-කාබන් බද්ද-
මගේ වාහනයේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වීමට ආසන්න නිසා දුම් සහතිකයත් අරගෙන පලාත් සභාවේ ආදායම් බලපත්‍රය නිකුත් කරන තැනට ගියා. එතන හිටපු නිලධාරියා කියපු විදිහට මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එතනට කාබන් බද්ද ගෙවලා රිසිට් එක අරගෙන එන්න ඕන. (පලාත් සභාවේ ආදායම් බලපත්‍රය නිකුත් කරන ස්ථානයක් තියෙනවා කියල සමහර අය දන්නේ නෑ. සෙනග ඇත්තෙම නැති තරම් ඒ කවුළුවේ)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැන් වැඩ 2ම කරගන්න පුළුවන් නිසා එකත් හොදයි. (වාහනයේ පළාත් මාරුවක් තියෙන නිසා පලවෙනි ආදායම් බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ම ගන්න ඕන. 2වෙනි අවුරුද්දේ ඉදන් online ගන්න පුළුවන් )
ගෙවීම් කරන තැන කවුළුවේ ගහල තියෙනවා
'වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පෙර කාබන් බද්ද සදහා පොදු 118 ආකෘති පත්‍රය පුරවා රිසිට් පතක් ලබා ගන්න' කියලා.
එකත් පුරවල දුන්නම එකට රු.1800ක් කිව්වා.
(එන්ජින් එකේ CC ගාන බැලුවම රු.1860ක් වෙන්න ඕන හරි ගාන. සමහර විට එයාල නියම කරගත්ත ගානක් ඇති category වලට)
ඒකට දුන්න රිසිට් එක තමා පොස්ට් එකට attach කරලා තියෙන්නේ. ගෙවීම් කාරණය විදිහට වාහනයේ අංකය දාන්න තියෙන්නේ. ඒ රිසිට් එකේ වාහනයේ අංකයට අමතරව වෙන කිසිම සදහනක් නෑ කාබන් බද්ද ගැන.
(දැන් එතකොට මේ රිසිට් එකත් කෝ කියල අහයිද දන්නේ නෑ පොලිසියෙන් නැවැත්තුවොත් )
කොහොමහරි අන්තිමට දුම් සහතිකයට රු.1140. කාබන් බද්දට රු.1800 ආදායම් බලපත්‍රයට රු.2200
කාබන් බද්ද ඇත්තටම අය කරනවද කියල කිසිම තැනකින් හරි උත්තරයක් හම්බ උනේ නැති නිසා මේක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතුවා . 1919 න් ඇහුවම කිව්වේ ඒ ගැන තාම එයාලට කියල නෑ ලු. කාබන් බද්ද ගෙවන එක අත්‍යවශයි කියල සඳහනක් කරලා නෑ කියලත් කිව්වා.
තාම online service එක update කරලා නෑ. කල් ඉකුත් වෙන්න ලග ආදායම් බලපත්‍රයක් online apply කරොත් කාබන් බදු නෑ. ආරංචි උන විදිහට online එක ඉක්මනටම බ්ලොක් කරනවාලු.
උපුටාගැනීමකි







