මේක කියවලා ඇත්තටම ඇඬුනා!
ලංකාවේ සශ්‍රීකම දශකය❤❤
The Golden Decades of Sri Lanka
දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික.
JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි.
ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.
ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.
UniC රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.
රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා.
එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි.
දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා.
අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk.
ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා
ඒ කාලේ Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා.
වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා,
ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.
ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka
බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති.
චොකලට්
එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි)
සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න).
කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.
මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.
එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල
ස්තූතියි Dr ප්‍රසන්න කුරේ..
- Hamzah Rahmath -
- Hamzah Rahmath -


ලංකාවේ උන් කැමති මහන්සි නොවී දියුණු වෙන්න,කන්න බොන්න.ජපානේ,චීනේ මිනිස්සු ඒකේ අනික් පැත්ත.ලංකාවේ දේශපාලනය කරන උන් කරන්නෙත් හුළග යන පැත්තට රුවල හරවන ඵක උන්ගේ වාසියට..
