යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය
යහන්ගල - Unsuccessful chase through the mist
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට...අදත් පොඩි සංචාරක නූලක් අරගෙන ආවා.මේකත් ටික කාලයකට කලින් ගියපු ගමනක්.
හැබැයි මේක සම්පුර්ණයෙන්ම අසාර්ථක වුනු ප්රයත්නයක්.
මේ ගමන අපි ගියේ 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ දවසක.අපේ ගමනේ ඉලක්කය වුනේ උඩුදුම්බර - කළුගල කියන ගමේ පිහිටලා තියෙන යහන්ගල කියන කන්ද.
ගමන සැලසුම් කලේ මගේ ඉස්කෝලේ මිත්‍රයෙක්.ඔහුත් ඔහුගේ තව මිත්‍රයෙක් සමගින් මමත් අපේ කාර්යාලයේ සගයෙකුත් තමා පිරිස.
අපි ඔක්කොම 4 දෙනයි.
තනි දවසේ චාරිකාවක් තමා සැලසුම් කලේ....
මගෙත් කාලයක පටන් තිබුණු ආසාවක් තමා යහන්ගල යන එක.පින්තුර වලින් දැකල තිබුණු යහන්ගල ඇත්තටම යන්න යෝජනා කලේ මම.
කලින් අවුරුද්දේ ගැරඬි ගල ගිහින් තිබුණු නිසා ගමන් මාර්ගය ගැන ලොකු ගැටළුවක් තිබුනේ නැහැ.නමුත් යහන්ගලට යන විදිහ ගැන නම් දැනගෙන උන්නේ නැහැ.
අවශ්‍ය සේරම කළමනා අඩුක් කරගෙන අපි කොළඹදී මුණගැහෙන්න තමා සැලසුම කලේ.
රාත්‍රී කොළඹින් මහියංගන බස් එකේ ඇවිත් උඩුදුම්බරින් බැහැලා කෑම එහෙම කාලා කළුගල කියන ගමට එද්දී උදේ 8 විතර ඇති.
කළුගල බස් නවත්තන අන්තිම තැනින් බැහැල එතන තිබුණු කඩමණ්ඩියෙන් යහන්ගලට යන විස්තර දැන ගන්න නැවතුනා.
ඒ වෙලාවේ එතන හිටපු මිනිස්සුන් අපිට තනියම යහන්ගලට යන්න දෙන්න වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ.
පෞද්ගලිකව මම ගයිඩ් ලට කැමති නැහැ.මොකද ලංකාවේ අපේ බහුතරයක් මිනිස්සු ළඟ තියෙන අනෙකා රවටා මුදල් ගැරීමේ කූට කම් එහෙම පිටින්ම ඔය මිනිස්සු බොහොමයක් දෙනෙක් ලඟත් නොඅඩුව තියෙනවා.
කොහොම වෙතත් ගමේ තරුණ පිරිමි දෙන්නෙක් අපිත් එක්ක කන්දට යන්න ඉදිරිපත් වුනා.අකමැත්තෙන් වුනත් අපිට ඊට ඉඩදෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.
මොකද අපි 4 දෙනාගෙන් කිසිම කෙනෙක් නියමිත අඩිපාර ගැන දැනගෙන හිටියේ නැහැ.
ඔය මම ජීවිතේට සංචාරක මගපෙන්වන කෙනෙකුගේ සහය ගත්තු 2 අවස්තාව. කලින් දූල්ගල කන්දේ යන්න සහය ගත්තා.
නමුත් මෙතැනදී මේ මිනිස්සු බලෙන් වගේ අපිත් එක්ක ආවා.
නමුත් ඔවුන්ගේ සේවය නම් අන්තිම දුර්වලයි. ඔවුන් අපිට මග නොපෙන්නුවා විතරක් නෙමේ අතරමගින් අපිව දාලා යන්නත් ගියා.
(කළුගල ගමේ '' ධනසිරි '' කියන ත්‍රීරෝද රියදුරා තමයි අපිට එහෙම වංචාවක් කලේ.)
එදායින් පසු මේ වනතුරු මම ගයිඩ් සහය අරගෙන නැහැ.
යහන්ගලට යන්න තියෙන්නේ කළුගල ගමේ ඉඳල ඉස්සරහට ගිහින් සංචාරක අමාත්‍යංශයේ සහ වනජීවී එකේ පුවරුව අසලින් කොන්ක්‍රීට් පාරේ ගිහින් ගමේ අවසන් කෙලවරින් අඩිපාර දිගේ උඩට.
ඒ අඩිපාර මැදදී එක් ස්ථානයකින් දකුණු දිසාවට කැලේ ඇතුලෙන් වෙලන්ගොල්ල පතන භූමියට ඇතුළු වෙන්න තියෙනවා.
මේ කියන පතනෙ මැදට වෙන්න තමයි යහන්ගල පර්වතය පිහිටලා තියෙන්නේ.
කොහොම හරි ගයිඩ් ලා දෙන්නා අපිත් එක්ක ඔය අඩි පාරේ මගක් වෙනකන් ඇවිත් පතනට හැරෙන තැන පෙන්නලා ගාස්තුව අරගෙන ආපහු යන්න ගියා.
ඒ වෙනකොට මුළු පරිසරයම ලොකු මීදුමකින් වෙලාගෙන තිබුනේ.
යහන්ගල කියන්නේ ජනප්‍රවාද වලට ලක් වුනු ස්ථානයක්.
කෙටියෙන් කිව්වොත් රාම ගේ හී පහරට ලක් වුනු රාවණ රජුගේ දේහය මිනිසුන්ගේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කළා යැයි ජනප්රවාදයේ සඳහන් වෙන්නේ මේ කියන යහන්ගල පර්වතය මුදුනේ.
'' යහන්ගල '' කියන නම හැදෙන්නේ ඔය හේතුව නිසයි.
ගමේ කෙලවර තියෙන පුංචි දිය පාර.
කැලෑවට ඇතුළු වුනා.
ඔය ඉන්නේ ගයිඩ් ජොබ් එකට ආපු කොල්ලෝ දෙන්නා.
ගයිඩ් ලා දෙන්නා අපිව දාලා ගියාට පස්සේ අපි පතනට ඇතුළු වුනා. ඒ වෙද්දී අපිට මීටර් කිහිපයක් ඉදිරියෙන් ඇරෙන්න වෙනින් කිසිම දෙයක් නොපෙනෙන තරමට ඝන මීදුම.
මීදුම අඩුවෙනකන් අපි ආගියාතේ පතනෙ එහෙට මෙහෙට ඇවිද්දා කන්ද කොහෙද තියෙන්නේ කියල බලන්න.
ඇත්තටම කිව්වොත් අපි පතනට ඇතුළුවෙලා පැයක් විතර යනකන් යහන්ගල කන්ද තියෙන්නේ පතනෙ කොතනද කියල දැක්කේ නැහැ.
මීදුම අඩුවුණාට පස්සේ තමා යාන්තම් පතනෙ දකුණට පහලට වෙන්න කන්දේ පාමුල කොටස පෙනෙන්න ගත්තේ.
ඒ වෙද්දී උදේ 11 විතර ඇති.අපි ගෙනාපු බිස්කට් දෙක තුනක් කන ගමන්ම අපි කන්ද දිහාවට ඇදුනා.
මෙතනින් තමා පතනට ඇතුළු වෙන්නේ. මේ අඩිපාර කෙලින්ම ගියාම උඩගලදෙබොක්ක කියන ගම්මානයට යන්න පුළුවන්.
මෙතනින් යන ගම්මු පොඩි පඬුරක් දාලා යන්නේ.
අපි පතනට ඇතුළු වෙද්දී ඝන මීදුමකින් වැහිලා තිබුනේ.
යහන්ගල පෙනෙන දිසාවක් වත් හොයා ගන්න බැරි තරමට මීදුම. ඒ නිසා අපි පතනෙ එහෙට මෙහෙට පැයක් විතර ඇවිද්දා.
යාන්තම් යහන්ගලේ පාමුල කොටස දැක්කා.
පතන දිගේ කන්දේ පාමුලට වෙනකම් පල්ලම් බැස්සා.
යහන්ගල කන්ද නගින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
පලවෙනි එක තමා කන්දේ අනෙක් පැත්තෙන්, එකිව්වේ පතන වටේ ගිහින් කන්දේ අපිට නොපෙනෙන බෑවුමෙන් නගින එක.
ඒ ගමන ආනතිය අඩුයි.නමුත් සෑහෙන දුරයි, වෙලාව යනවා වැඩියි. ආරක්ෂිත ක්‍රමය මෙන්ම සම්මත ක්‍රමය ඒක.
දෙවෙනි විදිහ තමා කන්දේ සිරස් බෑවුමේ දාරය දිගේ කෙටි මාර්ගයෙන් යන එක.මේක තනිකරම ලොකු බෑවුම දිගේ උඩට බඩ ගාගෙන වගේ යන්න ඕනේ. අවදානම් තැන් කිහිපයක්ම තියෙනවා.නමුත් අඩු කාලෙකින් යන්න හැකියි.
ඉතින් අපි උත්සහා කලේ අවදානම් උනත් දෙවෙනි විදිහට උඩට යන්න.මොකද ඒ වෙද්දී තරමක් කාලයක් ගෙවිලා නිසා.
අපි කන්දේ පාමුල පිහිටි කැලෑ මන්ඩියට ඇතුළු වුනා.වෙලන්ගොල්ල පතන කියන්නේ අලි ගැවසෙන භූමියක්.පතනෙ සමහර තැන් වල වියලි අලි බෙටි පවා දකින්න ලැබුනා.
ඔහොම කැලෑව ඇතුලෙන් කන්දේ පාමුලට ඇවිත්, එතනින් පස්සේ ගලින් ගලට අඩිය තියමින් අපි ටික ටික උඩට ගියා.
අපි මේ යන කාලේ වෙද්දී යහන්ගල ත්‍රාසජනක සංචාරකයන්ගේ ලොකු පාරාදීසයක් වෙලා තිබුනේ නැහැ. ඒකනිසා අඩිපාරක් නම් තිබුනේ නැහැ.
නමුත් මෙහෙම උඩට ගිය ගමන මගදී අපිට නවත්තන්න සිද්ධ වුනා.මොකද කිව්වොත් ලොකු තිරස් ගල් බිත්තියක් ගාවදි අපි හිර වුනා.කොයි විදිහට උත්සහා කලත් ඉදිරියට යන්න පුළුවන් විදිහක් පෙනුනේ නැහැ.
ඒ වෙද්දි කාලයත් බොහොම වේගයෙන් ඉදිරියට ගිහින්.
එක නිසා අපි ගල් ඇන්දක් උඩ නතර වෙලා පොඩි විවේකයක් ගන්න ගමන් ගමනේ ඉදිරිය ගැන සාකච්ඡා කළා.
අපිට තිබුණු ලොකුම බාධාව තමයි මීදුම.මීදුම කොයිම වෙලාවකවත් පහව ගියේ නැහැ.
අනිත් එක තමයි වල් අලි තර්ජනය.මීදුම අතරින් අලියා ලඟට එනකන් දකින්නේ නැහැ.
ඊළඟ කාරණය තමයි කාලය.
ඉතින් අපි අකමැත්තෙන් වුනත් ගමන අත්හැරලා ආපහු පල්ලම් බහින තීරණය කළා.
වේලුනු අලි බෙටි සෑහෙන දකින්න ලැබුනා.
කන්දේ පාමුල කැලෑ කොටසට ඇතුළු වුනා
කන්දේ ගලින් ගලට අඩිය තියමින් පුළුවන් තරම් උඩටම ගියා. නමුත් මීදුම නිසා ඉදිරිය නොපෙනුනා වගේම අපිව ගල් ඇන්දකින් හිර වුනා. මීදුම මැදින් එතනින් එහාට යන එක අවදානම් නිසා ආපහු පල්ලම් බහින්න තීරණය කළා.
ඔය විදිහට තවත් පැය බාගෙකින් විතර අපි නැවත පතනට ඇවිත් පතනෙ තරමක් වෙලා ඇවිද්දා.අපි පතන දිගේ කෙලවරකින් ඉස්සරහට වෙනකන් ගියා. නමුත් මීදුම නම් අඩුවක් දැක්කෙම නැහැ.
අපි දවල්ට කන්න ගෙනාපු පාන් කාලා පතනෙන් එලියට ඇවිදින් කැලේ මැදින් ගමට බැස්සා.ගමට බහින අතරමගදී අපි ලොකු වැස්සකට කොටු වුනා.
කොහොම හරි ඒ වෙද්දී හැන්දෑවේ 3 කිට්ටු වුනා.
අපි කළුගල ගමට ඇවිදින් කඩ මණ්ඩියට එද්දී අපිත් එක්ක උඩට යන්න ආපු අනිත් ගයිඩ් හිටියා.
අපි මීදුමකට කොටු වුනු බවත්, කන්දට යන්න බැරි වුනු බවත් එයාට කියල අපි එන්න ආවා.
මීදුම මැදින්ම කන්දෙන් බැහැල ආපහු පතනට ඇවිත් පොඩි විවේකයක් අරගෙන ආපහු ගමට බහින්න පිටත් වුනා.