පොඩි විස්තරයක් විතරයි මේක. එච්චර ලොකු කතාවක් නෙවෙයි. මම AL කරද්දී 12 අන්තිම හරියේ දී class එකේම කෙල්ලෙක් මට ටිකක් වැඩි interest එකක් පෙන්නුවා. friendship එකට වෙන්න ඇති. එත් අපිට ඒ කලේ ඉතින් හරි අමාරුව. ඒ හින්ද මමත් පොඩ්ඩක් try එකක් දුන්න.
පස්සේ අපි ඉස්කෝලෙන් trip එකක් ගියා. දැන් වගේ නෙවෙයි ඒ කලේ කෙල්ලෝ කොල්ලෝ එකටමයි bus වල එක්ක ගියේ. මට ඉස්සරහ seat එකේ ඒ කෙල්ලයි යාළුවයි. මමයි මගේ යාළුවෙකුයි මම ගිය seat එකේ ගියේ. කොහොමහරි ඉඳගෙන ගියේ නෑ ට්‍රිප් එක. එද්දී මහන්සි නිසා තමයි ආපහු seat එකට සෙට් උනේ. එද්දී එක එක ඒවා කිය කිය ආව කෙල්ල එක්ක මම.. මගෙත් එක්ක ඉන්න යාළුවා මැදින් දෙනවා. මම උට පලයන් කියල එලවල කෙල්ල එක්ක කතා කර කර ආවා.
ට්‍රිප් එක ඉවර වෙන්න ලං වෙද්දී මම කෙල්ල ගෙන් number එක ඉල්ලගත්ත පාඩම් කරද්දී miss call එකක් වත් දෙන්නම් කියල. පස්සේ ගෙදර ඇවිත් පහුවද ඉස්කෝලේ යනකනුත් මම call sms කලේ නෑ. පහුවද හවස ඉන්න ගමන් කම්මැලි කමට මම msg එකක් දැම්ම කෙල්ලට. "අඩේ සීතලයි බන්, උබවත් නැනේ ළඟක". කියල. කෙල්ල reply එකක් දැම්ම "අනේ මගෙන් අහගන්න එපා, මගුලක් කියනවා." කියල. කෙල්ලට හොදට joke තේරෙනවා අනික මගේ ගැන දන්නවා කෙල්ල මුල ඉදන්ම. එක පන්තියේ නේ.
පස්සේ ඔහොම කතා කරලා හැමදාම කතා කරන්න ගත්ත. call කරන්න ගත්ත. කෙල්ල ඉස්කෝලේ අවේ නැතුවම මට call ගන්නවා තාත්තගේ උපහාර සිම් එකේ. පස්සේ එකේ බිල් එක ඇවිත් තිබ්බ 3000ස් ගානක්. ඊට පස්සේ ඒ වැඩේ කරන්න බැරි උණා ආයේ. මම ඉස්කෝලේ කොහේ හරි මුල්ලකට වෙලා එකී එක්ක call එකේ ඉන්නවා ඉතින්.
ඔහොම මාස කීපයක් ගියාම මම දවසක් call එකේ ඉද්දි කෙල්ල ගෙන් ඇහුව. ගත් කටටම කිව කෙල්ල "අනේ මම ඔයාගේ යාලුවෙක් නේ. මට කොල්ලෙක් ඉන්නවා නේ." කියල. මට මාර ලැජ්ජයි. කොහොමහරි මම ඇහුවට මටත් එච්චරම ඔලුවට වැදිලා තිබ්බ relationship එකක් නෙවෙයි ඒක. ඒ නිසා මට ටික දවසක් යද්දී ආයේ ගානක් නැති උණා. කෙල්ල එක්ක දිගටම කතා කලා මම යාලුවෙක් වගේ.
පස්සේ අපි 13 ගියාට පස්සේ අලුත් batch එක ගත්ත ඉස්කෝලෙට. අපේ class එක කෙලින්ම 12 වසර තිබ්බේ. එකට ආව අලුත් කෙල්ලෙක්. පස්සේ මම ඕකට ට්‍රය් කරන්න ගත්ත. අර කෙල්ලටත් කිව මම පුළුවන් නම් support එකක් දියන් කියල. ඒ කෙල්ලත් හා කිව. කොහොමහරි අලුතින් ආව කෙල්ලට මම මගේ friend කෙල්ල අතේ පණිවිඩ යැව්වා මොකද ඒ කෙල්ලට කතා කරන්න ලං වෙන්න බෑ එකී දුවනවා බයේ. කොහොමහරි ඒ කෙල්ලගෙන් අහන්න ඔන්න මෙන්න ඉද්දි මට අර friend කෙල්ල call කර කර ඉද්දි දවසක් කියනවා. "අර ඔයා මගෙන් කලින් ඇහුව ප්‍රශ්නේ, දැන් ඔයාට මගේ ගැන එහෙම හිතෙන්නේ නැද්ද?" කියල. මම කිවා ඒ පාර, "ඔයාට ඉතින් කොල්ලෙක් ඉන්නවා කිව නේ. ඒ නිසා තමයි මම මේ වෙන කෙල්ලෙක් පස්සෙන් යන්න ගත්තේ" කියල. පස්සේ මේ කෙල්ල කියනවා "මම කැමති නම් ඔයා වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැද්ද?" කියල. මම ඉතින් "නෑ" කිව්වා. කෙල්ල කියනවා ඊළගට, පහු ගිය මාස 3 ම ( මම අහල මාස 3 ) ඔයා ඉන්න විදිය මම බලන් හිටියේ, ඉස්කෝලේ ආවත් class ගියත් මම ඔයා මොකද කරන්නේ කියල බලන් හිටියා, ඔයාට ගානක් නෑ ඔයා කෙල්ලෝ දිහා බල බල ඉන්නවා, කොහොමහරි කල් යද්දී මටත් ඔයා ගැන කැමැත්තක් ඇති උනා", කියල.
කොහොමහරි ඒ කෙල්ල එක්ක යාලු වෙලා මම අව්රුද්දක් විතර හිටිය, ඉස්කෝලෙන් අයින් වෙද්දී ඒක ඉවර උනා, එක එක ප්‍රශ්න ගොඩක් උනා, දැන් නම් ඒ කෙල්ල කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා, ජොබ් එකක් කරනවා දැන්. මටත් හොද කෙල්ලෙක් හම්බුනා. කෙල්ලෝ බෑ කීවට විශ්වාස කරන්න එපා.. උන්ට attention වැඩි උනාමත් ලොකු line දෙනවා උන්. අපි ගණන් ගන්නේ නෑ වගේ නම් ගණන් බහිනවා.
thread එකට අදාළ ද මන්ද. නිකන් කියන්න හිතුන. තව කියන්න කතන්දර නම් තියෙයි කෙල්ලෝ ගැන.