ජවිපෙ මැතිවරණ ව්‍යාපාරයේ අරමුණ ජයග්‍රහණය නොවේ කියා කියන ජවිපෙ හිතවාදී පෝස්ට් එකක් දුටුවා. එය අතිශයින්ම සත්‍යයි. ජවිපෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉලක්කය වනු ඇත්තේ සිංහල මධ්‍යම පංතිය. රටේ පැවැත්ම සහ ස්වෛරීත්වය පසෙකට දාලා ශුද්ධ වූ යහපාලන මිරිගුවක් හඹා යන මධ්‍යම පංතිය. එමගින් බලාපොරොත්තු වනු ඇත්තේ විපක්ෂයේ අපේක්ෂකයාට ලැබෙන ඡන්ද බෙදීම. අනෙක් අතට ජවිපෙ මැතිවරණ ව්‍යාපාරය දෙමළ සහ මුස්ලිම් ජනයාව ඉලක්ක කරන එකක් නෑ කිසිසේත්ම. මොකද එතකොට එජාප අපේක්ෂකයාට ලැබෙන ඡන්ද ටිකක් හරි කැඩෙන නිසා. ඉදිරි මැතිවරණ ව්‍යාපාරයෙන් මේ හැසිරීම තහවුරු කරගත හැකි වේවි.



