චර්නොබිල් 2019 HBO එකෙන් release කරපු මිනි TV series එකක් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ හතරවන ප්‍රතික්‍රියාකාරකය පිපුරුවාට පස්සේ සිදුවන ක්‍රියාකාරකම් පිලිබඳව මේ TV series එකෙන් විස්තර කරනවා. සියලුම සිදුවීම් සත්‍ය සිදුවීම්. හැබයි ඉතින් හැම TV series එකක් වගේම overrated සිදුවීම් වගේම time line එක තුල ගැටළු තියනවා. ඒත් real horror storyයක් වගේ කතාව ගලායාමක් තියෙන්නෙ. IMDB rating වල 9.7 වගේ ලොකු අගයක් මේ TV series එක ලබා ගන්නවා. ඇත්තටම මේ TV series එකෙන් දේශපාලනයෙදී ගන්නවන තීරණ හා විද්‍යාත්මක තීරණ අතර ගැටුම පැහැදිලිවම ප්‍රදර්ශනය වෙනවා. ඇත්තටම තීරණ ගැනීම කොතරම් අමාරුව කියන දේ මේ TV series එකෙන් පෙන්වනවා. රටක් හැටියට මේ වගේ ගැටළුවකට මුහුණ දෙන එක කොච්චර අමාරුව කියන එක හා මේ සිද්දියෙදි මිනිස්සු දක්වපු අසීමිත කැප කීරිම මේ කථාවෙදි කියවෙනවා.
Last edited:



