මන් break-up වෙලා දැනට මාස 5කට වැඩි.මුල් කාලේ මන් ගොඩාක් අවුලෙන් හිටියේ depressed වෙලා වගේ. මන් එකෙන් ගැලවෙන්න කියලා ගොඩක් දේවල් කරා. බිසී උනා එහෙම.ඒවා කරාම ඇත්තටම depressed ගතිය කලින්ට වඩා අඩු උනා. එත් තාමත් පොඩ්ඩක් ෆ්‍රී වෙච්ච ගමන් පරණ මතකයන් අලුත් වෙන්න ගන්නවා. ඒ වෙලාවට පොඩ්ඩක් හරි පරණ කෙනා ගැන හොයලා බලන්න හිතෙනවා. නිකමට හරි එයාගේ ෆ්බි එක බලන්න හිතෙනවා. එහෙම උනාම තවත් හිත අවුල් යනවා. ඒ වගේම හැමවෙල්ම මට කියාගන්න තේරෙන්නේ නැති බයක් තියෙනවා හිත ඇතුලේ. මොන වැඩේ කරත් ඒ බය නිසා මොකක්දෝ අවුලකින් ඉන්නේ මන්.පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේකෙන් ගැලවෙන්න උදව් කරන්න. මේ වගේ දෙයක් කියන්නවත් මට ලගම යාලුවෙක් නැ. එකයි මෙහෙම ෆෝරම් එකකින් උදව්වක් බලාපොරොත්තු වෙන්නේ.
ජීවිතේට එක එකා එනවා යනවා. උන් එන යන වෙලාවල් වලට වැටි වැටි හිටියොත් වෙන කරන්න වැඩක් නෑ


