තව්හිද් ජමාත් කල්ලියේ ප‍්‍රබලයන් 32 ක් අල්#
තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය විසින් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ආකාරය මෙන්ම එය සැලසුම් කළ ආකාරය පිළිබඳ සියලූ තොරතුරු හෙළිකර ගෙන ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රහාරය මෙහෙයවමින් ඊට සෘජුවම සම්බන්ධ වූ එම ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රබලයන් තිස්දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ‘තවුහිද් ජමාත්’ කල්ලියේ ප‍්‍රබලම සාමාජිකයන් කීපදෙනෙකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
තවුහිද් ජමාත් කල්ලියට සම්බන්ධ මෙම ත‍්‍රස්තවාදීන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලදී මෙන්ම නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ කීපයක සැඟවී සිටියදී බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන ත‍්‍රස්තවාදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම ප‍්‍රහාර මාලාව එල්ල කළ ආකාරය, එහි සැලසුම් සකස් කළ ආකාරය මෙන්ම ඊට අදාළ සියලූ තොරතුරු මේ වන විට හෙළිදරව් වී ඇත.
ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා වන හෙයින් මෙම රහසිගත තොරතුරු හෙළිකළ නොහැකි බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
හේමන්ත රන්දුණු -Divaina