First Alien Object? Are Aliens REAL?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes: අනිවා ඇති :D මට හිතෙනව උන්ගෙ චින්තනේ හෙන වෙනස් උන් තමා පොලොවටත් ජීවය ඇතිවෙන්න seeds එවන්න ඇත්තෙ කියල :love: ක්ශුද්‍ර ජීවියො කැප්සියුල් එකක දාල එවන්න ඇති :love:
    Adee, matath hithenne okamai. :love::love:

    :yes: GTR. ස්කන්ධයක් අසල ඉන්න කෙනෙක්ගෙ කාලය ගත වීම ස්කන්ධෙන් ඈතින් ඉන්න කෙනෙක් දකින්නෙ slow වෙලා වගේ. හැබැයි ස්කන්ධය අසල ඉන්න කෙනාට වෙනසක් දැනෙන්නෑ. වේගෙන් යද්දිත් එහෙමයි. aliens ල විශ්වය නිරීක්ශණය කරන්න black holes වගේ හෙන ස්කන්ධයක් තියෙන වස්තු කිට්ටුව ජනාවාස ඇති කරගෙන ඇති කියන එක තව solution එකක්. එතකොට උන්ට අපිට අවුරුදු ගානක් තිස්සෙ දකින දේ ඊට වඩා පොඩි කාලෙකදි වෙනව දකින්න පුලුවන් :yes:
    මම A/L කරන කාලෙ ෆිසික්ස් වලදි අහුව මතකයි, ඕනෙම වස්තුවක් ආලෝකෙ වේගෙන් ගියොත් එකෙ ස්කන්ධය අනන්ත වෙනව කියල. එතකොට උඹ කිව්ව වගේ අර ස්කන්ධය වැඩිවීම නිසාද ආලෝකෙ වේගෙන් ගියොත් ටයිම් එක යන එකේ වෙනසක් වෙන්නෙ? නැතුව ආලෝකෙ වේගෙන් යනව කියන හේතුව හින්දම විතරක් නෙමෙයිද? ආලෝකයේ වේගයෙන් යනකොට ස්කන්ධය අන්නත් වෙනව අන්න ඒ ස්කන්ධයයට වෙන වෙනස නිසා වේලාවෙ බලපෑම වෙනස් වෙනව කියන එක නේද?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Adee, matath hithenne okamai. :love::love:

    මම කරන කාලෙ ෆිසික්ස් වලදි අහුව මතකයි, ඕනෙම වස්තුවක් ආලෝකෙ වේගෙන් ගියොත් එකෙ ස්කන්ධය අනන්ත වෙනව කියල. එතකොට උඹ කිව්ව වගේ අර ස්කන්ධය වැඩිවීම නිසාද ආලෝකෙ වේගෙන් ගියොත් ටයිම් එක යන එකේ වෙනසක් වෙන්නෙ? නැතුව ආලෝකෙ වේගෙන් යනව කියන හේතුව හින්දම විතරක් නෙමෙයිද? ආලෝකයේ වේගයෙන් යනකොට ස්කන්ධය අන්නත් වෙනව අන්න ඒ ස්කන්ධයයට වෙන වෙනස නිසා වේලාවෙ බලපෑම වෙනස් වෙනව කියන එක නේද?

    වේගය වැඩිවෙද්දි නිරීක්ශණය කෙරෙන ස්කන්ධෙ වැඩි වෙනව :yes: ආලෝකෙ වේගෙම වෙන්න ඕන්නෑ නිකං බස් එකක් යන වේගෙන් ගියත් පොලොවෙ ඉන්න නිරීක්ශකයට බස් එක නිරීක්ශණය වෙන්නෙ ස්කන්ධය වැඩි වෙලා වගේ. පොඩි වේග වලදි දැනෙන තරං වෙනසක් නෑ ඉතිං ඒක නොසලකා හරිනව. ආලෝකෙ වේගෙ කිට්ටු වෙද්දි ලොකු දැනෙන වෙනසක් වෙනව. ආලෝකෙ වේගෙ ලංවෙද්දි ලිමිට් එක අනන්තෙට යනව. ඒ නිසා නිශ්චලතාවෙ ඉන්දැද්දි ස්කන්ධයක් තියෙන කිසිම වස්තුවක් ආලෝකයේ වේගය ලඟා කරගන්නකං ත්වරණය කරන්න බෑ. වේගෙ වැඩි වෙන්න වැඩි වෙන්න දෙන්න ඕනෙ බලේ වැඩි වෙනව.

    වෙනස තීරණය වෙන්නෙ බලන කෙනා අනුව. සාපේක්ශතාවාදය. එකෙක්ට වස්තුවක් පේන්නෙ වේගය 10කිං යනව වගේ නං තව එකෙකුට පේන්නෙ 5කිං යනව වගේ නං, දෙන්න එකම වස්තුවෙ නිරීක්ශණය කරන ස්කන්ධයත් වෙනස්. ඔක්කොම නිරීක්ශකයා මත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Aliens-5ad4ee9231283400363d13c4.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    aliens ල විශ්වය නිරීක්ශණය කරන්න black holes වගේ හෙන ස්කන්ධයක් තියෙන වස්තු කිට්ටුව ජනාවාස ඇති කරගෙන ඇති කියන එක තව solution එකක්. එතකොට උන්ට අපිට අවුරුදු ගානක් තිස්සෙ දකින දේ ඊට වඩා පොඩි කාලෙකදි වෙනව දකින්න පුලුවන් :yes:
    ඒත් එහෙමනම් ඒගොල්ලන්ට චෙක් කරන්න පුලුවන් ඒ බ්ලැක්හෝල් එකට අවිල්ල වැටුන ආලෝක කිරණ ගැන විතරයි නේද? ඒ බ්ලැක්හෝල් එකට ආලොක කිරණ වැටෙන්නෙ නැති දුරක වෙන දේවල් ගැන බලන්න බරුව ඇති නේද? ඒත් ඉතිං එහෙම කරන්න බ්ලැක්හෝල් එකක් ලගට ගිහින් ඉන්න එපැයි ඒලියන්ස්ල. ඒත් ෆිසික්ස් වලට අනුව බ්ලැක්හෝල් එකෙ ග්‍රැවිටි එකත් එක්ක කිසිම දේකට රැදිල ඉන්න බෑනෙ?:rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක නිකන් මලකඩ කාපු ඇනයක් වගේ නෙ :baffled:
    ඕව බං, සිමියුලේශන්. ඔරිජිනල් එක උන්ගෙ සිස්ටම් වල එක පික්සෙල් එක තරම් පොඩියටලු වැදිල තිබ්බෙ. ඒ තොරතුරු අනුව කොහොම වෙන්න පුලුවන්ද කියල තීරනය කරල හදපු සිමියුලේශන් තමා දාල තියෙන්නෙ නාස එකෙං.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    i dont know, therefore aliens...

    විශ්වයේ මොකක් හරි anomaly එකක් දැක්කම මුලින්ම මතක්වෙන්නේ aliens :baffled:
    ඔව් ඒක ඇත්ත. මොකක්හරි වෙනසක් දැක්ක ගමන් හැමෝම ඒලියන්ස්ල කියල තමා හිතන්නෙ. ඒක නෝමල්. ඒත් අර දොරමඩලාව විඩියො එකේ Dr.සරත් ගුණපාල කියන කරුණු විදියට මේක ඒලියන් සීන් එකක් වෙන්න පුලුවන් වැඩි සම්බාවිතාවක් තියෙනව. (100% නෙමෙයි ඉතිං :rofl::P)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒත් එහෙමනම් ඒගොල්ලන්ට චෙක් කරන්න පුලුවන් ඒ බ්ලැක්හෝල් එකට අවිල්ල වැටුන ආලෝක කිරණ ගැන විතරයි නේද? ඒ බ්ලැක්හෝල් එකට ආලොක කිරණ වැටෙන්නෙ නැති දුරක වෙන දේවල් ගැන බලන්න බරුව ඇති නේද? ඒත් ඉතිං එහෙම කරන්න බ්ලැක්හෝල් එකක් ලගට ගිහින් ඉන්න එපැයි ඒලියන්ස්ල. ඒත් ෆිසික්ස් වලට අනුව බ්ලැක්හෝල් එකෙ ග්‍රැවිටි එකත් එක්ක කිසිම දේකට රැදිල ඉන්න බෑනෙ?:rolleyes:

    ආලෝකය හැම පැත්තෙන්ම එනවනෙ :) black hole එකක් ගාව හිටිය කියල වෙනසක් නෑ ඈත තියෙනව ඒව නිරීක්ශණය කලෑකි :yes: අපිට පොලොවෙ ඉඳන් බලන්න පුලුවනුත් ඉතිං පොලොවට ආලෝකය ආවොත් විතරනෙ.

    ලඟට ගියාම ඉලිප්සෙක කක්ශගත වෙනවනෙ :yes: ඒකෙ සෑහෙන කාලයක් ඉන්න පුලුවන් වෙයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,478
    1
    42,559
    113
    වේගය වැඩිවෙද්දි නිරීක්ශණය කෙරෙන ස්කන්ධෙ වැඩි වෙනව :yes: ආලෝකෙ වේගෙම වෙන්න ඕන්නෑ නිකං බස් එකක් යන වේගෙන් ගියත් පොලොවෙ ඉන්න නිරීක්ශකයට බස් එක නිරීක්ශණය වෙන්නෙ ස්කන්ධය වැඩි වෙලා වගේ. පොඩි වේග වලදි දැනෙන තරං වෙනසක් නෑ ඉතිං ඒක නොසලකා හරිනව. ආලෝකෙ වේගෙ කිට්ටු වෙද්දි ලොකු දැනෙන වෙනසක් වෙනව. ආලෝකෙ වේගෙ ලංවෙද්දි ලිමිට් එක අනන්තෙට යනව. ඒ නිසා නිශ්චලතාවෙ ඉන්දැද්දි ස්කන්ධයක් තියෙන කිසිම වස්තුවක් ආලෝකයේ වේගය ලඟා කරගන්නකං ත්වරණය කරන්න බෑ. වේගෙ වැඩි වෙන්න වැඩි වෙන්න දෙන්න ඕනෙ බලේ වැඩි වෙනව.

    වෙනස තීරණය වෙන්නෙ බලන කෙනා අනුව. සාපේක්ශතාවාදය. එකෙක්ට වස්තුවක් පේන්නෙ වේගය 10කිං යනව වගේ නං තව එකෙකුට පේන්නෙ 5කිං යනව වගේ නං, දෙන්න එකම වස්තුවෙ නිරීක්ශණය කරන ස්කන්ධයත් වෙනස්. ඔක්කොම නිරීක්ශකයා මත.

    හුටා ඇත්තටම මොකුත් වෙන්නෙ නැද්ද එතකොට :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් ඒක ඇත්ත. මොකක්හරි වෙනසක් දැක්ක ගමන් හැමෝම ඒලියන්ස්ල කියල තමා හිතන්නෙ. ඒක නෝමල්. ඒත් අර දොරමඩලාව විඩියො එකේ Dr.සරත් ගුණපාල කියන කරුණු විදියට මේක ඒලියන් සීන් එකක් වෙන්න පුලුවන් වැඩි සම්බාවිතාවක් තියෙනව. (100% නෙමෙයි ඉතිං :rofl::P)

    මම බැලුවේ පල්ලෙහා වීඩියෝ එක විතරයි...
    දොරමඩලාව වීඩියෝ එකේ සම්පුර්නෙන් කතා කරන්නේ ඕක ගැනද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආලෝකය හැම පැත්තෙන්ම එනවනෙ :) black hole එකක් ගාව හිටිය කියල වෙනසක් නෑ ඈත තියෙනව ඒව නිරීක්ශණය කලෑකි :yes: අපිට පොලොවෙ ඉඳන් බලන්න පුලුවනුත් ඉතිං පොලොවට ආලෝකය ආවොත් විතරනෙ.

    ලඟට ගියාම ඉලිප්සෙක කක්ශගත වෙනවනෙ :yes: ඒකෙ සෑහෙන කාලයක් ඉන්න පුලුවන් වෙයි :yes:
    ඒකත් ඇත්ත. :yes::yes::yes:
    එතකොට බං ලොකෙ කිසිම දේකට ආලොකෙ වේගෙන් යන්න බැරිද? ආලෝකය කියන්නෙත් තරංග විදියට යන අංශු නේද? ඉතිං ඒවටත් ස්කන්ධයක් තියෙනවනෙ? ඉතිං ආලෝකයි කොහොමද එහෙම වේගෙන් යන්නෙ කිසි අවුලක් නැතුව
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම බැලුවේ පල්ලෙහා වීඩියෝ එක විතරයි...
    දොරමඩලාව වීඩියෝ එකේ සම්පුර්නෙන් කතා කරන්නේ ඕක ගැනද ?
    නෑ නෑ. ඒකෙ මුල් විනාඩි 5 බලපං. :yes::yes: