කාබන්_බද්ද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    -කාබන් බද්ද-

    මගේ වාහනයේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වීමට ආසන්න නිසා දුම් සහතිකයත් අරගෙන පලාත් සභාවේ ආදායම් බලපත්‍රය නිකුත් කරන තැනට ගියා. එතන හිටපු නිලධාරියා කියපු විදිහට මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එතනට කාබන් බද්ද ගෙවලා රිසිට් එක අරගෙන එන්න ඕන. (පලාත් සභාවේ ආදායම් බලපත්‍රය නිකුත් කරන ස්ථානයක් තියෙනවා කියල සමහර අය දන්නේ නෑ. සෙනග ඇත්තෙම නැති තරම් ඒ කවුළුවේ)

    FB_IMG_1548480638249-555x300.jpg

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැන් වැඩ 2ම කරගන්න පුළුවන් නිසා එකත් හොදයි. (වාහනයේ පළාත් මාරුවක් තියෙන නිසා පලවෙනි ආදායම් බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ම ගන්න ඕන. 2වෙනි අවුරුද්දේ ඉදන් online ගන්න පුළුවන් )
    ගෙවීම් කරන තැන කවුළුවේ ගහල තියෙනවා
    'වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පෙර කාබන් බද්ද සදහා පොදු 118 ආකෘති පත්‍රය පුරවා රිසිට් පතක් ලබා ගන්න' කියලා.

    FB_IMG_1548480636151-382x509.jpg

    එකත් පුරවල දුන්නම එකට රු.1800ක් කිව්වා.
    (එන්ජින් එකේ CC ගාන බැලුවම රු.1860ක් වෙන්න ඕන හරි ගාන. සමහර විට එයාල නියම කරගත්ත ගානක් ඇති category වලට)
    ඒකට දුන්න රිසිට් එක තමා පොස්ට් එකට attach කරලා තියෙන්නේ. ගෙවීම් කාරණය විදිහට වාහනයේ අංකය දාන්න තියෙන්නේ. ඒ රිසිට් එකේ වාහනයේ අංකයට අමතරව වෙන කිසිම සදහනක් නෑ කාබන් බද්ද ගැන.
    (දැන් එතකොට මේ රිසිට් එකත් කෝ කියල අහයිද දන්නේ නෑ පොලිසියෙන් නැවැත්තුවොත් )
    කොහොමහරි අන්තිමට දුම් සහතිකයට රු.1140. කාබන් බද්දට රු.1800 ආදායම් බලපත්‍රයට රු.2200

    කාබන් බද්ද ඇත්තටම අය කරනවද කියල කිසිම තැනකින් හරි උත්තරයක් හම්බ උනේ නැති නිසා මේක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතුවා . 1919 න් ඇහුවම කිව්වේ ඒ ගැන තාම එයාලට කියල නෑ ලු. කාබන් බද්ද ගෙවන එක අත්‍යවශයි කියල සඳහනක් කරලා නෑ කියලත් කිව්වා.

    තාම online service එක update කරලා නෑ. කල් ඉකුත් වෙන්න ලග ආදායම් බලපත්‍රයක් online apply කරොත් කාබන් බදු නෑ. ආරංචි උන විදිහට online එක ඉක්මනටම බ්ලොක් කරනවාලු.

    උපුටාගැනීමකි
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මොන කාබන්ද බං මම අලුත් කලේ ලයිශන් එක ගිය 18 වෙනිදනෙ.
    ග්‍රීන් 1140 යි
    ලයිසන් එකට 2400 ගානක් ගියා දඩ එක්ක.
    කාබන් බද්දක් ගත්තෙ නම් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    මොන කාබන්ද බං මම අලුත් කලේ ලයිශන් එක ගිය 18 වෙනිදනෙ.
    ග්‍රීන් 1140 යි
    ලයිසන් එකට 2400 ගානක් ගියා දඩ එක්ක.
    කාබන් බද්දක් ගත්තෙ නම් නෑ.

    මේ අවුරුද්දේ (2019) ගෙව්වේ නැත්නම් දඩ ගහන්නෙ නෑ. ඒත් ලබන අවුරුද්දේ (2020) ඩබල් ගෙවන්න වෙනවා 2019 ටත් එක්ක :dull::dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,904
    113
    Lankawe Facebook post dana weerayo tika mewata post hadala daanne kawadda?:rolleyes:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මේ අවුරුද්දේ (2019) ගෙව්වේ නැත්නම් දඩ ගහන්නෙ නෑ. ඒත් ලබන අවුරුද්දේ (2020) ඩබල් ගෙවන්න වෙනවා 2019 ටත් එක්ක :dull::dull::dull:

    මම ඇහුවනෙ බං ගන්න කලින් කාබන් බද්ද නැද්ද කියලා උන් නෑ කිව්වනෙ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    මම ඇහුවනෙ බං ගන්න කලින් කාබන් බද්ද නැද්ද කියලා උන් නෑ කිව්වනෙ :dull:

    ඔව් පටං අරං නැතුවැති තාම ඒ DS Division එකේ. ඒත් 2019 දි ගෙවන්නෙ නැති හැමෝටම 2020 දී ගෙවන්න වෙනවා අවුරුදු දෙකටම.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ඔව් පටං අරං නැතුවැති තාම ඒ DS Division එකේ. ඒත් 2019 දි ගෙවන්නෙ නැති හැමෝටම 2020 දී ගෙවන්න වෙනවා අවුරුදු දෙකටම.

    :baffled::angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Lankawe Facebook post dana weerayo tika mewata post hadala daanne kawadda?:rolleyes:

    මේව තමයි ඇත්තටම කතා කරන්න ඕනි මචන්.. කට්ටියට මේව පේන්නෙ නෑ.. social media වැදගත් දේකට use කරනව අඩුයිනෙ ලංකාවෙ අය.. :yes:

    කී බෝඩ් වීරයන්ට දැන් wedding එකක් අහු වෙලානෙ මචන්.. ඒකෙ අඩුපාඩු , වැරදි ගැන කිය කිය ඇවිදිනව.. කිරියෙම thread කීයක් තියනවද බලපන්කො.. (රස්සාවක් නැතුව wedding ගත්තලු , අපේ සල්ලිලු , මදුමාධවට කිවුවෙ නෑලු, කෙල්ල කැතලික් කෙල්ලෙක්ලු ... etc )
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254

    :rofl: