අඩෝ මේක මගේ ස්ටෝරියට ලගින් යන නිසා කමෙන්ට් එකක් දාන්න හිතුනා (සාමාන්‍යයෙන් මම කමෙන්ට් දාන්නේ නෑ ප්‍රතිපත්තියක් විදියට). මම වෘත්තිය වෛද්‍යවරයෙක්. අවුරුදු දහයක පලපුරුද්දක් අද වෙනකොට තියෙනවා. රටේ තත්වය අපට කෙලෙව්වා තමා, ඒත් ඔලුව ටකලින් කරන් ඉන්න පුලුවන් රස්සවෙක් අද වෙනකොට මම කරනවා. ඒත් ජීවිතේ ඇණගත්ත තැන් ටිකක් තියෙනවා අධ්‍යාපනය මත. අදටත් ඒ ගැන දුක් වෙනවා. මම පොරක් නන් නෙවේ. පට්ට කට්ටක් කාලා විභග පාස් උනේ. ඒලෙවල් වල සියලුම කරුණු කොලකෑලි වල හතර පස් වතාවක් ලියලා ලියලා තමා ඔලුවට දාගත්තේ. හැබැයි රිසලට් එක පට්ට සුපිරි. මට මෙරිට් එකකුත් ආවා. හැබැයි මෙඩිකල් ෆැකල්ටි එඩුයුකේෂන් එක මට සෙට් උනේ නෑ. වරු ගනන් පාඩම් කරන එක, රෑ එලි වෙනකන් ලෙඩ්ඩු බලන්න යන එක මට වදයක් උනා. සති ගණන් ගෙදරින් ඈත් වෙලා ඉන්න කොට හෝම්සික්නස් ගැහුවා. ඇත්ත ප්‍රශ්ණ අමතක කරන්න ගේම්, වැල සහ එෆ්බී යොදාගත්තා. ඒ කියන්නේ මම ප්‍රශ්ණටය් මුලට බේත් නොකර රෝග ලක්ෂණ වලට බේත් කලා. එක්සෑම් ෆේල් උනා. රීපිට් කලා. ස්කිප් කලා. ලබන පාර ලියනවා කියලා හිත හදාගත්තා. ලබන පාරත් ස්කිප් කලා. වැඩ නහය ලගටම වැඩි උනා. ෆයිනල් එකට කලින් සතියේ පිස්සු හැදිලා වගේ බස් එකේ නැගලා නුවර ගහින් පාරවල් වල ඇවිද ඇවිද හිටියා ස්ට්‍රෙස් එකට. ෆයිනල් රිපීට් උනා. ගෙදර ඇවිත්, අද උඹ වගේම මමත් මට මේ මොකද උනේ කියලා කල්පනා කලා. මට මහ ලොකුවට දේවල් තේරුනේ නෑ ඒත්. පාඩම් කරන විදිය පොඩ්ඩක් ඇජස්ට් කරලා එක්සෑම් නන් ගොඩ දාගත්තා. ඒත් අර ලොස්ට් ෆීලින්ග් එක සම්පූර්ණයෙන් නැතුව ගියේ නෑ. ඒ ඇති උන ඩිස්පෙයාර් එක නිසා මම කාලයෙන් පස්සට ගියා. උඹට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ගේම්, වැල, ඩ්‍රග්ස් වල ක්ෂණික සැප ඉතාම භයනකයි. අපි පස්සට යනවා, අනික් උන් ඉස්සරහාටම යනවා. යකෝ, පාඩම් කරපන් ඔය රෙද්දවල්, මඟුල් පැත්තක දාලා. කම්ෆර්ට් සෝන් එකෙන් එලියට වරෙන්. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා කියපු එකාට මල් තියලා වැදලා කටට මසුරන් දැම්මත් මදි.