නිලා_කූරු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම අද රාත්‍රියේ අවුරුදු ගත කරන්නේ නුවර එළියේ ග්‍රෙගරි වැව් ඉස්මත්තේ හංගේරියානු තරුණියක් එක්ක. ඉතින් අපි දෙන්නත් එක්ක ගිහින් ටවුන් එකෙන් රුපියල් සීයයට නිලා පැකට් එකක් ගෙනාවා රෑට පත්තු කරන්ඩ කියලා. කලුවර වැටීගෙන එද්දි මම පෙට්ටිය කඩලා බැලුවම මට ඇතිවුනේ ලොකු කම්පනයක්. බලන්න නිලා පැකට් එකේ දිගත් එක්ක නිලා එකේ දිග. මම පොඩි කාලේ සිරිපුර අපේ සියාලාගේ ගෙදර ඉද්දී පත්තු කරපු රුපියල් දහයේ පොඩි පැකැට් එකේ තිබ්බේත් මේ ගාන දිග නිලා. ගොඩක් වෙලා ලස්සනට පත්තුත් වුනා. මෙහෙම මිනිස්සු රවටලා සල්ලි ගසාකන කොලිටියක් නැති බඩු විකුණන පහත් පෙලේ ආකල්ප තියන සමාජයක් තියනකම් මේක දියුණු කරන්ඩ බැරි තුන්වෙනි ලොකේ රටක්මයි නේද?

    UCoBRG0.jpg

    Samera salinda perera
     
    • Like
    Reactions: saja

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මීට අවුරුදු දෙකකට කලින් ගෙවල් කිට්ටුව පොට් එකකින් නිලා අරන් ආවා. පොඩි එකීට රෑ වෙලා පත්තු කරමු කිව්වාට එවෙලේම පත්තු කරන්න ඔනී වුනා. හොද වෙලාවට. එතකොට හවස 6 ට විතර ඈති. නිලා පත්තු වෙන්නේ නෑ කියපන්කෝ. පොඩි එකා අඩනවා. රෑ වෙලාපත්තු කරලා ඕක වුනා නම් විනාශයි. ආපහු ගියා හට් එක ලගට. සෙනග පිරිලා බඩු ගන්න. මම විකුණන එකාට කිව්වා දෑන් ටිකකට කලින් අරන් ගියේ මේවා පත්තු වෙන්නේ නෑ කියලා. එතකොට උගේ ගෝලයා කියාපි එහෙම වෙන්න බෑ ඕවා පත්තු වෙනවා කියලා. මම කිව්වා එහෙනම් තෝ පත්තු කරලා පෙන්නපන් කියලා. මුදලාලියා කිව්වා මේ මහත්තයගේ සල්ලි දෙන්න කියලා. ඔය වගේ කාලකන්නි බල්ලෝ තමා ඉන්නේ. පොඩි එවුන්ට ගෙනියනවා කියලා දෑන දෑන විකුණනවා
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අම්මෝ යකෝ නිලා කූරු ටික දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ගිය අවුරුද්දේ එහා ගෙදර පොඩි එකාට ගෙනාපු නිලා කූරු පෙට්ටියේ හැම කූරම පත්තු වෙලා ටික වෙලාවකින් නිමෙනවා. එක කූර 4-5 සැරයක් පත්තු කරන්න වෙනවා. පොඩි එකාගේ තාත්තට එපා වෙන්න ඇති නිලා කූරු පත්තු කරලම. බඹර චක්කරත් එහෙමයි.