Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

    ඔන්න මම එහෙනම් වෙනම thread දැම්ම මේ සම්බන්දයෙන් මොකද කලින් එක ටිකක් දිගට ගියා ඒවිතරක් නෙමේ මම දැම්ම ෆොටෝ ටික tinypic එකෙන් remove කරලා දැම්ම. කලින් thread එක කස්ටියට මෙතැනින බලන්න පුළුවන් ඒකෙ ගොඩක් විස්තර තියෙනවා :)

    මෙතනින් යන්න

    ඔන්න එහෙනම් පටන් ගමු, මම පොඩි කාලේ ඉඳලම බඩා තමා :rofl::rofl: කන එකේ නිමාවක් නැහැ. කොහොම හරි අවුරදු 35 විතර වෙනකන් මම හොඳට කෑවා. පේනවනේ පහල පින්තුර ටික :angry::angry:

    IMG-0342.jpg


    IMG-8615.jpg



    ඊට පස්සේ මේ තත්වේ වෙනස් කර ගන්න ඕනා කියල මම දුවන්න පටන් ගත්ත. ඒ කිව්වේ cardio විතරයි. කිසිම resistant training එකක් කලේ නැහැ. ඒකෙන් උනේ තිබ්බ muscle ටිකත් අඩු වෙලා කෙට්ටු ඒත් මෙලෝ රහක් නැති ජෝල් ඇඟක් ආවා.

    IMG-1133.jpg


    IMG-6023.jpg


    පස්සේ තමා මම හරියටම වැඩේට බැස්සේ. muscle development වල තියෙන වැදගත් කම තෙරෙද්දී ටිකක් පරක්කු වැඩියි ඒත් මම පුළුවන් හැටියට කරන්න පටන් ගත්ත අත අරින්නේ නැතුව. මම Gym ගියේ නැහැ ගෙදර තමා ඔක්කොම කලේ. මේ තියෙන්නේ මට දැනටත් තියෙන බඩු ටික :lol:

    IMG-8699.jpg


    ඕක නවත්තන්නේ නැතුව කරගෙන ගියා අවුරුද් 1.5 විතර, මෙන්න ප්‍රතිපල.

    IMG-8453.jpg


    2wnttzd.jpg



    IMG-8313.jpg


    මෙතැනදී වැදගත් ඇත්තටම බර කොච්චර අඩු උනාද කියන එක නෙමේ තෙල් කොච්චර අඩුවෙලා muscles කොච්චර develop උනාද කියන එක. මම cardio කරන ගත්ත පින්තුර වල මගේ බර 72Kg , weight lifting කළාට පස්සේ ගත්ත පින්තුර වලත් 72Kg. මම scale එක බලන එක නවත්තල කන්නාඩිය දිහා බලන්න පටන් ගත්ත. scale එක දිහා බලල වැඩක් නැහැ මොකද ඒකෙන් පෙන්නන්නේ අපේ ඇඟේ මුළු බර ඒත් කන්නාඩිය දිහා බැලුවම තමා තේරෙන්නේ ඇත්ත තත්වය. ඒක හින්ද දැන්වත් ඔය බර මනින එක නවත්තල overall body fat එක අඩු කරගන්න මහන්සි වෙයල්ලා. බර අඩු උනා කියල healthy වෙන්නේ නැහැ body fat එක වැඩි නම්:yes::yes:

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    oya ganata karaganna karapu dewal tikak dapanko machan steps

    පලවෙනි දේ ඉවසීම සහ කැපවීම, දෙක තුන තමා කෑම සහ ව්‍යායාම. ඔය ටික තියෙනවා නම් කරන්න බැරි නැහැ. ජාරා විදියට කාල කොච්චර exercise කලත් වැඩක් නැහැ.


    Ado patta ban. Godak un magadi atharinawa ekai awula.

    අනිවා මමත් දුවල ඉවර වෙලා ඇඟ දැක්කම අතාරින්නමයි බන් හිතුනේ





    තැක්ස් කොල්ලනේ :)