මෙහෙමයි බන්.... සිංහල බෙහෙත් ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි මගේ පවුද්ගලික හැගීමනම් කිසිම විදිහකින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බෑ කියන එකයි. එහෙම බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් මේ ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරයා වෙන්න. මගේ පවුලෙ කෙනෙකුට දියවැඩියාව තියනවනම් මම කවදාවත් සිංහල බෙහෙත් කරන්න යොමු කරන්නෙ නෑ.
මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් අති ප්රසිද්ධ තැනකින් බෙහෙත් අරගන දියවැඩියාවට. ඒ ගියපු තැන වෙද මහත්තයා බෙහෙත් දීලා සතියකට පස්සෙ follow up appointment එකක් දාලා ග්ලූකො මීටර් එකෙන් චෙක් කරලා රිසල්ට් එකත් පෙන්නනවා ෂුගර් ලෙවල් එක අඩු වෙලා කියල. ඒ උනාට එයාගෙත් බෙහෙත් නවත්තපුවම ආයෙත් පරණ විදිහමයි. වෙද මහත්තය ළඟ වැඩට හිටපු නර්ස් කෙනෙක් එයාලා වෙන දවසක බෙහෙත් ගන්න ගියපු වෙලාවක යාලුවගෙ අම්මට කියල තිබුන නෝනලා ලක්ෂ ගණන් වියදම් කරගන එන්න එපා නෝනා වෙද මහත්තයා මෙට්ෆෝමින් කුඩු කරලා ගුලි කල්ක හදන්නෙ කියල. ඒ හින්ද ඔයාලා කල්පනා කරලා තීරණයක් ගන්න මගේ මතේ තමා මම කිවුවේ.
ඉස්සරම හිතුවා කවුරු හරි කියන්නෙ ඇත්ත නිසානෙ කියල. ඊට පස්සෙ කිවුවට පිළිගන්නෙ නැතුව පත්තරේ යන එක ඇත්ත කියල හිතුව. ඊට පස්සෙ කම්පියුටරේ ඉන්ටනෙට් එකේ තියන නිසා පිළිගත්තා. ඊටත් පස්සෙ TV එකේ ප්රෝග්රෑම් එකක යන නිසා ඇත්ත කියල හිතුව. අසනීපයක් හැදුනම කෙනෙක් පිදුරු ගහේ හරි එල්ලෙන නිසා තමයි ඔහොම වෙන්නෙ. ඒ උනාට ඒ දේවල් වලින් වෙන්නෙ නැති ප්රශ්න ඇති වෙන එකයි. පහු ගිය කාලෙක මම පත්තරේකත් දැක්කා කැන්සර් ලෙඩෙක්ව හොඳ කරනවා කියල රවට්ටලා ඒ මිනුස්සුන්ව පාරට බස්සල තිබුන. ලෙඩාගෙ ගෙදර කට්ටිය තමයි පත්තරේට කියල තිබුනෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න කියල.
Thanks machan
eeta passe mama e gana kiyala fb eke prashna kala. passse un e file eka ayin karala thibbaa.