Jesus was a Buddhist Monk

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    බොරු කියන්න එපා බං. මමත් ක්‍රිස්තියන් උබ බයිබලයේ අලුත් ගිවිසුම කියවලා නැතුව ඇති. නිකං නොදන්න දේවල් කියවන්න එපා. ජේසුස් වහන්සේ කුරුසියේ ඇන ගසා මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව සිටිනවා, මේ තියෙන්නේ ඒකට සාක්ෂි.

    මේ තියෙන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයෙක් මලවුන්ට පණ දෙන අවස්ථාවක් කාටවත් මේවා බොරුයි කියන්න බෑ. දේව වචනය අනුව මේවා සත්‍ය සාක්ෂි.

    මා කෙරෙහි අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්, ඔවුන් (ජේසුස් වහන්සේගේ) මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නේය, අන් භාෂා කතා කරන්නේය, රෝගීන් පිට අත් තැබූ කල්හි ඔවුන් සුවය ලබනවා ඇත. යම් මරණීය වස ජාතියක් කෑවත් ඔවුන්ට කිසිවක් නොවන්නේය.

    මේ ඉන්නේ දැනට ලෝකයේ සිටින ජේසුස් වහන්සේ ආලේප කරපු බලවත් දේව දාසයින් දෙදෙනෙක්. මේ අය කරන කැපවීම ඔයාලා දන්නවානම් පුදුම හිතෙයි. ඒ තරම් දුකක් විදල තමයි ජේසුස් වහන්සේගේ ජීවමාන බලය මනුස්සයන්ගේ ජීවත ආලෝකමත් කරන්න භාවිතා කරන්නේ.

    https://www.youtube.com/results?search_query=t+b+joshua+miracles+

    https://www.youtube.com/results?search_query=benny+hinn+miracles

    21 වෙනි සියවසේද ඉන්නෙ.තාම ලොකය තැටියක් කියලද හිතාගෙන ඉන්නෙ?lol
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැරදියි යාළුවා. ජේසුස් වහන්සේ කියන්නේ ආගමක දෙවි කෙනෙක් නොවේ, ඇත්තම කිව්වොත් ජේසුස් කියන්නේ ප්‍රේමය, ආදරයේ උල්පත. අවාසනාවකට ඔයාට ඒ ප්‍රේමයේ අත්දැකීම් නැහැ.

    ....

    මම මුලින් හිතුවේ උබ troll කරනවා කියල ,,, බැලින්නම් උබ මේවා කියන්නේ සිරාවට!:baffled:

    ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද... මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා... එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...:lol:

    සාමාන්‍ය බුද්දියක් තියන මට තේරෙන මේ දේ උබේ ගොන් ජේසුට තේරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රරශ්නේ... :rofl:

    almighty god කියන එක logical fallacy එකක්...
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලොල් මළ උන්ට පන දෙන්ඩ මොන සියවසේද බන් උබල ජීවත් වෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නිකං පොර ටෝක් නොදී මම ඉදිරිපත් කරපු මේ වීඩියේ ඔක්කොම බොරු කියලා ඔප්පු කරපං
    නිකං කට තිබ්බ පලියට දොඩවන්නේ නැතුව

    බයිබල් පදය.
    මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. මම පියානන්වහන්සේ ලගට යන නිසා ඔහු මීට වඩා බලවත් ක්‍රියා කරන්නේය. ජේසුස් වහන්සේ කී සේක.

    ජේසුස් වහන්සේ මලවුන් නැගටවූ බව අපි හැමෝද දන්න සත්‍යයක් අන්න ඒ වගේ තමයි උන්වහනදේ අදහන අයගෙන් ස්වල්ප දෙනෙක්ට ඒ විශ්මිත බලය දෙනවා.

    උබ වගේ නොදරුවෙක්ට නිකං කාලය යොමු කරන්න මම කැමති නැහැ. මේ සත්‍යතාවය හැම කෙනෙක්ටම දකින්න බහැ. ජේසුස් වහන්සේ පොලොවෙන් ‍තෝරා ගන්නේ කිහිප දෙනයි. හැමෝටම උන්වහන්සේ ගැන පිලිගන්න සිත විවර වෙන්නේ නැහැ. ඒකටත් වාසනාව තියෙන්න ඕන.

    ඉස්සල්ලා මම දාපු වීඩියෝ ටික බලලා ඉදපංකෝ බයිබලය කියවලා ඉදපංකෝ. තර්ක කරන්න කලින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527

    Jesus eke tatta kauda bn? Physical tatta newe father kiyala katha karanne katada bn? Eka energy ekakda nattan mokak widihatada wishwasa karanne?:oo:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම මුලින් හිතුවේ උබ troll කරනවා කියල ,,, බැලින්නම් උබ මේවා කියන්නේ සිරාවට!:baffled:

    ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද... මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා... එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...:lol:

    සාමාන්‍ය බුද්දියක් තියන මට තේරෙන මේ දේ උබේ ගොන් ජේසුට තේරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රරශ්නේ... :rofl:

    almighty god කියන එක logical fallacy එකක්...

    ළමයි බඩගින්නේ මැරෙකන් බලන් ඉන්නේ මොන දෙයියෝද?:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නිකං පොර ටෝක් නොදී මම ඉදිරිපත් කරපු මේ වීඩියේ ඔක්කොම බොරු කියලා ඔප්පු කරපං
    නිකං කට තිබ්බ පලියට දොඩවන්නේ නැතුව

    බයිබල් පදය.
    මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. මම පියානන්වහන්සේ ලගට යන නිසා ඔහු මීට වඩා බලවත් ක්‍රියා කරන්නේය. ජේසුස් වහන්සේ කී සේක.

    ජේසුස් වහන්සේ මලවුන් නැගටවූ බව අපි හැමෝද දන්න සත්‍යයක් අන්න ඒ වගේ තමයි උන්වහනදේ අදහන අයගෙන් ස්වල්ප දෙනෙක්ට ඒ විශ්මිත බලය දෙනවා.

    උබ වගේ නොදරුවෙක්ට නිකං කාලය යොමු කරන්න මම කැමති නැහැ. මේ සත්‍යතාවය හැම කෙනෙක්ටම දකින්න බහැ. ජේසුස් වහන්සේ පොලොවෙන් ‍තෝරා ගන්නේ කිහිප දෙනයි. හැමෝටම උන්වහන්සේ ගැන පිලිගන්න සිත විවර වෙන්නේ නැහැ. ඒකටත් වාසනාව තියෙන්න ඕන.

    ඉස්සල්ලා මම දාපු වීඩියෝ ටික බලලා ඉදපංකෝ බයිබලය කියවලා ඉදපංකෝ. තර්ක කරන්න කලින්

    Oya merichch ewunta pana dena ekekwa genna gena, umbata berida merila uuta kiyala aapahu pana ganna, anna ehema kaloth mama jesus pili gannawa, ammapa mage mulu pawulama convert wenawa christian walata.

    But, umba merunahama, eeka qualified medical doctor kenekta kiyala certify karanna oni.

    Monawada kiyanne? ottuwa bara gannawada?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    [QUOTE=KasunKDP;24069123]මම මුලින් හිතුවේ උබ troll කරනවා කියල ,,, බැලින්නම් උබ මේවා කියන්නේ සිරාවට!:baffled:

    ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද... මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා... එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...:lol:

    සාමාන්‍ය බුද්දියක් තියන මට තේරෙන මේ දේ උබේ ගොන් ජේසුට තේරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රරශ්නේ... :rofl:

    almighty god කියන එක logical fallacy එකක්...

    ළමයි බඩගින්නේ මැරෙකන් බලන් ඉන්නේ මොන දෙයියෝද?:([/QUOTE]

    අස්ථි පිළිකා එක්ක ළමයිව මැවෙන්න සලස්වන වේසිගෙ පුතෙක්ට මුන් වන්දනා කරන්නේ....
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අපි කාගේවත් ආගම් වලට අපහාස නොකර ඉම්මු...අනුන්ගේ විශවාස කෙරෙහි ගරු කරමු...ආගම පාට මොකක් උනත් අපි ඔක්කම මිනිස්සු!:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි කාගේවත් ආගම් වලට අපහාස නොකර ඉම්මු...අනුන්ගේ විශවාස කෙරෙහි ගරු කරමු...ආගම පාට මොකක් උනත් අපි ඔක්කම මිනිස්සු!:)

    උබ හිට්ලර්ගේ විශ්වාසයන් වලටත් ගරු කරනවද ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    ක්‍රිස්තියානි දහමට අගෞරව කරන්න කිසිම උවමනාවක් නෑ බන්.අපිත් නත්තල සමරනවා කොල්ලොත් එක්ක.ඒ උනාට සර්වබලදාරි දෙවි කෙනෙක් නෑ.හිටියනම් ඌ මේ වගේ දේවල් ලෝකෙට වෙනකම් බලාගෙන ඉදීද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    ක්‍රිස්තියානි දහමට අගෞරව කරන්න කිසිම උවමනාවක් නෑ බන්.අපිත් නත්තල සමරනවා කොල්ලොත් එක්ක.ඒ උනාට සර්වබලදාරි දෙවි කෙනෙක් නෑ.හිටියනම් ඌ මේ වගේ දේවල් ලෝකෙට වෙනකම් බලාගෙන ඉදීද?

    Who created sarvabaladari god?:oo: He came out of nothing?:oo: If somethijg can comeout of nothing why exustance itself can comeout of nothing?why we need a 3rd party?:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම නෙවේ ඉතින් කියන්නේ තේරුම් ගනින් පොඩ්ඩක් :dull:

    Hitler ta wada minissu maruna Christian / lslam agam nisa..
    Pakatada ewa walata garu karanne..

    Btw.. mama Christian family ekaka,
     
    koolit

    Member
    May 3, 2017
    24
    0
    0
    Oya merichch ewunta pana dena ekekwa genna gena, umbata berida merila uuta kiyala aapahu pana ganna, anna ehema kaloth mama jesus pili gannawa, ammapa mage mulu pawulama convert wenawa christian walata.

    But, umba merunahama, eeka qualified medical doctor kenekta kiyala certify karanna oni.

    Monawada kiyanne? ottuwa bara gannawada?

    sara wadida manda :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    new testament was written in greek. Greek thought is known to assimilate thoughts from other cultures easily. so it is likely that original authors might have burrowed some things from eastern thought. it couldn't have been that hard for them to do so. google about romans way of conquering and compare it with britain and spain.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මම මුලින් හිතුවේ උබ troll කරනවා කියල ,,, බැලින්නම් උබ මේවා කියන්නේ සිරාවට!:baffled:

    ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද... මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා... එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...:lol:

    සාමාන්‍ය බුද්දියක් තියන මට තේරෙන මේ දේ උබේ ගොන් ජේසුට තේරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රරශ්නේ... :rofl:

    almighty god කියන එක logical fallacy එකක්...

    මනුස්සයන්ගේ පාපයට කමාව දෙන්නයි ජේසුස් වහන්සේ කුරුසියට පත් වුනේ. ඔයාට කටින් වීරයෙක් වෙන්න පූලුවන් නමුත් වැඩේ කරන්න ගියොත් ඔයා පණපිටින් මැරෙයි. ඒ නිසා නොදන්න දේවල් විතරක් කියන්න එපා.

    ජේසු කියල බලවේගයක් මේ ලෝකේ ඉන්නවා නම් මේලෝකේ මෙච්චර අවාසනාවන්ත වෙයිද...

    ලෝකය අවාසනාවන්ත වුනේ පාපය ලෝකයට ඇතුලත් වුන නිසයි.

    කෙටි හැදින්වීමක්
    දෙවියන් වහන්සේ ආදම් සහ ඒවා ඒදන් උයනේ මවලා ලෝකය වාසනාවන්ත ලොකයක් කලා නමුත් සාතන්ගේ (සර්පයාගේ)
    කීම අහලා දෙවියන් වහන්සේ කන්න එපා කියපු ඒදන් ගහෙන් කඩාගෙන ඇපල් කෑවා. ඒ සමග මනුස්සයාට දීලා තිබුණු දිව්‍යමය භාවය (අමරණියත්වය, ශුද්ධකම) නැති වෛලා ගියා, ඉට පස්සේ ඒ අය පව් වලට නැඹුරු වුනා. කාමමිත්‍යාචාරය වැඩි වුනා මිනී මැරුම් වැඩි වුනා. ඉතින් ලෝකය අවාසනාවන්ත නොවී වාසනාවන්ත වෙයිද ආ

    මට ඔය ජේසුට තියන්නවා යැයි කියන තරම් බලයක් ලැබුනොත් මම කරන්නේ ලෝකේ ඉන්න හැමෝටම හැම මොහොතේම සතුටෙන් ඉන්න පුළුවන් විදියට හැම දේම සලස්වනවා

    කෙටියෙන්
    සාතන්ව (යක්ෂයාව) ගිණි විලට හෙලන කම් මේ ලෝකයේ කාටවත් සතුටෙන් ජීවත් වෙන්න බැහැ.

    අනික එහෙම බලයක් ජේසුස් වහන්සේට නිකං ලැබුනේ නැහැ. උන්වහන්සේ එනම් පොළාවට ආවහම පියාණන්වහන්සේට පැය ගණන් පැය 18 -20 ක් දවස් 80 ක් නිරහාරව ඉදලා යාච්ඥාකරලා තමයි ඉහලින් බලය ලබා ගත්තේ. ඔයාටත් පුලුවන් නම් උත්සහ කරලා බලන්න. පුලුවන්

    මනුස්සයාව සතුටින් තියන්න පුලුවන් දේව ආත්මය (ජේසුස් වහන්සේගේ ආත්මය) ඒ අයගේ හදවත තුල ඇත්නම් පමණයි. ඒකට යාච්ඥා කරන්න ඕන. අඩුම දවසට පැය 3 ක් වත්.

    එහෙම නැතුව කුරුසේ ඇනගස්සගෙන ගොන් පාට් දාන්නේ නෑ...

    මෙන්න මේකයි ඇත්ත.

    තමන්වහන්සේගේ දරුවන් පාපයට නැඹුරු වෙමින් ධර්මිශ්ඨකම . සතයතාවය අත්හැර නොමග යන මොහොතේ උන්වහන්සේ විසින් නියම කලාවූ පාපයේ දඩුවම වඩ වඩාත් මනුස්සයන් කෙරෙහි පැමිණෙන බව දැක උන්වහන්සේ ඒ ගැන අනුකම්පා කරමින් ඔවුන් ලැබිය යුතු දඩුවමට විකල්පයක් ලෙසින් යමක් කරන්නට අදහස් කල සේක. එහි ප්‍රතිපලයක් ලෙසින් තමන්වහන්සේගේ ලයේ සිටියාවූ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්වහන්සේ ලොවට එවමින් අපගේ පාපය උදෙසා දිවි පුදන්නට, පූජාවක් වන්නට ක්‍රීයා කල සේක.