ISIS නායක අබු බකර්ට අමෙරිකානු හමුදාවෙන් ප්‍රහාරයක් - ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතන්න සූදානම් වෙයි.
ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි ඉලක්ක කරගනිමින් අමෙරිකානු යුධ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වයඹ දිග සිරියාවේදී මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ISIS නායකයා සැඟවී සිටින බව කියන ස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා අමෙරිකාවේ CIA සංවිධානයේ සහයද එරට හමුදාවට ලැබී ඇති බවයි අමෙරිකානු උසස් ආරක්ෂක හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.
2014 වර්ෂයෙන් පසු වසර පහකට පසුව ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මිට මාස කිහිපයකට පෙර වීඩියෝවක් නිකුත් කරමින් සිය අනුගාමිකයින්ට මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන මෙන් ඉල්ලා සිටියා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් ඉරිදා උදෑසන 9.00 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
ළමා කාලයේදී කුරානයේ ඉගැන්වීම් සහ ආගමික නීතිය සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දක්වා ඇති අබු බකර් අල්-බැග්ඩාඩි ඔහුගේ දැඩි ආගමික ගති පැවතුම්වලට බාධාවක් වූ සිය පවුලේ සාමාජිකයින්ට පවා ඔහු දඬුවම් දුන් අයෙකු ලෙසයි සැළකෙන්නේ.
ඉරාකයේ සදාම් ඉස්ලාම් අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් කුරාන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය හදාරන සමයේ ඔහු දැඩි මතධාරී ඉස්ලාම් කණ්ඩායම් සමග සම්බන්ධ වී ඇති අතර 2000 වසර අවසන් භාගයේදී ඔහු ජිහාඩ් මතවාද වැලඳගෙන තිබුණා.
ඒ අනුව ඔහු ඉරාක අල්-කයිඩා සංවිධානය සමග සම්බන්ධ වී ඇති අතර පසුව ඒ තුලින් බිහිවුනු අයි.එස්. කණ්ඩායමේ නායකත්වයට පත්ව තිබෙනවා.
CNN

Last edited: