ඔව් ඔව් නියුට්රිනෝ කේස් එක තමයි.
එහෙනං මචං ඒලියන්ස්ල අපිට වඩා කොච්චර දියුණු උන්ටත් ආලෝකයෙ වේගෙන් යන ස්පේස්ශිප් හදල එන්න විදියක් නෑ නෙ, උනුත් මෙහෙට එන්න ගියොත් ආලෝක වර්ශ ගානක් යනව නෙද, ඒකත් එක හේතුවක් වෙන්නැති උන් මෙහෙට එන්නෙ ඇති වෙන්න
ස්ට්රින්ග් තියරි කියල එකකුත් තියෙනවනේද, ඒකට අනුවත් බැරිද ආලෝක් වේගෙට වැඩියෙන් යන්න පුලුවන් කියල?
ආලෝකයේ වේගය ලිමිට් එක වෙන්නෙ අපේ තියරි වලට අනුව. ඒ ලිමිට් එකට එහා යන්න පුලුවන් විදි සමහර විට තියෙන්න පුලුවන්. ඒත් අපේ තියරිත් දැනට සෑහෙන දියුණුයි ඒ නිසා එහෙම ක්රමයක් තිබ්බත් ඒක ප්රායෝගිකත්වයෙන් සෑහෙන ඈත දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. බොහෝ දුරට හැම civilization එකක්ම ආලෝකයේ වේගය නිසා කොටු වෙලා ඉන්නෙ
string තියරි නං එකක් නෙමේ අහල තියෙන තරමිං හෙන ගොඩක් තියෙනවලු
string තියරිය නං දන්න තරමිං හදල තියෙන්නෙ මූලික අංශු විස්තර කරන්න. ආලෝකයේ වේගය ගැන ඒකෙන් නං මොකුත් කියනවද කියල නං දන්නෑ 










