පළමු වරට ශ්රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය අද ප්රදර්ශනය කෙරේ
මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂත්වයක් වන්නේ පළමු වරට ශ්රී ලංකාවේ නිෂ්පාදනය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරය මෙහිදී ජනතාවට ප්රදර්ශනය කිරීමයි.
මෙමගින් කිලෝමීටර් 15ත් 20ත් අතර ඉලක්කයකට ප්රහාර එල්ල කළ හැකි වනවා.
යුද සමයේ භාවිත කළ සියලූ මල්ටි බැරල් රොකට් ලෝන්චර විදේශයන්ගෙන් ආනයනය කළ ඒවායි. අද ප්රදර්ශනය කරන රොකට් ලෝන්චරය ආරක්ෂක අමාත්යංශය යටතේ ක්රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන අංශය නිර්මාණය කර තිබෙනවා.
එක් වරකට රොකට් 10ක් මුදා හැරීමේ හැකියාව එහි සතුයි. ඒ සඳහා භාවිත කරන රොකට් පතරොම් ද අද දිනයේ ජනතාවට ප්රදර්ශනය කෙරෙනවා.
Neth
Last edited:


මේකේන් ගැහැවනම් කැරි දෙමලගේ ඩස්ට් එක තමා. සතුටු වෙයන් ඒ ගැන හිතල මානසික ලෙඩා