යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    යහන්ගල - Unsuccessful chase through the mist :(

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට...අදත් පොඩි සංචාරක නූලක් අරගෙන ආවා.මේකත් ටික කාලයකට කලින් ගියපු ගමනක්.
    හැබැයි මේක සම්පුර්ණයෙන්ම අසාර්ථක වුනු ප්‍රයත්නයක්.
    මේ ගමන අපි ගියේ 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ දවසක.අපේ ගමනේ ඉලක්කය වුනේ උඩුදුම්බර - කළුගල කියන ගමේ පිහිටලා තියෙන යහන්ගල කියන කන්ද.
    ගමන සැලසුම් කලේ මගේ ඉස්කෝලේ මිත්‍රයෙක්.ඔහුත් ඔහුගේ තව මිත්‍රයෙක් සමගින් මමත් අපේ කාර්යාලයේ සගයෙකුත් තමා පිරිස.
    අපි ඔක්කොම 4 දෙනයි.
    තනි දවසේ චාරිකාවක් තමා සැලසුම් කලේ....
    මගෙත් කාලයක පටන් තිබුණු ආසාවක් තමා යහන්ගල යන එක.පින්තුර වලින් දැකල තිබුණු යහන්ගල ඇත්තටම යන්න යෝජනා කලේ මම.
    කලින් අවුරුද්දේ ගැරඬි ගල ගිහින් තිබුණු නිසා ගමන් මාර්ගය ගැන ලොකු ගැටළුවක් තිබුනේ නැහැ.නමුත් යහන්ගලට යන විදිහ ගැන නම් දැනගෙන උන්නේ නැහැ.
    අවශ්‍ය සේරම කළමනා අඩුක් කරගෙන අපි කොළඹදී මුණගැහෙන්න තමා සැලසුම කලේ.

    රාත්‍රී කොළඹින් මහියංගන බස් එකේ ඇවිත් උඩුදුම්බරින් බැහැලා කෑම එහෙම කාලා කළුගල කියන ගමට එද්දී උදේ 8 විතර ඇති.
    කළුගල බස් නවත්තන අන්තිම තැනින් බැහැල එතන තිබුණු කඩමණ්ඩියෙන් යහන්ගලට යන විස්තර දැන ගන්න නැවතුනා.
    ඒ වෙලාවේ එතන හිටපු මිනිස්සුන් අපිට තනියම යහන්ගලට යන්න දෙන්න වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ.
    පෞද්ගලිකව මම ගයිඩ් ලට කැමති නැහැ.මොකද ලංකාවේ අපේ බහුතරයක් මිනිස්සු ළඟ තියෙන අනෙකා රවටා මුදල් ගැරීමේ කූට කම් එහෙම පිටින්ම ඔය මිනිස්සු බොහොමයක් දෙනෙක් ලඟත් නොඅඩුව තියෙනවා.

    කොහොම වෙතත් ගමේ තරුණ පිරිමි දෙන්නෙක් අපිත් එක්ක කන්දට යන්න ඉදිරිපත් වුනා.අකමැත්තෙන් වුනත් අපිට ඊට ඉඩදෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.
    මොකද අපි 4 දෙනාගෙන් කිසිම කෙනෙක් නියමිත අඩිපාර ගැන දැනගෙන හිටියේ නැහැ.
    ඔය මම ජීවිතේට සංචාරක මගපෙන්වන කෙනෙකුගේ සහය ගත්තු 2 අවස්තාව. කලින් දූල්ගල කන්දේ යන්න සහය ගත්තා.
    නමුත් මෙතැනදී මේ මිනිස්සු බලෙන් වගේ අපිත් එක්ක ආවා.
    නමුත් ඔවුන්ගේ සේවය නම් අන්තිම දුර්වලයි. ඔවුන් අපිට මග නොපෙන්නුවා විතරක් නෙමේ අතරමගින් අපිව දාලා යන්නත් ගියා.
    (කළුගල ගමේ '' ධනසිරි '' කියන ත්‍රීරෝද රියදුරා තමයි අපිට එහෙම වංචාවක් කලේ.)
    එදායින් පසු මේ වනතුරු මම ගයිඩ් සහය අරගෙන නැහැ.
    යහන්ගලට යන්න තියෙන්නේ කළුගල ගමේ ඉඳල ඉස්සරහට ගිහින් සංචාරක අමාත්‍යංශයේ සහ වනජීවී එකේ පුවරුව අසලින් කොන්ක්‍රීට් පාරේ ගිහින් ගමේ අවසන් කෙලවරින් අඩිපාර දිගේ උඩට.
    ඒ අඩිපාර මැදදී එක් ස්ථානයකින් දකුණු දිසාවට කැලේ ඇතුලෙන් වෙලන්ගොල්ල පතන භූමියට ඇතුළු වෙන්න තියෙනවා.
    මේ කියන පතනෙ මැදට වෙන්න තමයි යහන්ගල පර්වතය පිහිටලා තියෙන්නේ.
    කොහොම හරි ගයිඩ් ලා දෙන්නා අපිත් එක්ක ඔය අඩි පාරේ මගක් වෙනකන් ඇවිත් පතනට හැරෙන තැන පෙන්නලා ගාස්තුව අරගෙන ආපහු යන්න ගියා.
    ඒ වෙනකොට මුළු පරිසරයම ලොකු මීදුමකින් වෙලාගෙන තිබුනේ.
    යහන්ගල කියන්නේ ජනප්‍රවාද වලට ලක් වුනු ස්ථානයක්.
    කෙටියෙන් කිව්වොත් රාම ගේ හී පහරට ලක් වුනු රාවණ රජුගේ දේහය මිනිසුන්ගේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කළා යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ මේ කියන යහන්ගල පර්වතය මුදුනේ.
    '' යහන්ගල '' කියන නම හැදෙන්නේ ඔය හේතුව නිසයි.

    nxKefX9.jpg

    ගමේ කෙලවර තියෙන පුංචි දිය පාර.

    gaNkW8s.jpg


    7Evftj4.jpg


    x22S4Hx.jpg

    කැලෑවට ඇතුළු වුනා.

    wwlLf7l.jpg

    ඔය ඉන්නේ ගයිඩ් ජොබ් එකට ආපු කොල්ලෝ දෙන්නා.

    4jFCGA0.jpg


    fO0qcBH.jpg


    ගයිඩ් ලා දෙන්නා අපිව දාලා ගියාට පස්සේ අපි පතනට ඇතුළු වුනා. ඒ වෙද්දී අපිට මීටර් කිහිපයක් ඉදිරියෙන් ඇරෙන්න වෙනින් කිසිම දෙයක් නොපෙනෙන තරමට ඝන මීදුම.
    මීදුම අඩුවෙනකන් අපි ආගියාතේ පතනෙ එහෙට මෙහෙට ඇවිද්දා කන්ද කොහෙද තියෙන්නේ කියල බලන්න.
    ඇත්තටම කිව්වොත් අපි පතනට ඇතුළුවෙලා පැයක් විතර යනකන් යහන්ගල කන්ද තියෙන්නේ පතනෙ කොතනද කියල දැක්කේ නැහැ.
    මීදුම අඩුවුණාට පස්සේ තමා යාන්තම් පතනෙ දකුණට පහලට වෙන්න කන්දේ පාමුල කොටස පෙනෙන්න ගත්තේ.
    ඒ වෙද්දී උදේ 11 විතර ඇති.අපි ගෙනාපු බිස්කට් දෙක තුනක් කන ගමන්ම අපි කන්ද දිහාවට ඇදුනා.

    pG1NrWZ.jpg

    මෙතනින් තමා පතනට ඇතුළු වෙන්නේ. මේ අඩිපාර කෙලින්ම ගියාම උඩගලදෙබොක්ක කියන ගම්මානයට යන්න පුළුවන්.
    මෙතනින් යන ගම්මු පොඩි පඬුරක් දාලා යන්නේ.


    wDA2l0p.jpg

    අපි පතනට ඇතුළු වෙද්දී ඝන මීදුමකින් වැහිලා තිබුනේ.

    JVVHiWu.jpg


    9ttx2Zy.jpg

    යහන්ගල පෙනෙන දිසාවක් වත් හොයා ගන්න බැරි තරමට මීදුම. ඒ නිසා අපි පතනෙ එහෙට මෙහෙට පැයක් විතර ඇවිද්දා.

    flPRTPV.jpg


    LHPlAYY.jpg


    njrgUWK.jpg

    යාන්තම් යහන්ගලේ පාමුල කොටස දැක්කා.

    gkTAcBS.jpg

    පතන දිගේ කන්දේ පාමුලට වෙනකම් පල්ලම් බැස්සා.

    යහන්ගල කන්ද නගින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

    පලවෙනි එක තමා කන්දේ අනෙක් පැත්තෙන්, එකිව්වේ පතන වටේ ගිහින් කන්දේ අපිට නොපෙනෙන බෑවුමෙන් නගින එක.
    ඒ ගමන ආනතිය අඩුයි.නමුත් සෑහෙන දුරයි, වෙලාව යනවා වැඩියි. ආරක්‍ෂිත ක්‍රමය මෙන්ම සම්මත ක්‍රමය ඒක.

    දෙවෙනි විදිහ තමා කන්දේ සිරස් බෑවුමේ දාරය දිගේ කෙටි මාර්ගයෙන් යන එක.මේක තනිකරම ලොකු බෑවුම දිගේ උඩට බඩ ගාගෙන වගේ යන්න ඕනේ. අවදානම් තැන් කිහිපයක්ම තියෙනවා.නමුත් අඩු කාලෙකින් යන්න හැකියි.

    ඉතින් අපි උත්සහා කලේ අවදානම් උනත් දෙවෙනි විදිහට උඩට යන්න.මොකද ඒ වෙද්දී තරමක් කාලයක් ගෙවිලා නිසා.
    අපි කන්දේ පාමුල පිහිටි කැලෑ මන්ඩියට ඇතුළු වුනා.වෙලන්ගොල්ල පතන කියන්නේ අලි ගැවසෙන භූමියක්.පතනෙ සමහර තැන් වල වියලි අලි බෙටි පවා දකින්න ලැබුනා.
    ඔහොම කැලෑව ඇතුලෙන් කන්දේ පාමුලට ඇවිත්, එතනින් පස්සේ ගලින් ගලට අඩිය තියමින් අපි ටික ටික උඩට ගියා.
    අපි මේ යන කාලේ වෙද්දී යහන්ගල ත්‍රාසජනක සංචාරකයන්ගේ ලොකු පාරාදීසයක් වෙලා තිබුනේ නැහැ. ඒකනිසා අඩිපාරක් නම් තිබුනේ නැහැ.
    නමුත් මෙහෙම උඩට ගිය ගමන මගදී අපිට නවත්තන්න සිද්ධ වුනා.මොකද කිව්වොත් ලොකු තිරස් ගල් බිත්තියක් ගාවදි අපි හිර වුනා.කොයි විදිහට උත්සහා කලත් ඉදිරියට යන්න පුළුවන් විදිහක් පෙනුනේ නැහැ.
    ඒ වෙද්දි කාලයත් බොහොම වේගයෙන් ඉදිරියට ගිහින්.
    එක නිසා අපි ගල් ඇන්දක් උඩ නතර වෙලා පොඩි විවේකයක් ගන්න ගමන් ගමනේ ඉදිරිය ගැන සාකච්ඡා කළා.
    අපිට තිබුණු ලොකුම බාධාව තමයි මීදුම.මීදුම කොයිම වෙලාවකවත් පහව ගියේ නැහැ.
    අනිත් එක තමයි වල් අලි තර්ජනය.මීදුම අතරින් අලියා ලඟට එනකන් දකින්නේ නැහැ.
    ඊළඟ කාරණය තමයි කාලය.

    ඉතින් අපි අකමැත්තෙන් වුනත් ගමන අත්හැරලා ආපහු පල්ලම් බහින තීරණය කළා.

    cNwYux7.jpg


    EZS2xz0.jpg


    DC2T9qt.jpg

    වේලුනු අලි බෙටි සෑහෙන දකින්න ලැබුනා.

    MaZQpKx.jpg


    P4CzDhK.jpg


    4KKKMrj.jpg


    JUFQjJ2.jpg


    X17Vhmj.jpg

    කන්දේ පාමුල කැලෑ කොටසට ඇතුළු වුනා

    Qmujlyk.jpg


    QIfTHPC.jpg

    කන්දේ ගලින් ගලට අඩිය තියමින් පුළුවන් තරම් උඩටම ගියා. නමුත් මීදුම නිසා ඉදිරිය නොපෙනුනා වගේම අපිව ගල් ඇන්දකින් හිර වුනා. මීදුම මැදින් එතනින් එහාට යන එක අවදානම් නිසා ආපහු පල්ලම් බහින්න තීරණය කළා.

    ඔය විදිහට තවත් පැය බාගෙකින් විතර අපි නැවත පතනට ඇවිත් පතනෙ තරමක් වෙලා ඇවිද්දා.අපි පතන දිගේ කෙලවරකින් ඉස්සරහට වෙනකන් ගියා. නමුත් මීදුම නම් අඩුවක් දැක්කෙම නැහැ.
    අපි දවල්ට කන්න ගෙනාපු පාන් කාලා පතනෙන් එලියට ඇවිදින් කැලේ මැදින් ගමට බැස්සා.ගමට බහින අතරමගදී අපි ලොකු වැස්සකට කොටු වුනා.
    කොහොම හරි ඒ වෙද්දී හැන්දෑවේ 3 කිට්ටු වුනා.
    අපි කළුගල ගමට ඇවිදින් කඩ මණ්ඩියට එද්දී අපිත් එක්ක උඩට යන්න ආපු අනිත් ගයිඩ් හිටියා.
    අපි මීදුමකට කොටු වුනු බවත්, කන්දට යන්න බැරි වුනු බවත් එයාට කියල අපි එන්න ආවා.


    gfK2CbO.jpg


    m7nUvYl.jpg


    7cMKiXS.jpg

    මීදුම මැදින්ම කන්දෙන් බැහැල ආපහු පතනට ඇවිත් පොඩි විවේකයක් අරගෙන ආපහු ගමට බහින්න පිටත් වුනා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම ඇවිත් කළුගල ගමට කලින් ගලන හසලක ඔයෙන් නාලා ආපහු සැරයක් ලොකු වැස්සකිනුත් නාලා හැන්දෑව වෙද්දී උඩුදුම්බර ට ඇවිත් රෑ වෙද්දී නුවරට ආවා.අපි ආපහු ගෙවල් වලට යද්දී පාන්දර වුනා.

    ඇත්තටම අපේ ගමන අසාර්ථකයි.ඒකට මුලිකම හේතුව වුනේ අපේ ගයිඩ් ලා. මොකද මීදුම තිබුන වුනත් ඔවුන්ට අවස්තාවක් තිබුනා අපිව උඩට අරගෙන යන්න.
    ඔවුන් එහෙම නොකළේ එක හේතුවක් මත.ඒ තමයි මීදුම නිසා අලින්ගේ තර්ජනය ලඟට එනකන් පේන්නේ නැහැ.ඒ අවදානම ඔවුන් ගත්තේ නැහැ.
    ඒ වගේම ඔවුන් අපිට කරපු ලොකුම වැරැද්ද තමයි අපිව මගින් දාලා ගිය එක.

    ආයේ ඒවගේ වංචාකාරයන්ට නොරැවටෙන්න ඒක අපිට හොද පාඩමක්.
    ඒ ගමනෙන් ඉගන ගත්තු ලොකුම පාඩමත් ඒක.

    eWW1zWP.jpg


    LDNKUxJ.jpg


    Q9Styns.jpg


    6HxwIiD.jpg


    mKW99b9.jpg

    කළුගල ගමට ඇවිත් තවත් ටිකක් ඉස්සරහින් දඹගහපිටිය පාලම ගාවින් ගලන හසලක ඔයෙන් හොඳට නා ගත්තා.


    5DXDBuq.jpg


    kOg0irN.jpg


    QV9QmTv.jpg

    මේ තියෙන්නේ තලගුනේ කියන ගමේ පිහිටලා තියෙන තලගුනේ ඇල්ල.සමහර කාල වලට වෙලන්ගොල්ල පතනෙ ඉඳල එන අලි මේ දිය ඇල්ල මුදුනටත් එනවා කියල ගමේ මිනිස්සු කිව්වා.

    bZQ0b2b.jpg

    වැස්සේ ම ආපහු බස් එක ගන්න හෝල්ට් එකට ඇවිත් උඩුදුම්බර හරහා නුවරින් ගෙවල් බලා අපේ ගමන අවසන් කළා.

    ගමනේ දල විස්තරයක් සහ සිතියම් කිසිම දෙයක් මම මෙතන දාන්නේ නැහැ, මොකද මේ මෑතකදී යහන්ගල සංචාරකයන්ට තහනම් කලාපයක් බවට වන සංරක්ෂණය මගින් නිවේදනය කළා.
    ඒ තැනම අයින් කලාද නැද්ද කියන්න නම් මම දන්නේ නැහැ.

    ඔය ගමනෙන් මාසයකට විතර පස්සේ, ඒ කිව්වේ ඒ මාර්තු වල මම යහන්ගල නගින්න ආපහු වතාවක් ගියා. හැබැයි ඒ තනියම.
    නමුත් ඒ වතාවෙත් මට කන්ද උඩට යන්න ලැබුනේ නැහැ.මොකද එදා දවසේ අලියා ගැවසුණු බවට සාධක තිබුණු නිසා ඒ උත්සාහය මම අත්හැරියා.
    මම තනියම නිසා ඒ අවධානම මම ගත්තේ නැහැ.
    හැබැයි එදා ආපහු ගමට බැහැපු වෙලාවේ මට ගමේ ආරච්චි ( එවකට කළුගල ග්‍රාම නිලධාරි ) මහත්තයා මුණගැහුනා.

    කලින් වතාවේ ගයිඩ් ලා අපිට කරපු වංචාව ගැන මම ඔහුට විස්තර කිව්වා.ඊට පස්සේ දවසක මම වන සංරක්ෂණ නිලධාරියෙකුට පවා ඔහු ගැන දැනුම් දුන්නා.
    ඒ වගේම එදා ඉඳලා යහන්ගල යන්න හිටපු මම දන්න කියන සංචාරකයෝ සේරටම වගේ මම ඔහු ගැන විස්තර දීල තිබුනා.
    ඒ ගිහින් ආපු කෙනෙක් ඔහුව ප්‍රතික්ෂේප කරපු බවත්, ඔහු ගැන වන සංරක්ෂණයට පැමිණිලි කරපු බවත් ඔහු හමුවේ කියල තිබුනා.
    හොඳම සිද්ධිය කියන්නේ ඒ අප්‍රේල් වලම මම අපේ කාර්යාල සගයෝ එක්ක හසලක ඔය දිගේ රත්න ඇල්ල සංචාරයක් ගියා. ඒ ගමන ගැනත් කලින් වතාවක ත්‍රෙඩ් එකක ලිව්වා.ඒ ගමනත් කළුගල හරහාමයි ගියේ.
    එදා උදේ කළුගලින් බැහැලා යද්දී අර මනුස්සයා හිටියා. එදත් ගමේ මිනිස්සු අපි යන්නේ කොහෙද විස්තර අහද්දී අර මනුස්සයා නෙමේ එතන කිට්ටුවට වත් ආවේ.මමත් මොකුත් නොදැක්කා වගේ උන්නා.

    ඉතින් අපේ යහන්ගල අසාර්ථක ප්‍රයත්නයේ කතාව සිද්ධ වුනේ ඔහොමයි....එහෙමනම් එළකිරි වැසියෝ ඔක්කොටම ආයුබෝවන්. තවත් මේ වගේ සංචාරක නූලකින් හමුවෙමු.
    ජයවේවා......


    :):):):)
     
    • Like
    Reactions: kellsupun

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අසාර්ථකයි කිව්වට වෙනදා වගේම් සෑහෙන සාර්ථක ත්‍රෙඩ් එකක් යකූ..:cool:
    අර මීදුම එක්ක වැදිලා තියෙන ෆොටෝ ටික දැක්කාම ඇඟත් එක්ක කූල් උනා වගේ..:love:
    Is @ 420C උෂ්ණත්වය විඳිමින්..:dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,198
    29,863
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට පෝස්ට් එක:cool::cool:

    උඹ ගමේ ගයිඩ් කෙනෙක්ගේ වැදගත්කම ඉගෙනගෙන නෑ. නොදන්නා තැන්වල යනකොට ඒ පැතිවල ඉන්න තලතුනා මනුසයෙක් අල්ලගන්න, මොකද ඔය කැලේ අස්සේ මිනිස්සු යන්නේ නැති අඩිපාරවල්වල බඳින තුවක්කු අටවලා තියෙනවා, ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු දැනුවත්කරලා තියෙන්නේ වැරදිලා හරි පත්තුවුනොත් ගමෙන්ම කන්න වෙන හින්දා. කොහොමත් ගමේ මිනිහෙක් ඉස්සරහින් දාන් යන්න, ඒක ඇඟට ගුණයි,

    තව මිනිහෙක් එක්ක යන්න අකමැතිනන් අවදානම් තැන් ගැන කියලම අහගන්න

    මගේ එක ට්‍රිප් එකක මම අනූනමයෙන් බේරෙන්නේ, කකුළ වැදුනනන් කුඩුපට්ටං........ අහම්බෙන් කම්බිය දැක්කේ.:baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අසාර්ථකයි කිව්වට වෙනදා වගේම් සෑහෙන සාර්ථක ත්‍රෙඩ් එකක් යකූ..:cool:
    අර මීදුම එක්ක වැදිලා තියෙන ෆොටෝ ටික දැක්කාම ඇඟත් එක්ක කූල් උනා වගේ..:love:
    Is @ 420C උෂ්ණත්වය විඳිමින්..:dull:

    එදා තිබුණු මීදුම නම් මාරම ලස්සනයි බන්...ඔය වෙලන්ගොල්ල පතනත් පට්ටම ලස්සන ප්ලේස් එකක්.
    එදා දවල් වුනත් ඇඟට දැනෙන සීතලක් තිබුනා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට පෝස්ට් එක:cool::cool:

    උඹ ගමේ ගයිඩ් කෙනෙක්ගේ වැදගත්කම ඉගෙනගෙන නෑ. නොදන්නා තැන්වල යනකොට ඒ පැතිවල ඉන්න තලතුනා මනුසයෙක් අල්ලගන්න, මොකද ඔය කැලේ අස්සේ මිනිස්සු යන්නේ නැති අඩිපාරවල්වල බඳින තුවක්කු අටවලා තියෙනවා, ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු දැනුවත්කරලා තියෙන්නේ වැරදිලා හරි පත්තුවුනොත් ගමෙන්ම කන්න වෙන හින්දා. කොහොමත් ගමේ මිනිහෙක් ඉස්සරහින් දාන් යන්න, ඒක ඇඟට ගුණයි,

    තව මිනිහෙක් එක්ක යන්න අකමැතිනන් අවදානම් තැන් ගැන කියලම අහගන්න

    මගේ එක ට්‍රිප් එකක මම අනූනමයෙන් බේරෙන්නේ, කකුළ වැදුනනන් කුඩුපට්ටං........ අහම්බෙන් කම්බිය දැක්කේ.:baffled::baffled:

    හෙම සීන් එකක් නෙමේ.
    ගමේ මනුස්සයෙකුගේ වටිනාකම සහ නොවටිනාකම මට තේරෙනවා.

    මම කලින් දාපු දූල්ගල කන්දේ ත්‍රෙඩ් එක බලන්න.දූල්ගල කන්ද කියන්නේ ගමේ මිනිස්සු විතරක් දන්න තැනක්. ඒකයි මම ඒ පැත්තේ ගයිඩ් කෙනෙක් සෙට් කරගෙනම ගියේ. මොකද සංචාරකයෝ යන්නේ නැති ස්ථාන වල තමයි ඔය අවදානම තියෙන්නේ.

    ඒත් යහන්ගල කියන්නේ වන සංරක්ෂණයෙන් පවා සංචාරක ස්ථානයක් විදිහට නම් කරපු තැනක්. ඒකට නියමිත පාරක් තියෙනවා.
    නිතරම සංචාරකයෝ යන එන තැනක්.

    ඇත්තටම ඒක අමාරු, වරදින පාරක් නෙමේ.ඒ වුනාට අපේ නොදන්නා කමෙන් ඒ මිනිස්සු යුතු ප්‍රයෝජනයක් ගත්තේ.
    අපි ඇහුවේ යන පාර කියන්න කියල. ඒ දෙන්නා බලෙන්ම වගේ තමා අපිව එක්කන් ගියේ, එහෙම නොවුනොත් යන්න දෙන්න බැහැ කිව්වා.
    ඒක ඒ මිනිස්සුන්ගේ ගම. අපිට එමිනිස්සු එක්ක රණ්ඩුවට පැටලෙන්න බැහැ නේ ඒ වෙලාවට.

    අනික අපි එයාලව පොරොන්දු කර ගත්තා අපිත් එක්ක උඩට ගිහින් ආපහු එන්න කියල.
    ඒ වුනාට ඒ මිනිස්සු දෙන්නා මගක් ගිහින් අපිට යන්න කියල සල්ලිත් අරගෙන ආපහු ආවා.
    එහෙම කරන එක වැරදිනේ.

    උන් දෙන්නා එහෙම කලේ උන්ගේ ආරක්ෂාවට මොකද, ඔය පතනට නිතරම අලි එනවා.මීදුම ඇතුලෙන් අලියා ලඟට එනකන් පේන්නේ නැහැ.
    උන් දැන දැන අපිව අනතුරෙත් හෙලුවා.අන්න ඒ කැරි වැඩේ තමයි දිරෙව්වෙ නැත්තේ.

    අනික හරියටම ඊළඟ මාසේ මම තනියම ඔය ගමන ආපහු ගියා.එදාත් ඔය ත්‍රීවිල් එලවන එක්කෙනෙක් මගෙන් යමුද ඇහුවා. මම කෙලින්ම කිව්වා,මම මීට කලින් යහන්ගල ගිහින් තියෙනවා. මට ඒක නිසා ගයිඩ් කෙනෙක් ඕනේ නැහැ. අනික ඔයා ගයිඩ් කෙනෙක් නෙමේ නේද ? ඔයාට ලයිෂන් නැහැ නේ......ඔයා කැමති නම් එන්න හැබැයි මගේ ළඟ ඔයාට දෙන්න සල්ලි නැහැ කියල....ආයේ මනුස්සයා මොකුත් කියවන්න ආවේ නැහැ.

    අනික ඔය එකෙක්වත් ගයිඩ්ලා නෙමේ අයියේ.......වැඩි හරියක් හොරු ඉන්නේ.


    :dull::dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    හම්මෝ ඉතින් යහන්ගල මතකයන් නම් එමටයි :love::)

    ගල දිගේ යද්දී අමාරුම එක තැනක් තියනවා බන් එතනින් නම් ගියේ ඉතින් දෙයියෝ බුදුන් සිහි කරලා :sorry:

    රාවණා ගැන ගොඩක් විශ්වාස තාමත් ඒ ගමේ මිනිස්සුන්ට තියනවා :)

    ඔය මීදුම් කාලේ නම් අමාරු ඇති බන්, අර පඩුරු තියන තැනට අලි එනවලු වැස්ස කාලෙට උන්ට පතනේ ඉන්න බැරි නිසා කිරිමැටියෝ උන්ගේ ඇගිලි කන නිසාලු :yes::yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හම්මෝ ඉතින් යහන්ගල මතකයන් නම් එමටයි :love::)

    ගල දිගේ යද්දී අමාරුම එක තැනක් තියනවා බන් එතනින් නම් ගියේ ඉතින් දෙයියෝ බුදුන් සිහි කරලා :sorry:

    රාවණා ගැන ගොඩක් විශ්වාස තාමත් ඒ ගමේ මිනිස්සුන්ට තියනවා :)

    ඔය මීදුම් කාලේ නම් අමාරු ඇති බන්, අර පඩුරු තියන තැනට අලි එනවලු වැස්ස කාලෙට උන්ට පතනේ ඉන්න බැරි නිසා කිරිමැටියෝ උන්ගේ ඇගිලි කන නිසාලු :yes::yes:

    අම්මේ ඉතින් උඹටත් කැලයක් නම් ආයේ වෙන මුක්ත් ඔන නෑ නේ...:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,198
    29,863
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙම සීන් එකක් නෙමේ.
    ගමේ මනුස්සයෙකුගේ වටිනාකම සහ නොවටිනාකම මට තේරෙනවා.

    මම කලින් දාපු දූල්ගල කන්දේ ත්‍රෙඩ් එක බලන්න.දූල්ගල කන්ද කියන්නේ ගමේ මිනිස්සු විතරක් දන්න තැනක්. ඒකයි මම ඒ පැත්තේ ගයිඩ් කෙනෙක් සෙට් කරගෙනම ගියේ. මොකද සංචාරකයෝ යන්නේ නැති ස්ථාන වල තමයි ඔය අවදානම තියෙන්නේ.

    ඒත් යහන්ගල කියන්නේ වන සංරක්ෂණයෙන් පවා සංචාරක ස්ථානයක් විදිහට නම් කරපු තැනක්. ඒකට නියමිත පාරක් තියෙනවා.
    නිතරම සංචාරකයෝ යන එන තැනක්.

    ඇත්තටම ඒක අමාරු, වරදින පාරක් නෙමේ.ඒ වුනාට අපේ නොදන්නා කමෙන් ඒ මිනිස්සු යුතු ප්‍රයෝජනයක් ගත්තේ.
    අපි ඇහුවේ යන පාර කියන්න කියල. ඒ දෙන්නා බලෙන්ම වගේ තමා අපිව එක්කන් ගියේ, එහෙම නොවුනොත් යන්න දෙන්න බැහැ කිව්වා.
    ඒක ඒ මිනිස්සුන්ගේ ගම. අපිට එමිනිස්සු එක්ක රණ්ඩුවට පැටලෙන්න බැහැ නේ ඒ වෙලාවට.

    අනික අපි එයාලව පොරොන්දු කර ගත්තා අපිත් එක්ක උඩට ගිහින් ආපහු එන්න කියල.
    ඒ වුනාට ඒ මිනිස්සු දෙන්නා මගක් ගිහින් අපිට යන්න කියල සල්ලිත් අරගෙන ආපහු ආවා.
    එහෙම කරන එක වැරදිනේ.

    උන් දෙන්නා එහෙම කලේ උන්ගේ ආරක්ෂාවට මොකද, ඔය පතනට නිතරම අලි එනවා.මීදුම ඇතුලෙන් අලියා ලඟට එනකන් පේන්නේ නැහැ.
    උන් දැන දැන අපිව අනතුරෙත් හෙලුවා.අන්න ඒ කැරි වැඩේ තමයි දිරෙව්වෙ නැත්තේ.

    අනික හරියටම ඊළඟ මාසේ මම තනියම ඔය ගමන ආපහු ගියා.එදාත් ඔය ත්‍රීවිල් එලවන එක්කෙනෙක් මගෙන් යමුද ඇහුවා. මම කෙලින්ම කිව්වා,මම මීට කලින් යහන්ගල ගිහින් තියෙනවා. මට ඒක නිසා ගයිඩ් කෙනෙක් ඕනේ නැහැ. අනික ඔයා ගයිඩ් කෙනෙක් නෙමේ නේද ? ඔයාට ලයිෂන් නැහැ නේ......ඔයා කැමති නම් එන්න හැබැයි මගේ ළඟ ඔයාට දෙන්න සල්ලි නැහැ කියල....ආයේ මනුස්සයා මොකුත් කියවන්න ආවේ නැහැ.

    අනික ඔය එකෙක්වත් ගයිඩ්ලා නෙමේ අයියේ.......වැඩි හරියක් හොරු ඉන්නේ.



    එළ මචන් මම ඔහේ ගිහින් නෑ :) වාත වේගෙන එන උන් ඉන්නවනං බොරුවට හරි VIP පොරවල් ටිකකගේ නමක් දෙකක් කියපන් ඕකුන් සද්දනැතිව මාරුවෙනවා :rofl::P