මොන මඟුලක්ද බං? ජලය විදුලිය වගේ මූලික අවශ්‍යතාවත් දෙන්න බැරි උන් පත්කරගෙන, බදු ගෙව ගෙව පොන්නයො වගේ කට පියාගෙන ඉන්නෙ? කෝල් කරල බැනපල්ල වගකිවයුතු ආයතන වලට... හදපල්ල FB පේජස්. share කරපල්ල මේකට විරුද්ධව හදපු පෝස්ට්... අත්සන් කරපල්ල petition. ලංකාවෙ ජීවත් වෙන්නෙ නිවට ජාතියක් බං. බස් එකේ යද්දි කොන්දගෙන් බැනුම් අහගෙන යනව. දේශපාලුවන් ඉස්සරහ සර්, මැඩම් කිය කිය දෙකට තුනට නැමිල උන්ගෙන්ම බැනුම් අහගෙන ඉන්නව... පාරෙ යද්දි VIP වාහනවලට කාණුවට බැහැල ඉඩ දෙනව. අඩු ගානෙ ඒක වැරදියි කියලවත් ගොඩක් දෙනෙකුට හිතෙන්න නෑ. Brain wash වෙල තියෙන්නෙ. ඒක එහෙම තමයි. අපි ඒ උත්තමයොන්ට වැඳගෙන ඉන්න ඕනෙ කියන මානසිකත්වයෙන් ඉන්නෙ.