කෙසෙල් කොළේ

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කෙසෙල් කොළේ බත් කෑවොත් බඩ අඩු කරගන්න දුවන්න ඕ​‌න‌ෙ නෑ!
    Lamprais-Recipe-thumb.jpg




    කොළඹ රටේ උදවිය කාලාන්තරයක් තිස්සෙ කෑවෙ ප්ලාස්ටික්. ප්ලාස්ටික් කෑවා කියලා කිව්වෙ ඔන්න මේ විහිළුවට නම් නෙවෙයි. ප්ලාස්ටික් කිව්වට ප්ලාස්ටික්ම නෙවෙයි ආයුබෝවන්ඩ ලන්ච් ෂීට්. ඕකත් ඉතින් ඔය තුනී කරපු ප්ලාස්ටික් කොළයක්නෙ. ඔය ප්ලාස්ටික් කොළේට උදේ පාන්දර බත් බෙදාගෙන දුම් දම දමා වැඩට ගෙනියන බහුතරයක් උදවිය දන්නෙ නෑ ඔය ගෙනියන්නෙ වහ ගුළියක් කියලා.

    ලන්ච් ෂීට් එකේ තියෙන ප්ලාස්ටික්, බත් ගෙඩියෙ රස්නෙට ටික ටික දියවෙනවා. ඒ දියවුණු ප්ලාස්ටික් හරි අපූරුවට බත් එකට එකතු වෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්. ඔය ලන්ච් ෂීට් එකේ බත් ගෙනියන උදවිය දැන් අවුරුදු ගාණක් තිස්සෙ බත්වලට වඩා ප්ලාස්ටික් කෑවා කිව්වෙ ඔන්න ඕකයි අපි.

    හැමදාම ඉතින් මිනිස්සුන්ට ප්ලාස්ටික් කාලා ඉස්පිරිතාලවල දිග පෝලිම්වල කරවෙවී ඉන්න බැරි නිසාම ලන්ච් ෂීට් කොළේට වඩා ඔන්න දැන් කෙසෙල් කොළේ බත් කන්න හරි අපූරු ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ අද ඊයෙක ආපු එකක් නම් නෙවෙයි. ඒත් ඉතින් එන්න එන්නම හැම නගරෙකම ‘කෙසෙල් කොළේ බත් කඩ’ වැඩිවෙන්න පටන් අරන් නම් තියෙනවා.

    ගමේ මිනිස්සුන්ට නම් ඉතින් කෙසෙල් කොළේ බත් ටිකක් කන එක මහා අරුමයක් නෙවෙයි. බත් ඔතන්න විතරක් නෙවෙයි, කිරිබත තුනී කරන්න, කුරක්කන් රොටිය වඩවන්න වගේම සමහර වෙලාවට වතුර වැඩිවෙලා බෙරි වෙන බත තුනී කරන්න, අළුවා කපන්න, කමතට ඇඹුල ගෙනියන්න, බටපොතු පෙට්ටිය වහන්නත් ගමේ මිනිස්සු ගත්තෙ කෙසෙල් කොළේ.

    කෙසෙල් කොළේටම ආවේණික වුණු එක්තරා විශේෂිත ඉටි වර්ගයක් තියෙනවා. මේ ඉටි ක්‍රියාත්මක වෙන්නෙ කෙසෙල් කොළේට අපි උණු උණුවෙන් බත්, ව්‍යංජන බෙදුවාම. ව්‍යංජනවල තියෙන ඒ රස්නෙත් එක්ක මේ ඉටි ටික ටික දියවෙන්න පටන් ගන්නවා. දියවෙමින් යන ඉටි ක්‍රම ක්‍රමයෙන් කෙසෙල් කොළේ ඔතපු බත් එකට එකතු වෙනවා. ඒ එකතු වෙන ඉටිවලින් තමයි කෑමවල රස වගේම සුවඳ වැඩි වෙන්නෙ.

    කෙසෙල් කොළේ රත් කළාම, නැතිනම් තවාගත්තම කෙසෙල් කොළේ පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වෙලා ඒ ආහාරයට උරා ගන්නවා. ඒ නිසා තමයි කෙසෙල් කොළේ ඔතපු බත් එකක් දිග අරිද්දි කටට කෙළ උණන්නෙ. ඔය පෝෂ්‍ය පදාර්ථවලට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, සිට්රික් අම්ලය වගේම කැරොටින් අම්ලයත් මේ කෙසෙල් කොළේ අඩංගු වෙලා තියෙනවා.

    අපේ කතාවට ආපහු ආවොත්, අපි අද කතා කරන්නෙ කොළඹ තියෙන කෙසෙල් කොළේ බත් විකුණන තැන් ගැන. කොළඹට කොහෙන්ද කෙසෙල් කොළ? මේ කොන්ක්‍රීට් වනාන්තරේ කෙසෙල් ගස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න අමාරුම වැඩක්.

    ​කොළඹ තියෙනවා කලාප 15ක්. ඔය කලාප පහළොවේම කොහේ හරි අස්සක මුල්ලක නම් කෙසෙල් කොළේ බත් කඩයක් නම් වරදින්නෙම නෑ. කොළඹට කෙසෙල් කොළ ගේන හැටි හොයන්න ගිහින් මට හම්බවුණා හරිම අමුතු පුද්ගලයෙක්. ඒ සිරිදාස මුදලාලි. සිරිදාස මුදලාලිගෙ ගම ගාල්ලෙ, බද්දේගම. අවුරුදු 20ක් 25ක් තිස්සෙ ඉඳලා සිරිදාස මුදලාලි කරලා තියෙන්නේ කෙසෙල් වවපු එක.

    ‘‘මට කෙසෙල් ගස් එක්ක තියෙන්නෙ මනුස්සයෙකුට බඩේ බත් වගේ සම්බන්ධයක් නෝනා. අපේ තාත්තලා කළේ මේක. අපිත් ඒකම කළා. කෙසෙල් කියන්නෙ ඉතින් අවුරුද්දෙ ඕන කාලෙක වවන්න පුළුවන් දෙයක්නෙ.’’

    සිරිදාස මුදලාලි කාලයක් තිස්සෙ කොළඹ ඔය එක එක කෙසෙල් කොළ, බත් කඩවලට විකුණලා තියෙනවා. ඔහු ඒ පිළිබඳව අපිට කිව්වෙ මෙහෙම.

    ‘‘දැන් ඉතින් කෙසෙල් කොළේ බත් කන්න කොළඹ මිනිස්සු හරි ආසයිනෙ. ඒකනෙ ඔය කඩ හැට හුටහමාරක් විතර තියෙන්නෙ. මුලින්ම මං කොළඹ ආවෙ දෙමළ කඩයකට කෙසෙල් කොළ අරන්. ඔය බොරැල්ල පැත්තෙ ඒ 2011 විතර. එතකොට නම් ඉතින් මහ ලොකු ගණන් ගත්තෙ නෑ. ඒ කාලෙ එක කොළේකට රුපියල් එකයි පනහයි.’’

    ‘‘කෙසෙල් කැන් කැපුවට පස්සෙ තමයි කෙසෙල් ගස්වල කොළ ඔවුන් කපන්නෙ. ඒ කපන දවසට හරි ඊට පස්සෙ දවසෙ හරි ඒ කපපු ප්‍රමාණෙට අනුව ඒවා කොළඹට ගේන්න ප්‍රවාහන ක්‍රමයක් හොයාගන්නෙ. කොළ 200ක් 500ක් වගේ නම් ඉතින් ඩිමෝ බට්ටෙක් වගේ කුඩා ලොරියක තමයි ඒවා කොළඹ ගේන්නෙ’’ විශේෂයෙන්ම හින්දු බැතිමතුන්ගේ විවිධ ආගමික අවස්ථාවලට, විශාල උත්සවවලට කෙසෙල් කොළ ගේනවා නම් ඔවුන් විශාල ලොරි රථ ඒවාට භාවිත කරනවා. කොළ 1000ක් 2000ක් වුණත් මේ ලොරිවල කොළඹට ගේන්න පුළුවන්.

    ඔය කෙසෙල් කොළ අහුරන්නේ හරි අපූරු සිස්ටම් එකකට. කෙසෙල් කොළේ නාරටිය එකිනෙකට විරුද්ධ පැත්තට වෙන්න තියනවා.

    එහෙම විරුද්ධ පැත්තට තියන කොළ උඩ එකක් උඩ එකක් තියනවා. එහෙම කොළයක් උඩ කොළයක් තිබ්බම ඒ කොළ ඉරෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන් කියලා ඔහු අපිට කිව්වා. කොළ එකක් උඩ එකක් තියන්නෙ කොළේ නටුවද එකිනෙකට විරුද්ධ පැත්තට හිටින්න. එතකොට අහුරගන්නත් ලේසියි, ඉරෙන්නෙත් නෑ, ගෙනියන්නත් පහසුයි.

    සිරිදාස මුදලාලිගෙන් කෙසෙල් කොළ ගන්න කොළඹ කඩවල් 40ක් 50ක් තියෙනවා. ඔය අතරින් බහුතරයක්ම දෙමළ කඩ. දෙමිළ මිනිස්සුන්ට කෙසෙල් කොළේ එක්ක හරි ආත්මීය බැඳීමක් තියෙනවා. ඒ හැම ගෙදරම දවල්ට හරි උදේට හරි පවුලෙ උදවිය එකතුවෙලා කෑම ගන්නේ කෙසෙල් කොළේ තමයි. යහමින් වැටුණු සම්බාරු හොදි එක්ක ඉට්ලි දෙක තුනකටම වගකියන්න පුළුවන් ඒ රහට.

    ‘‘කෙසෙල් කොළයක් දැන් නම් රුපියල් තුනකට හතරකට වගේ තමයි කඩවලට දාන්නෙ’’ කියපු සිරිදාස මුදලාලි කිව්වෙ, ‘‘ඔය දෙමළ මිනිස්සුන්ගෙ උත්සව කාලෙට වගේ නම් කෙසෙල් කොළයක් රුපියල් පහකට දහයකට වගේ විකිණෙනවා. සම්පූර්ණ කෙසෙල් කොළේම කොළඹ ගෙනියන්නෙ නෑ. බත් එකට ඔතන්න පුළුවන් කොටස විතරයි කොළඹ අරන් යන්නෙ. උත්සවවලට නම් සම්පූර්ණ කෙසෙල් කොළේම ගෙනියනවා. ඒ නිසාම තමයි රුපියල් පහක් දහයක් වගේ වෙන්නෙ.’’

    ඔය කෙසෙල් කොළවලට හොඳ ඉල්ලුමක්, හොඳ මාකට් එකක් තියෙන්නෙ බොරැල්ල, නුගේගොඩ, කොල්ලුපිටිය, වැල්ලවත්ත වගේ ප්‍රදේශවල. කොල්ලුපිටිය, වැල්ලවත්ත වගේ නම් නිරන්තරයෙන් විදේශිකයෝ ගැවසෙන නිසා ඒ ආශ්‍රිතව තියෙන මේ ‘කෙසෙල් කොළ බත් කඩ’ වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

    බොහෝ වෙලාවට කොළඹට කෙසෙල් කොළ ගේන්නේ දකුණු පළාතෙන්. ඇල්පිටිය, බද්දේගම, කරන්දෙණිය, මාපලගම, අක්මීමන වගේ ප්‍රදේශවලින්. ඇඹිලිපිටිය, බරවකුඹුර වගේ ප්‍රදේශවලින් කෙසෙල් කොළ කොළඹට ගෙනියනවා. නමුත් සිරිදාස මුදලාලි කිව්වෙ ඇඹිලිපිටිය වගේ දුර පළාත්වලින් කොළඹට කෙසෙල් කොළ ගෙනියන්න පැය හත හටක්ම ගතවන නිසා කොළ හුළඟට ඉරෙන්න බලනවා කියලා.

    ඔන්න ඔහොම තමයි ඉතින් මේ කෙසෙල් කොළේ කොළඹට එන්නේ.

    ඔබ නොදන්නවා වුණාට කෙසෙල් කොළේ Epigallocatechin gallate කියලා විශේෂිත ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා. සරලව කියනවා නම් ඔබ නිතර දෙවේලේ බඩ අඩුවෙන්න කියලා බොන ග්‍රීන් ටී (Green Tea) වලටත් වඩා මේ ප්‍රතිඔක්සිකාරකය බලවත්.

    එහෙම බලද්දි නම් බර අඩුකර ගන්න කියලා ඔය හන්දියක් හන්දියක් ගාණේ පණ දාගෙන දුවන නෝනලාට, මහත්වරුන්ට කෙසෙල් කොළේ ඔතපු හොඳ බත් එකක් ඉඳලා හිටලා හරි කනවා නම් ලංකාවටම තියෙන බර වැඩිවෙන ජාතික ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබේවි.

    අශිකා ජයවීර

    උපුටාගැනීම සතිඅග අරුණ පුවත්පත
    2019-08-04.......


    Other 100 Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා


    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

    කාමයේ වරදවා හැසිරීමේ විපාක[/SIZE]

    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
    අඹ කනවානම් මේකත් දැනගන්න.
    Home Queen-Wife
    මී පැණි

    තැඹිලි
    Blood Group

    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්




    අනතුර අතලග

    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
    අවමගුල් අගෝස්තුව ද?
    ඇත්තටම පිට යන්නෙ ඇයි?



    නියම මිනිහෙක් වෙන්න බලන්න


    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
    කෝටිපතියාගේ ජීවිත කතාව
    Whats app Lokka-Jan Koum
    Cargills Food City Owner Story
    Good Heart
    අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න
    Robin hood Gang


    පට්ට පටපට

    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්
    kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
    Amazing!!Cute puppy Born Now
    Patta Couple Dance
    Best magic Must watch
    America’s Got Talent 2017 Magicians
    කුසලතාවය



    Other threads



    Natasha Belle Images collection 1 2

    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
    Best & Trust Online Shopping Sites-chatting thread
    Malaysia Flight MH370 Missing-Web sites Gossips
    Lasith Malinga -Slinger Malinga
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම සාමාන්‍යයෙන් දවල්ට කෑම ගන්නේ ගැමි කඩයක් වගේ එකකින්. එයාල නෙලුම් කොලේ බත් කියලා තමයි විකුනන්නේ. ඒ කියන්නේ නෙලුම් කොලයක් වට්ටියක් උඩට එලලා එකට බත් බෙදලා දෙනවා. නමුත් මම නෙලුම් කොලේ බත් කන්න කැමති නැහැ. හේතුව තමයි කොලබට ගොඩක් අය නෙලුම් කොළ කඩලා ගේන්නේ කොලබ ප්‍රදේශයේ දුෂිත ජලාශවල හදිච්ච නෙලුම් කොළ. කොටින්ම කියනවා නම් ඉතා අපිරිසිඳුයි. බැර ලෝහ විශාල වශයෙන් ජලාශව අන්තර්ගත වෙලා තියනවා.



    නමුත් මම හිතන්නේ කෙසෙල් කොලය ගොඩක් පිරිසිඳුයි . ආරක්ෂිතයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    බත් ගෙඩියේ රස්නෙට ලන්ච් ෂීට් කොලේ උණු වෙලා ප්ලාස්ටික් දිය වෙන්නේ කෝමද මේවා උණු වෙන්නේ උෂ්ණත්වය 100C ට වැඩි අගයකදී. බත් එකක් ඔතනකොට ඒ ගාන නෑ නේ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බත් ගෙඩියේ රස්නෙට ලන්ච් ෂීට් කොලේ උණු වෙලා ප්ලාස්ටික් දිය වෙන්නේ කෝමද මේවා උණු වෙන්නේ උෂ්ණත්වය 100C ට වැඩි අගයකදී. බත් එකක් ඔතනකොට ඒ ගාන නෑ නේ




    :yes::yes::yes: මේක නම් මටත් හිතුනා. මේවා ලියන අය තමන් ගේ මනසින් අනුමාන කරලා ලියන දේවල්. කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ.
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    බත් ගෙඩියේ රස්නෙට ලන්ච් ෂීට් කොලේ උණු වෙලා ප්ලාස්ටික් දිය වෙන්නේ කෝමද මේවා උණු වෙන්නේ උෂ්ණත්වය 100C ට වැඩි අගයකදී. බත් එකක් ඔතනකොට ඒ ගාන නෑ නේ

    පේන්ඩ උණුවෙන්නේ නැති උනාට කොච්චර විස දේවල් තියනවද දන්නේ නෑනේ. කෙසෙල් කොලේ ගෙදර නිකන් තියන එක.දැන දැන විස කන්ඩ ඕනනෑනේ:D:D
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බත් ගෙඩියේ රස්නෙට ලන්ච් ෂීට් කොලේ උණු වෙලා ප්ලාස්ටික් දිය වෙන්නේ කෝමද මේවා උණු වෙන්නේ උෂ්ණත්වය 100C ට වැඩි අගයකදී. බත් එකක් ඔතනකොට ඒ ගාන නෑ නේ


    මචන් ප්ලාස්ටික් දිය වෙන්නේ ඒ උෂ්ණත්වයේ උනාට යම්කිසි ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න පුළුවන් . හරි දැන් ප්ලාස්ටික් වතුර බෝතලේ ඇයි වතුර බොන්න එපා කියන්නේ ? ප්ලාස්ටික් කෝප්පේ තේ බොන්න එපා කියන්නේ ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    කෙසෙල් කොලෙන් බර අඩු වෙන එක නම් බොරුවක්
    මම අවුරුදු තුනක් විතර සතියට දවස් දෙකක්/තුනක් හෝ සමහර සති වල දවස් 5ම විතර කොල්ලුපිටියෙ තියන කෙසෙල්කොලේම බත් ඔතල දෙන කඩේකින් කෑවා. දැන් ඔෆිස් එකෙන්ම කෑම දෙනවා ඒක නිසා කෙසෙල්කොලේ කෑම කන්නෙ නැහැ ඒ කාලයි දැන් කාලෙයි බර අඩුවීමක් එහෙම කියලා කිසිම වෙනසක් නැහැ
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    කෙසෙල් කොලෙන් බර අඩු වෙන එක නම් බොරුවක්
    මම අවුරුදු තුනක් විතර සතියට දවස් දෙකක්/තුනක් හෝ සමහර සති වල දවස් 5ම විතර කොල්ලුපිටියෙ තියන කෙසෙල්කොලේම බත් ඔතල දෙන කඩේකින් කෑවා. දැන් ඔෆිස් එකෙන්ම කෑම දෙනවා ඒක නිසා කෙසෙල්කොලේ කෑම කන්නෙ නැහැ ඒ කාලයි දැන් කාලෙයි බර අඩුවීමක් එහෙම කියලා කිසිම වෙනසක් නැහැ

    කෙසෙල් කොලේ කනවා කියල දෙන්නෙක්ගේ බත් එකක් කෑවට අඩුවෙයිද?:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බත් ගෙඩියේ රස්නෙට ලන්ච් ෂීට් කොලේ උණු වෙලා ප්ලාස්ටික් දිය වෙන්නේ කෝමද මේවා උණු වෙන්නේ උෂ්ණත්වය 100C ට වැඩි අගයකදී. බත් එකක් ඔතනකොට ඒ ගාන නෑ නේ

    අපි දන්න විදිහට වතුර පුරවපු ප්ලාස්ටික් බෝතලයක් අවුවට තියන්න එපා කියනව නේ පිළිකාකාරක ඔක්සයිඩ පිට කරනවා කියල පොලිතින් කොළ වලත් ඊට ලගින් යන දෙයක් වෙනවා ඇති. :D:D:D