අඩෝ මාර කැරි සීන් එකක් උනානේ බන්. මට හිරේ යන්න වෙයිද බන්? 
මේකයි උනේ ගිය 11 උදේ මම ජිම් එකට ගියා 5ට විතර යද්දී අංකල් කෙනෙක් හිටිය. මම ගිහින් නෝමල් විදියට සෙල්ලම් කරන්න ගත්ත. ගොඩක් දවස්වල උදේට එනව හෙන තඩියෙක් ලෑන්ඩ් කූසර් එකකින් පොර ආව 5.30 ට විතර ඌ ඇවිල්ල නෝමලි කරන්නේ ට්‍රෙඩ්මිල් එකේ හයියෙන් ඇවිදින එක. පොර කතා කරන්නෑ. ඒ නිසා මාත් ඌත් එක්ක කතා කරන්නෑ. එක දවසක් මම ඌට ගුඩ්මෝර්නින් කියලත් ඌ කිව්වෙ නෑ. එදයින් පස්සේ මූන බලන්නෑ මම උගේ.
අඩෝ එදා මම ලැට් පුල් ඩවුන් කර කර ඉන්න කොට. අරූ ඇදගෙන වැටුන ට්‍රෙඩ් මිල් එකෙන් බිමට. මම කන්නාඩියෙන් දැක්ක. මම එක සැරයක් හරිලත් බැලුව. ඌ හතර ගාතෙ දාල බිම දිගා වෙලා හිටියේ. මාත් ගානකට ගත්තෙ නෑ මම හිතුවේ ලැජ්ජාවට බොර බිම දිගා වෙලා ඉන්නව කියල. මොකෝ ඌ බිම දිගාවෙලත් එක එක මගුල් එක්සර්සයිසස් කරනව.
6.10ට විතර මම යද්දිත් ඌ බිම. ඒත් මම ගියා යන්න.
අඩේ බලන්නම් ඒයකා මැරිල කියහන්කෝ. ඌ කන්ට්‍රාක්ෂන් කරන කම්පනියක අයිති කාරයෙක්. ඊයෙ අවසන්කටයුතු තිබිල තියෙන්නේ. ජිම් එකේ අයිය මගෙන් සීන් එක ඇහුව මම කිව්ව මම දැක්කෙ නෑ කියල. කොහොම හරි cctv බලල පොලිසියෙන් මගේ විස්තර අරන් අපේ ගෙදර ආව අද. මට අනිද්ද උදේ 9.30ට පොලිසයට එන්න කිව්ව.
මට මොනව හරි වෙයිද බන්? නීතිය දන්න එකෙක් නැද්ද? කොහේවත් යන ජරාවල් බන් මට පාත්වෙන්නේ.