Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

janith0000

Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    Honda Fit GP1 Oil Burning ගැන ඔක්කොම විස්තර + Repair Guide

    Honda FIT GP1 එකේ එන්ජින් ඔයිල් පිච්චෙන ලෙඩේ ගැන දැන් ගොඩාක් අය කතාකරනවා. මේක Honda Fit GP1, GE6, Honda Insight කියන වාහන තුනේම තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අයට මේක 40000km - 80000km අතර එනවා. 150000km+ දුවලත් ලෙඩේ ආපු නැති අයත් ඉන්නවා. GP1 එක ලංකාවේ බහුලව දකින්න පුලුවන් vehicle එකක්. මේක Hondaලාගේ Manufacture Fault එකක් නිසා Recall එකක් තියෙනවා. ජපානේ මේ recall එක free හදලා දුන්නට ලංකාවේ එහෙම free හදලා දෙන්නෙ නෑ :angry:. Honda එකෙන් තියන්නෙ ලංකාවේ තියෙන්නේ grey imports නිසා ඒ්වාට එයාලට වගකියන්න බෑ කියලා. මගේ GP1 එකෙත් ඔය ප්‍රශ්නේ ඇවිල්ලා දවස් සති ගනන් කටු කාලා ඒ අත්දැකීම් වලින් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න මේක ලියන්නෙ.

    මොකද්ද මේ oil පිච්චෙන ලෙ‌ඩේ :oo:?

    කාර් එකට එන පිස්ටන් එකේ design fault එකක් නිසා පිස්ටන් එකේ oil rings අග oil sludge (සිංහල වචනය ‌‌මොකද්ද කියලා හරියට දන්නේ නැහැ) හැදෙනවා. මේ නිසා oil ring එක හරියට seal වෙන්නේ නැතුව යනවා. මේ හේතුව නිසා engine oil එන්ජින් combustion chamber (දහන කුටීරය) එකට ලීක්වෙන නිසා engine එක miss කරන්න ගන්නවා. මේ විස්තරය තිබුනේ recall notice එකේ. (Miss කරන්න ගන්නේ Spark Plugs වලටත් Oil යන නිසා. ඹහොම වාහනේක Sparks plugs එලියට අරන් බැලුවොත් පෙනෙයි ඹයිල් වලින් නෑවිලා තියෙනවා).

    ඔය ලෙඩේ ආවම engine එක miss කරන්න අරගෙන ටික වේලාවකින් check engine light එකක් එනවා Random Cylinder Misfire Detected , Cylinder Number 2 Misfire Detected වගේ message එකක් එක්ක. Engine එකේ ආරක්ෂාවට ECU එක වාහනේ LIMP Mode කියලා mode එකට දානවා. ඒකෙදි වෙන්නෙ Engine RPM එක 20ට වඩා වැඩිවෙන්න නොදී තියාගන්න එක. මේ mode එක වැටුනම 10kmph වලට වඩා වේගෙන් යන්න බැහැ.

    කොහොමද ලෙඩේ තියෙන වාහන අදුරගන්නේ:confused:?

    GP1 හැම එකකම මේ ලෙඩේ එන්නේ නැහැ.

    2008/06/13 ඉදලා 2012/05/29 වෙනකම් නිෂ්පාදිත,

    Chassis number GP1-1200002 to GP1-1242186 හා

    GP1-8000002 to GP1-8000091 GP1 වලටත්,

    2008/04/17 ඉදලා 2011/11/02 වෙනකම් නිෂ්පාදිත,

    ZE2-1400004 to ZE2-1404636 හා

    ZE2-1500002 to ZE2-1500486 Insight වලටත්,

    මේ ලෙඩේ එනවා.

    තව රෝග ලක්ෂණ:

    1. 5000km Service Intervals අතර Engine oil level එක සැලකිය යුතු මට්ටමකින් අඩුවෙන්න ගන්නවා.

    2. Silencer එකේ අග කලුපාටට කාබන් වගේ බැදිලා තියෙනවා දකින්න පුලුවන්.

    stain.thumb.jpg.d5bdbb0b8b006f0f0be505e4537d6029.jpg

    3. වාහනේ කලින්ට වඩා අදිනවා හොර ගතියක් එනවා.

    4. High RPM වලදි (5500rpm+) එන්ජින් එකෙන් ගදක් එන්න ගන්නවා.

    5. Tuneup වලට ගලවනකොට Spark plugs මේ වගේ සවුත්තු වෙලා තියෙනවා දකින්න පුලුවන්.

    plugs.thumb.jpg.431547cd31deb8e0dde8a04d052ba2d1.jpg

    6. වාහනේ හොදට හුරුයිනම් එකපාරට pickup කරනකොට කලාතුරකින් පොඩී miss එකක් දැනෙන්නත් ඉඩ තියෙනවා.

    ලෙඩේ වැඩි උනාම මොකද වෙන්නෙ :eek:?

    ගොඩක් අයට වෙන්නේ ඔය ලෙඩේ ආවම engine එක miss කරන්න අරගෙන අදින්නෙ නැතුව යනවා. Miss කරන්න අරන් Engine එක විනාඩි 5ක් විතර on එකේ තිබ්බොත් check engine light එකක් එනවා Random Cylinder Misfire Detected , Cylinder Number 2 Misfire Detected වගේ message එකක් එක්ක. (ඔයිට අමතරව VSA සහ ABS warning messages මේ එක්කම එනවා.) Engine එකේ ආරක්ෂාවට ECU එක වාහනේ LIMP Mode කියලා mode එකකට දානවා. ඒකෙදි වෙන්නෙ Engine RPM එක 20ට වඩා වැඩිවෙන්න නොදී තියාගන්න එක. මේ mode එක වැටුනම 10kmph වලට වඩා වේගෙන් යන්න බැහැ. 4-5km ඇතුලත හොද ගැරිජ් එකක් නැත්තම් පටවන් අරන් යන එක තමයි හොද මකබාස්ලට අත ගහන්න දෙනවට වඩා.

    note: ඔයිල් පිච්චෙන ලෙඩේ තියෙනවා කියලා රෝග ලක්ෂණ පේන්න තියෙනවානම් නිතරම plugs හා Fuel Injectors clean කලොත් miss එක එන්නෙ නැතුව දුවාගන්න පුලුවන්.

    තාවකාලිකව ලෙඩේ සනීපකරගන්නේ කොහොමද :D?

    Miss එක ඇවිල්ලා උඩ කියපු වැ‌‌‌ඩේ උනොත් තාවකාලිකව Spark plugs 8 (ඔව් ඔව් GP1 එකේ Spark Plugs 8ක් එනවා) සුද්ද කරලා (ගොඩක් සවුත්තු වෙලානම් දාන්න වෙනවා රු.19000ක් විතර යනවා plugs 8ට), Fuel Injectors clean කරලා වාහනේ ආපහු සාමාන්‍ය තත්වෙට ගන්න පුලුවන්.

    ඒ්ත් oil මට්ටම ගැන හොද අවධානෙකින් ඉන්න වෙනවා. මම රත්නපුරේ ඉදන් හපුතලේ ගිහින් ආවා යද්දි level එකට තිබ්බ oil ඇවිත් බලද්දි බාගෙකටත් අඩුයි. High rpm level වල යනවනම් oil level එක ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න. plugs නිතරම clean කරන්න වෙනවා නැත්නම් ආපහු miss කරන්න අරන් LIMP Mode වැටෙනවා.

    ඊට අමතරව ඔයිල් පිච්චෙන එක ගොඩක් වැඩිනම් 0w20 Engine oil වෙනුවට 10w30 දාන එකෙන් ඔයිල් පිච්චෙන එක ටිකක් අඩුවෙනවා කියලා ගොඩක් අය කියන දෙයක්. පුලුවන් තරම් low rpm වල යන්න බලන්න rpm2000 ට අඩුවෙන් එතකොට ඔයිල් පිච්චෙන එක අඩුවෙනවා.

    ඔය වැඩ ටික කරගන්නවනම් ස්ථිර විසදුමකට යනකම් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

    බහුලව යෝජනා කරන ප්‍රතිකර්ම හා ඒ්වාගේ සාර්ථකත්වය :rolleyes:

    1. තියන පිස්ටන් සහ රින්ග්ස් clean කිරීම.

    තේරුමක් නැති සල්ලි අපතේ යවන ක්‍රියාවක්. ලෙඩේ සම්පූර්ණෙන්ම හරියන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. කරපු එක්කෙනෙක්ගේ ඇරෙන්න අනිත් හැමෝගෙම වගේ නැවත ලෙඩේ ආවා.

    2 අලුතින් රින්ග්ස් පමණක් දැමීම.

    තේරුමක් නැත. 10000km+ දිවීමෙන් පසුව ලෙඩේ ආපහු එන්න ලොකු ඉඩක් තියෙනවා. හේතුව තමයි වැරැද්ද හරිගස්සලා Honda එකෙන් එවලා තියෙන අලුත් oil ring එක පරණ piston එකට දාන්න බැහැ. ඒ නිසා දාන්න වෙන්නේ අවුල තියෙන oil ringsමයි.

    3 නව එන්ජිමක් තැබීම.

    ගොඩ දෙනෙක් කරන තවත් තේරැමක් නැති වැඩක්. අලුතින් තියෙන engine එකෙත් ඔය ප්‍රශ්නෙම එන්න පුලුවන් මොකද මේ engine විශාල ප්‍රමාණෙක මේ ලෙඩේ තියෙන නිසා.

    4 අලුතින් Piston සහ rings දැමීම.

    සාර්ථකම විසදුම තමයි මේක. හරියට කලොත් ආපහු ලෙඩේ කවදාවත් එන්නේ නැහැ. මෙහෙම කරලාත් ලෙඩේ හොදවෙලා නෑ කියලා කියන්නෙ වැඩේ හරියට කලේ නැතුව ආපහු ලෙඩේ තියෙන pistonම දාලා මකබාස්ලට අහුවුන අය.

    කොහොමද හරිම විදියට අලුතින් Piston සහ rings දාලා Oil burn වෙන ලෙඩේ නිට්ටාවටම හොද කරන්නේ :D

    1. ශ්‍රි ලංකාවේ Honda agent වෙන Stafford Motorsලගෙන් කරගන්න එක.

    මම repair එක කලේ Stafford එකෙන්. රු.180 000කට ආසන්න ගානක් යනවා. (ගැටලුව නිවැරදි කරලා එවලා තියෙන pistons & rings 4 ලක්ෂයක් වෙනවා.) සාමාන්‍යයෙන් Repair එක කරන්න දවස් 3ක් වගේ යනවා. ටිකක් ගාණ වැඩි උනත් එයාලගෙන් කරන්න හේතුව තමයි මකබාස්ලා වගේ නැතුව Company Recall Notice එකේ විදියට ලෙඩේට හේතුවුන parts වල දෝෂ නිවැරදි කරලා එවපු පාට්ස් දාලා වගකීමක් ඇතුව වැඩේ කරල දීම. අනික විකුණනකොට උනත් වාහනේ තත්වෙ සහතික කරන්න පුලුවන් හරි විදිහට Company එකෙන් හදපු වාහනයක් කියලා.

    2. ඔබට ඉතා විශ්වාසවන්ත කාර්මික මහතෙක් ඉන්නවානම් එයා ලව්වා කරගන්න එක.

    ලංකාවෙ වැඩි හරියක් ඉන්නේ මක බාස්ලා නිසා ඔබට ඉතා විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ඇරෙන්න මේ වැඩේ කරන්න එපා මොකද නැතිනම් අන්තිමට ඔයාගේ කාලේ, සල්ලි, වාහනේ තුනම අපරාදේ. මේකෙදි කරන්න ඔිනි වැදගත්ම දේ තමයි දෝෂය නිවැරදි කරලා එවපු Piston හා rings හොයාගන්න එක. පිට තැනකින් පිස්ටන් ගන්නවනම් 06131-RBJ-306 නම්බර් එක තියෙන පිස්ටන් එක ගන්න.

    52633031_547522982419850_5917837142813310976_n.jpg

    RBJ-1 කියලා තියෙන්න‌ෙ පරණ ලෙඩේ තියෙන පිස්ටන් එක. ඒක ගන්න එපා. ඒක අරන් දාපු අය තමයි piston දැම්මා ඒ්ත් හරිගියෙ නැහැ කියන්නෙ. පිට ගොඩක් තැන් වල තියෙන්නෙ පරණ පිස්ටන් එක ඒක දැම්මොත් ආයේ 20000km වගේ දිව්වාම ලෙඩේ එනවා.

    මේ තියෙන්නෙ හොන්ඩා එකෙන් නිවැරදි කරලා එවපු පිස්ටන් එකත් එක්ක හම්බුන instructions. ඒකේ තියෙන විදියට RBJ-1 කියන්නෙ ප්‍රශ්නෙ තියෙන පිස්ටන්. RBJ එක තමයි වැරදීම නිවැරදි කරලා එවපු එක.

    51856710_2474195475941937_2468809109399404544_n.jpg

    Piston replace කරනවානම් plugs 8ත් දාන්න වෙනවා. ඔය ප්‍රශ්නේ නිසා plugs ටිකත් සවුත්තු වෙනවා. Stafford එකේ එක plug එකක් රු.6000ක් විතර වෙනවා පිටින් එකක් රු.2200කට වගේ හොයාගන්න පුලුවන් (Iridium Plugs). ඊට අමතරව මම company එකෙන් repair එක කරනකොට එයාලා දැම්ම parts වල විස්තර හා මිලගණන් පහල තියෙනවා. Honda GP1 Recall එකේ දාන්න කියලා තියෙන පාට්ස් ටිකත් මේ ටිකම තමයි. (මේ මිලගණන් දැන් වෙනස්වෙලා තියෙන්න පුලුවන්.)

    ඒ් වගේම එයාලා recommend කරන්නේ රිපෙයාර් එකට පස්සේ Engine oil එක 0w20 නොදා 10w30 දාන්න කියලා.

    52361836_743498952699299_6557658798855553024_n.jpg

    හැදුවට පස්සේ නඩන්තු කරන්නේ කොහොමද :yes:?

    උඩ කියපු විදියට හරි parts දාලා engine එක හදාගත්තානම් දැන් බයවෙන්න දෙයක් නෑ. Engine එක ටිකක් පදම් වෙනකම් High rpm වල නොයා ඉන්න එක කෝකටත් හොදයි. ඊට අමතරව Toyota වාහන පාවිච්චි කරලා පුරුද්දට service එක පහු කර කර ඉන්න එපා. හරියටම 5000km හෝ ඊට කලින් අනිවාරෙන් service එක කරන්න. මොකද Honda වාහන වල Service හරි වෙලාවට කරන්න ඔිනි.

    ඔය දේවල් ටික තමයි Honda Fit GP1 Oil Burning එක ගැන කියන්න තියෙන්නෙ. තව ප්‍රශ්න තියෙනවනම් අහන්න දන්න දෙයක්නම් කියලා දෙන්නම්. :yes:

    DrunkXX

    Member
    Feb 21, 2019
    22
    5
    0
    තැන්කු, මිට අවුරුදු 5 කට කලින් ආපු ගැටළුවක්..
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Totally agree on all the points.

    My wife's car had the same issues....

    But I sorted all that with much lesser of a bill through a very good mechanic.

    BUT YES !!! I bought the Pistons = oil rings (comes in the package) new from Japan and it cost me only 78,000/-

    This is my actual costing for the entire thing

    Pistons - 78,000
    Spark plugs - 17,500
    Gasket - 8,000
    Engine oil - 3,200 (10w30)
    Oil Filter - 2,800 (or something)

    Misc (clips, sealers etc etc) - 4,000

    Mechanic - 20,000/- + 5,000 (paid extra for speed and job bloody well done)

    Total - 138,500/- ...

    But I had a little issue with the break booster as well, so I had actually replaced the entire set. Could not find an original one in Sri Lanka and it would take too much time to import. So the bass went out and bought a brand new one for Honda accord or FD14 (I cant remember which) and fixed it to mine but it doesnt have the same break fluid sensor. So ended up removing the sensor fuse from the fuse board and cleaning the ECU on error messages. So that whole extravaganza cost me about 15,000/- for the break booster. I did the ECU & error code clearing from an ODB2 connector in my phone so no cost there.

    if you want the contact of this Mechanic, PM me... I got to know him through a friend and he's really a good & Honest guy with proper knowledge on Engines. He's in Kadawatha.
     
    Last edited:
    • Like
    Reactions: conzy and jmzsl

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Honda FIT GP1 එකේ එන්ජින් ඔයිල් පිච්චෙන ලෙඩේ ගැන දැන් ගොඩාක් අය කතාකරනවා. මේක Honda Fit GP1, GE6, Honda Insight කියන වාහන තුනේම තියෙන ප්‍රශ්නයක්.

    මචන් ගොඩක් මහන්සි වෙලා නියමෙටම පැහැදිළි කරල ලියල තියෙනව මෝටර් මිකෑනිසම් ගැන වැඩි අවබෝදයක් නැති කෙනෙකුට වුණත් නියමෙටම තේරුම් ගන්න පුළුවන් විදිහට ... එළ... එළ...

    රෙප් ++++++

    Totally agree on all the points.

    My wife's car had the same issues....

    Thank you for sharing your experience and for being honest with the facts & figures.

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Nash_Node again.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Totally agree on all the points.

    My wife's car had the same issues....

    But I sorted all that with much lesser of a bill through a very good mechanic.

    BUT YES !!! I bought the Pistons = oil rings (comes in the package) new from Japan and it cost me only 78,000/-

    This is my actual costing for the entire thing

    Pistons - 78,000
    Spark plugs - 17,500
    Gasket - 8,000
    Engine oil - 3,200 (10w30)
    Oil Filter - 2,800 (or something)

    Misc (clips, sealers etc etc) - 4,000

    Mechanic - 20,000/- + 5,000 (paid extra for speed and job bloody well done)

    Total - 138,500/- ...

    But I had a little issue with the break booster as well, so I had actually replaced the entire set. Could not find an original one in Sri Lanka and it would take too much time to import. So the bass went out and bought a brand new one for Honda accord or FD14 (I cant remember which) and fixed it to mine but it doesnt have the same break fluid sensor. So ended up removing the sensor fuse from the fuse board and cleaning the ECU on error messages. So that whole extravaganza cost me about 15,000/- for the break booster. I did the ECU & error code clearing from an ODB2 connector in my phone so no cost there.

    if you want the contact of this Mechanic, PM me... I got to know him through a friend and he's really a good & Honest guy with proper knowledge on Engines. He's in Kadawatha.

    Ruwan?
     
    janith0000

    Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    තැන්කු, මිට අවුරුදු 5 කට කලින් ආපු ගැටළුවක්..
    ගොඩක් අයට එන්න ගත්තෙ දැන් අවුරුදු 2ක විතර ඉදන්. ඒ කාලේ අලුත් පිස්ටන් එක තිබුනද හොයාගන්න?
     
    janith0000

    Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    Totally agree on all the points.

    My wife's car had the same issues....

    But I sorted all that with much lesser of a bill through a very good mechanic.

    BUT YES !!! I bought the Pistons = oil rings (comes in the package) new from Japan and it cost me only 78,000/-

    This is my actual costing for the entire thing

    Pistons - 78,000
    Spark plugs - 17,500
    Gasket - 8,000
    Engine oil - 3,200 (10w30)
    Oil Filter - 2,800 (or something)

    Misc (clips, sealers etc etc) - 4,000

    Mechanic - 20,000/- + 5,000 (paid extra for speed and job bloody well done)

    Total - 138,500/- ...

    But I had a little issue with the break booster as well, so I had actually replaced the entire set. Could not find an original one in Sri Lanka and it would take too much time to import. So the bass went out and bought a brand new one for Honda accord or FD14 (I cant remember which) and fixed it to mine but it doesnt have the same break fluid sensor. So ended up removing the sensor fuse from the fuse board and cleaning the ECU on error messages. So that whole extravaganza cost me about 15,000/- for the break booster. I did the ECU & error code clearing from an ODB2 connector in my phone so no cost there.

    if you want the contact of this Mechanic, PM me... I got to know him through a friend and he's really a good & Honest guy with proper knowledge on Engines. He's in Kadawatha.

    Thank you! yes, if the repair is done by a third party instead of the stafford, you can do it for a significantly lower price. Can you explain more about the problem of the brake booster?
     
    janith0000

    Junior member
  • Jul 24, 2010
    25
    30
    13
    Sri Lanka
    මචන් ගොඩක් මහන්සි වෙලා නියමෙටම පැහැදිළි කරල ලියල තියෙනව මෝටර් මිකෑනිසම් ගැන වැඩි අවබෝදයක් නැති කෙනෙකුට වුණත් නියමෙටම තේරුම් ගන්න පුළුවන් විදිහට ... එළ... එළ...

    රෙප් ++++++

    තෑන්ක්ස් මචන් :D
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,023
    2,815
    113
    සුපිරියට විස්තර කරලා තියෙනවා . ඔය වගේ ලෙඩක් අවම බයවෙනවා, අනාථ වෙනවා . මේ information ටික මර වටිනවා .
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Thank you! yes, if the repair is done by a third party instead of the stafford, you can do it for a significantly lower price. Can you explain more about the problem of the brake booster?

    AH... yeah.. the break booster.

    well., my wife started noticing a little play in the break as in when she breaked, the pedal was giving in too easy at first.

    She didnt mention this to me and after a while she had noticed that she breaked, the pedal went down the floor board and stuck for a second before it got released. Then only she told me.

    But my wife is a heck of a driver... so she just kept on driving a little bit more cause those days we were waiting for the pistons to arrive from Japan. So at last when we dropped the car off to the Engine repair... the break pedal almost had to be dragged back from the foot after applying any hard breaking.

    So it turned out that Break booster had cracked and leaked break fluid into the cylinder and bled. The break cylinder was totally fine (I checked that at Panchikawatta with the guy who import Honda breaks etc) but the booster is cracked on the seal between the cylinder and booster.

    You cant just buy the booster only.. it has to be the whole set and I checked the entire Panchikawatta and couldnt find a new one (6-7 months back) but offered an old one (most probably one hacked off an stolen GP1 or something) at 40,000/- rupees.

    Actually it started at 30,000/- and i declined.. but when I asked for it again after two days, they hiked up the price for 40K cause they knew I was desperate for it.

    So., i told my mechanic that this shit is not going to work and I will import.. .but found that it will take almost 8 -10 days to arrive and my engine repair is almost finished by now. So., the mechanic said that he will check around and he found an identical one that fits the GP1 out of an Accord or FD14 2012 or 2014 .. I am not sure about this... and it was 15k

    And it fitted perfectly except that there was no break fluid sensor in this new one. We tried taking off the old fluid tank and fitting it to the new one, but that thing was glued fucking in and couldnt be removed without actually breaking it.

    So, he just fixed it ...

    then the break fluid sensor started popping as an error message and Engine warning light came on. The car went into limp mode after about 5 minutes because of the error.

    Checked the internet for a solution.. and found it.... removed the sensor fuse from the fuse box and flushed the ECU of errors. Had to do it about 3 times cause I think I did the ECU flushing wrong since it was my first time doing it over in a phone. But it worked on the 4th time.

    Side note : .... this error came up again when we had to unhook the battery to put it into another car to start it up (battery issue with the other one and we didnt have a jumper cable) ... but it was just a simple matter of flushing off the ECU again to fix it back.