සිටිනා සියල්ල ඔහුගේ යටත් සේවකයින්ය.
    මාගේ ගමන් බෑගයක් ගත් ඔහු let’s​
    go then හඩ නගා පැවසිය. මට සංග්‍රහකරපු මන්සුර් අය්යාට සහ ඔහුගේ මිතුරාට ස්තුතිකොට මා සෙව්වේ “space නේ” දෙසයි. ඔහු බිම බලාගෙන සිටියි. මාහට මුහුණ දීමට කිසිදු ශක්තියක් ඔහු තුල නොමැත. එය මට ප්‍රමාණවත්ය.
    අපායෙන් සමුගත් අපි මා මිතුරාගේ silvarado​
    truck රථයෙන් බර්වා සිටි නැමති ප්‍රදේශයේ වු මාගේ අලුත් නවාතැනට පැමිණියේය. එය සාමකාමී පරිසරයකි villa ක්‍රමයට ඇති විශාල accommodation ගොඩ නැගිලි රාශියකගෙන් බර්වා සිටි හැදී ඇත. මාගේ අලුත් කාමර සගයා වුයේ South African මිතුරෙකි. ඔහු නමින් ජේසන් වන අතර අප ආයතනයේ ප්‍රධාන විදායක තනතුරක් හොබවන පුද්ගලයෙකි. මගේ මිතුරා ඔහුට මාව හදුන්වා දී නික්ම ගියේ කිසියම් ගැටළුවක් තිබේනම් අමතන ලෙසට දන්වායි. ඔහු මාගේ රැචි අරුචි කම් බොහොමයක් දන්නා නිසා මට උච්ත ආකාරයටම සියල්ල ලබාදෙයි.
    ජෙසන් නිතර සිනාමුසු මුහුනකින් සිටිනා පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ​
    සහ දරුවන් ඇමරිකාවේ වාසය කරයි. සවුත් අෆ්රිකාවේ වර්ණ බේදය තදින් ඇත. සුදු ජාතිකයෝ බොහොමයක් සරණාගතයින් ලෙස ඇමරිකාවේ වාසය කරයි. ඔහු ද එසේ ඇමරිකාවේ පුරවැසි භාවය ලැබු අයකි. ඔහු හෝ මා කිසිම විටක කාමරය තුල කිසිම දුරකථන ඇමතුමක් නොගනී. අනිකාගෙන් අසා සිංදුවක් වාදනය කරයි. ඔහු දුම්පානය කරන්නේ එළියටගොස්ය. අනික් කාමර දෙකෙහි කියුබානු ජාතිකයින් 04 දෙනෙකු වසය කරති. ඔවුන් ගෙන්ද කිසිදු කරදරයක් නොමැත.
    රැකියාවේ මාගේ පළමු දිනයේ මට හමුවුයේ රායි නමින් හඳුන්වන නේපාල​
    ජාතිකයෙකි.ඔහු විශ්‍රම යෑමට නියමිතව ඇති නිසා ඔහුගේ රාජකාරියට මා මෙහි කැදවන බව පසුව දැනුම් දෙන ලදී. මා හට පැවරී තිබු කාර්ය වුයේ ඩිලිවරි සුපර්වයිස් කිරීමයි. ඊට අමතරව පිටරටින් පැමිණෙන භාණ්ඩ රේගුවෙන් නිරාකරණය කිරීමේ වගකීමද මාහට පැවරී තිබිණ. ටික කාළකින් මාගේ සේවය ආයතනය විසින් අගේ කොට department supervisor දක්වා උසස් වීමක් සිදුවිය. පළමු දිනයේදී මාහට කාමරයේ නොසළකපු පිරිස ටික ටික මාගේ උදව් අවශ්‍යවන්නට විය. ඒ කෙසේද යත් ඩිලිවර් සඳහා පොයින්ට් දීමක් අප ආයතනය විසින් කරනු ලබයි. ප්‍රමාදයකින් තොරව සිදුකරන සියළුම ඩිලිවරි සඳහා ගෙවන මුදල් ප්‍රමාණය අනුමත කරනු ලබන්නේ මා විසිනි. “ Mr Space නේ” නිතර පැමිණ සර් මගෙ පේපර් එක හරිද යනුවෙන් ඉතා යටහත් පහත් අසනු ලබයි. ඔහුට තේරුණද නැතිද මට අදාල නැත. මා ඉංග්‍රීසියෙන් පමණක් ඔහුට අමතයි. දෛවයේ සරදමක් ලෙස මා ප්‍රථම දිනයේ ගිය කාමරයේ සිටි බහුතරයක් මාත් සමඟ එකටම වැඩ කිරීමට සිදුවී ඇත. මන්සුර් අයියා පැමිණ විවිධ දේ කථාකරයි. සැබැවින්ම ඔහු නිහතමානී පුද්ගලයෙකි.
    මා ගතකළ අවුරුදු 4 කාළය තුළ මාහට විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින්​
    ඇසුරට හැකිවිය.එයින් ඉන්දියන්,බංගලිදේශ් සහ ඊජිප්තු පුද්ගලයින් සම්බන්ධව කරන ගනුදෙනු වලදී ඉතා ප්‍රවේශම් විය යුතුය. තවද නේපාල් සහ පාකිස්ථාන්යන රටවලද බහුතරය ලංකාවේ මෙන් විශ්වාස කළ නොහැක.
    3වැනි වසර අවසානයේදී මා මිතුරු නෆා​
    ආයතනයෙන් යන බවට පැවසුවේය. ඒ ඔහුගේ විවාහය සඳහායි. ටියුනීසියානු ජාතිකයෙකු විවාහ වීම සඳහා ලංකාවේ මුදලින් ලක්ෂ 30 පමණ මුදලක් එකතුකරගත යුතුව ඇත. තවද රත්‍රන් බඩු සහ අනිකුත් උපකරන සියල්ල අසම් පුර්ණ නම් ඔහුට විවාහයක් සිදුකර ගැනීමට නොහැකිය. ඔහු දිවා රෑ නොබාලා මුල් අවුරුදු කිහිපය පුරාවට ඔහුගේ විවාහයට සඳහා මුදල් රැස් කරන ලදී. ඔහුට ඇති පීඩනය දරාගැනීමට නොහැකි කළ මාගේ කාමරය අසලට පැමිණ එක දිගට සිගරට් 4 පමණ පාණය කිරීම ඔහුගේ සිරිතයි. ඔහුට එතරටම ගැටළු ඇත. ඔහු පවසන ආකාරයට එයට විසඳුම් දෙවියන්ටද නොමැත.

    වර්ථමානයේ මා දරුවා සහ බිරිඳ සමඟ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරයි.​
    මාගේ කාමරයේ මිතුරා වු ජේසන් කිහිප විටක් මා බැලීමට පැමිණ ඇත. මා රැකියා කරන ආයතනය බංකොලොත්වී රැකියාව නොමැතිව කල් ගතකරපු වාස 03 අදටද මම ඔහුට ණය ගැතිය
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    bump.
    එක හුස්මට කියෙව්වා.පුදුම කටුක කමක් ඒ වචන වල තියෙනවා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meeta vada katuka devala thiyenava. Varak Lankave katiyak padi vadi karannai kiya, siyalu denama ekathu vee , Arabi owner hamu vemmata giyeya. Result ----siyalu denama ,apahu Lankavata patavini. Samaharu , Guti kanava dutuvemi. Sakacchava kata yai kiya, invite kara, Hambaneka GUTI dee thibuni. Guti nokava sea , Lankavata apahu Ei. Namuth godak denek enne , Guti labimen pasuvaya. Apoi deviyane, Lankave Minissunta giya kalak.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බෑග් ටික බිත්තිය අයිනෙන් තබා මම තවදුරටත් මෙහි සේවය කරනවාද? නැද්ද? යනුවෙන් මගෙන්ම අසන ලදී.

    :yes::yes::sorry:

    ඕක තමයි මටත් ඇති වෙච්ච එපාම කරපු සිතුවිල්ල..:sorry: මටනම් දවස් 4ක් එහෙම ඉන්න උනා හරි තැනට යනකන්.. හප්පෝ..:sorry: කුජීතයි..
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    Meeta vada katuka devala thiyenava. Varak Lankave katiyak padi vadi karannai kiya, siyalu denama ekathu vee , Arabi owner hamu vemmata giyeya. Result ----siyalu denama ,apahu Lankavata patavini. Samaharu , Guti kanava dutuvemi. Sakacchava kata yai kiya, invite kara, Hambaneka GUTI dee thibuni. Guti nokava sea , Lankavata apahu Ei. Namuth godak denek enne , Guti labimen pasuvaya. Apoi deviyane, Lankave Minissunta giya kalak.

    ගොඩක් වෙලාවට එම්බසිවල ඉන්න අය හොඳනැහැ ඔය වගේ රටවල් වල.
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    බෑග් ටික බිත්තිය අයිනෙන් තබා මම තවදුරටත් මෙහි සේවය කරනවාද? නැද්ද? යනුවෙන් මගෙන්ම අසන ලදී.

    :yes::yes::sorry:

    ඕක තමයි මටත් ඇති වෙච්ච එපාම කරපු සිතුවිල්ල..:sorry: මටනම් දවස් 4ක් එහෙම ඉන්න උනා හරි තැනට යනකන්.. හප්පෝ..:sorry: කුජීතයි..

    අම්මො බං කටාර් ගියාවගේ
    මිනිස්සු මාර දුකක් විදින්නේ


    :yes::yes::yes::yes::yes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ගොඩක් රටවල ඔහොම තමා .ලංකාවේ ඉන්න එවුන් හිතන්නේ රට ගියාම ගොඩ තමා කියලා . යන එවුන් අපා දුක් විඳලා තමා ගොඩ එන්නේ . මේක බොහොම පොඩි කෑල්ලක් .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    bump.
    එක හුස්මට කියෙව්වා.පුදුම කටුක කමක් ඒ වචන වල තියෙනවා

    real life in gulf
    Bump

    Meeta vada katuka devala thiyenava. Varak Lankave katiyak padi vadi karannai kiya, siyalu denama ekathu vee , Arabi owner hamu vemmata giyeya. Result ----siyalu denama ,apahu Lankavata patavini. Samaharu , Guti kanava dutuvemi. Sakacchava kata yai kiya, invite kara, Hambaneka GUTI dee thibuni. Guti nokava sea , Lankavata apahu Ei. Namuth godak denek enne , Guti labimen pasuvaya. Apoi deviyane, Lankave Minissunta giya kalak.

    අම්මො බං කටාර් ගියාවගේ
    මිනිස්සු මාර දුකක් විදින්නේ

    ගොඩක් වෙලාවට එම්බසිවල ඉන්න අය හොඳනැහැ ඔය වගේ රටවල් වල.

    Amboo palaweni thanama inna unanan ehema epa wenawa

    hamba ratawala no human right sana.


    මේ කියන කතාව කොච්චර පරණ එකක්ද ? අලුත් එකක්ද ?

    කොටි කේස් ඇත්ත... උන් ටෙඩියෝ වෙනුවට තියන් ඉන්නේ කොටියෝ...
    යුද්දේ කාලේ ලොකුවට මෙහෙත් කේස් ගියා...

    දැන් නම් සද්දේ වහල ඉන්නේ හැබැය් උන් සිංහල මිනිස්සුන්ට බයය් අය්ය අය්ය කියල කතා කරන්නේ...

    මෙයාව ගෙනිහින් දාල තියෙන්නේ ඉස්සෙල්ලම ලේබර් කැම්ප් එකකට , ලේබර් ලට කට්ට තමය් , ශ්‍රමය සුරන් කනවා... හැබැය් දැන් ඔය සෙල්ලම් බැහැ...

    හියුමන් රය්ට්ස් වලින් කටාර් වලට ලෙඩේ ඇදල දැන් ලේබර්ලට හොද සැප....

    කෑම දෙනවා...
    එක රුම් එකේ උපරිම 4
    ලිවින්ග් රුම් තියෙනවා ටීවී බලන්න , ඇවිල්ල කාලය ගත කරන්න..
    වොෂින් මචින් එකේ ඉදල සේරම උපකරණ දීල තියෙනවා...
    ෆ්‍රී වය්ෆය් දෙන්න කියල තියෙන්නේ දීල තියෙන්නේ නම් ස්ලෝ කනෙක්ෂන්..
    ගවමන්ට් එකෙන්ම ඉන්ටර්නෙට් දීල , කම්පිය්ටර් දීල ලැබ්ස් හදල ලේබර්ලට ට්‍රේනින් දෙනවා..
    අය්ටි පැත්ත බලන්න උන් මාත් එක්ක කොඩිනේට් කරනවා...

    සති 2 සැරයක් ගවමන්ට් එකෙන් එනවා කැම්ප් චෙක් කරන්න ගිහිල්ල බලනවා ලේබර්ල කම්ප්ලේන් කලොත් කම්පනියට අව්ල්...

    දැන් ප්රෝජෙක්ට්ස් දෙන්නේ ලේබර් ට තියෙන පහසුකම් මෙන්ටලි කොමද කියල බලල සේරම චෙක් කරලා.... නැත්නම් ප්රෝජෙට්ස් දෙන්නේ නැ

    පඩි පරක්කු නම් , මොනා හරි අව්ල් නම් ලේබර් කෝට් ගිය ගමන් සේරම විසදලා දෙනවා...

    එම්බසි එකෙන් නම් කරන රෙද්දක් නැ , මිනිස්සු ගැන බලන්නේ නැ උන් ගැන කතා කරන වචන අපරාදේ....

    දැන් ඉස්සර වගේ බැහැ... කටාර් වල ලේබර් එන්නේ නැතුව වෙන ගොඩක් එන්න ජොබ් තියෙනවා...


    ඉන්දියන් කාරයෝ සෑර් සෑර් ගාගෙන වැලීඩ් නැති ඩිග්රි ගහන් ඇවිල්ල මාකට් එක කාල තියෙන්නේ.... උන් හැම එකාටම ඩිග්රි තියෙනවා...
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    මේ කියන කතාව කොච්චර පරණ එකක්ද ? අලුත් එකක්ද ?

    කොටි කේස් ඇත්ත... උන් ටෙඩියෝ වෙනුවට තියන් ඉන්නේ කොටියෝ...
    යුද්දේ කාලේ ලොකුවට මෙහෙත් කේස් ගියා...

    දැන් නම් සද්දේ වහල ඉන්නේ හැබැය් උන් සිංහල මිනිස්සුන්ට බයය් අය්ය අය්ය කියල කතා කරන්නේ...

    මෙයාව ගෙනිහින් දාල තියෙන්නේ ඉස්සෙල්ලම ලේබර් කැම්ප් එකකට , ලේබර් ලට කට්ට තමය් , ශ්‍රමය සුරන් කනවා... හැබැය් දැන් ඔය සෙල්ලම් බැහැ...

    හියුමන් රය්ට්ස් වලින් කටාර් වලට ලෙඩේ ඇදල දැන් ලේබර්ලට හොද සැප....

    කෑම දෙනවා...
    එක රුම් එකේ උපරිම 4
    ලිවින්ග් රුම් තියෙනවා ටීවී බලන්න , ඇවිල්ල කාලය ගත කරන්න..
    වොෂින් මචින් එකේ ඉදල සේරම උපකරණ දීල තියෙනවා...
    ෆ්‍රී වය්ෆය් දෙන්න කියල තියෙන්නේ දීල තියෙන්නේ නම් ස්ලෝ කනෙක්ෂන්..
    ගවමන්ට් එකෙන්ම ඉන්ටර්නෙට් දීල , කම්පිය්ටර් දීල ලැබ්ස් හදල ලේබර්ලට ට්‍රේනින් දෙනවා..
    අය්ටි පැත්ත බලන්න උන් මාත් එක්ක කොඩිනේට් කරනවා...

    සති 2 සැරයක් ගවමන්ට් එකෙන් එනවා කැම්ප් චෙක් කරන්න ගිහිල්ල බලනවා ලේබර්ල කම්ප්ලේන් කලොත් කම්පනියට අව්ල්...

    දැන් ප්රෝජෙක්ට්ස් දෙන්නේ ලේබර් ට තියෙන පහසුකම් මෙන්ටලි කොමද කියල බලල සේරම චෙක් කරලා.... නැත්නම් ප්රෝජෙට්ස් දෙන්නේ නැ

    පඩි පරක්කු නම් , මොනා හරි අව්ල් නම් ලේබර් කෝට් ගිය ගමන් සේරම විසදලා දෙනවා...

    එම්බසි එකෙන් නම් කරන රෙද්දක් නැ , මිනිස්සු ගැන බලන්නේ නැ උන් ගැන කතා කරන වචන අපරාදේ....

    දැන් ඉස්සර වගේ බැහැ... කටාර් වල ලේබර් එන්නේ නැතුව වෙන ගොඩක් එන්න ජොබ් තියෙනවා...


    ඉන්දියන් කාරයෝ සෑර් සෑර් ගාගෙන වැලීඩ් නැති ඩිග්රි ගහන් ඇවිල්ල මාකට් එක කාල තියෙන්නේ.... උන් හැම එකාටම ඩිග්රි තියෙනවා...


    rep+
     
    • Like
    Reactions: hichchiputha

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රට යන්න පු* අමාරුව තියෙන උන්ට හොඳ ලිපියක් මෙක.
    මෙකෙන් කියන්නෙ නැහැ යන්න එපා කියලා .එත් මතක තියා ගනිල්ලා කොයි රටට ගියත් මෙ කට්ට මෙහෙමම තමා. අපිට අපි විතරයි. සුපිරි ජීවිත ගත කරන්නෙ බොහොම සුළු පිරිසයි.
    ඒ ඉතිං ඒ රටවල් වලට ඒ කාලවල් වල ගිහින් පැලපදියම් වෙච්ච උන් සහ බිස්නස් කරලා ගොඩ කිය කිහිප දෙනෙක් විතරයි.
    අනෙක් සෙරම කන්නෙ මෙ කට්ට තමා කොච්චර ලොකු පඩි ගත්තත්
    භාෂාව ගැටළුවක් වෙනවා ඔනිම එකෙක්ට.
    හින්දි අරාබි තමා වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ මැදපෙරදිග නම්.

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රට යන්න පු* අමාරුව තියෙන උන්ට හොඳ ලිපියක් මෙක.
    මෙකෙන් කියන්නෙ නැහැ යන්න එපා කියලා .එත් මතක තියා ගනිල්ලා කොයි රටට ගියත් මෙ කට්ට මෙහෙමම තමා. අපිට අපි විතරයි. සුපිරි ජීවිත ගත කරන්නෙ බොහොම සුළු පිරිසයි.
    ඒ ඉතිං ඒ රටවල් වලට ඒ කාලවල් වල ගිහින් පැලපදියම් වෙච්ච උන් සහ බිස්නස් කරලා ගොඩ කිය කිහිප දෙනෙක් විතරයි.
    අනෙක් සෙරම කන්නෙ මෙ කට්ට තමා කොච්චර ලොකු පඩි ගත්තත්
    භාෂාව ගැටළුවක් වෙනවා ඔනිම එකෙක්ට.
    හින්දි අරාබි තමා වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ මැදපෙරදිග නම්.

    Bokka ,

    Samahara than niwaradi wenna ona