සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් ප්රයිවට් යන්න. ඒ ඇරෙන්න තුන්වෙනි පංතියේ කෙනෙක් නම් වඩාත්ම හොඳ රජයේ රෝහලකට යන්න. මොකද ළමයට හරියට කිරි දීගන්න බැරි උනොත් ළමයා කහ පාටට හැරුණොත් එහෙම ටික දවසක් එහේ නවතින්න වෙනවා. එතකොට හිතාගන්න බැරි ගානක් රෝහල් ගාස්තු ගෙවන්න වෙනවා.
රජයේ එකක මේ හැමදේම නොමිලේ හම්බ වෙන බව දන්නවා නෙහ්. නොමිලේ කිව්වට නොමිලේම නෙමෙයි. අපේ බදු මුදල් වලින් කොටසක්. ඒ කියන්නේ අපි වක්රාකාරයෙන් රෝහල් බිල් ගෙවලා තියෙන්නේ.
පහසුකම් අතින් නම් කාසල්, ලයිනින් හෝම් වගේ ඒවා හොදයි. පානදුරේ ඉස්පිරිතාලේ වෙනම තීනවා කේතුමති කියලා මාතෘ ඒකකයක්ම. පිරිසිදුකම කියලා වැඩක් නෑ. ඒ වගේම නර්ස්ලා හරිම කාරුණිකයි.
ඔය ප්රයිවට් ඉස්පිරිතාලයක ළමයා හම්බ වෙන්න ඕන කියන දේ කොළඹ වගේ නගරික පැතිවල ඉන්න අයගේ මෝස්තරයක්. පොඩ්ඩක් පිටිසර පැත්තකට ගිහින් බලන්න. ඒ මිනිස්සු කොයි අමාරුව උනත් පිහිටට තියෙන්නේ රජයේ රෝහල විතරයි.
තමන්ගේ වත්කම් අනුව රෝහල තීරණය කරන්න. රජයේ රෝහල් වල හරියට බලන්නේ නෑ කියලා විතරක්ම හිතන්න එපා. අත්වැරදීම් නොසැලකිලිමත් වීම් කොයි ඉපිරිතාලයක උනත් සිද්ධ වෙනවා. පුද්ගලික අංශයේ සිදුවෙන අත්වැරදීම් සියල්ලම සල්ලි වලින් වහ ගන්නවා. ඒත් රජයේ එහෙම කරන්න බැරි නිසයි ඒවා එළියට එන්නේ.
මට නම් ළමයාවත් එක්ක ලොකු ණයක් බාර ගන්න බැරි නිසා පුද්ගලික රෝහලකට යන්නේ නෑ.