US Diversity Visa 2020

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    මගෙ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙනේ. ඒක අවුලක් වෙයිද

    Ow, ehenam dala wadak na.
    Passport eke validity eka thiyanna one 6months.
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Thawa tika dawasay thiyenne. :)

    btw, Visa hamba wela US awoth, mata message ekak danna. Lankawe unta job ekak denna bari kamak nathi wey.
     
    • Like
    Reactions: silentsahan

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Thawa tika dawasay thiyenne. :)

    btw, Visa hamba wela US awoth, mata message ekak danna. Lankawe unta job ekak denna bari kamak nathi wey.

    :love::love: එල කොල්ලෙක් මචන් උබ. ජය වේවා..! හැමදාම හරියන්න ඕන උබල වගේ උන්ට. මොකද තමන්ගෙම කියල ඉන්න නෑදෑයොවත් ඔහොම sup දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. :yes: :yes::love:
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Amaru Document eka wenne machan, Sponsorship eka. Eka ganna one US wala dan inna Green Card or Citizen kenek gen.
    Anith documents nam loku case na.
    Birth Certificate, Transations, Police Clearance, A/L Certificate, Work Experience Letters, etc.


    machn aniwaryenma sponsership oneda?ehema nethuwa berida select unoth?
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    ඔබගේ addakim saha සියලු විස්තර කරන්නේ nam හොඳයි

    අයැදුම් කරන්න ඕනෙ පිළිවෙල ත්‍රෙඩ් එකේ මුලින්ම හොඳට පැහැදිලි කරලා තියෙනවනේ. ඒ පිළිවෙලට කරගෙන යන්න.
    ඔබට ලොත‍රැයිය ඇදිලාද කියලා බලගන්න වෙන්නේ අදාල වෙබ් අඩවියටම ගිහින් ඔබගේ උපන්දිනය, වාසගම සහ case number එක ලබා දීමෙන් පසුවයි. ඊමේල් හෝ ලියුම් මගින් ජයග්‍රාහකයන්ව දැනුවත් කරන්නේ නැහැ.
    ජයග්‍රහණය කරලා නම් interview දිනය සහ අවශ්‍ය කරන ලියකියවිලි සඳහන් කරලා තියේවි ඒ වෙබ් අඩවියේම.
    interview එකට කලින් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් අදාල විභාග සහතික ලබාගන්නත් ඕනෙ (එතනින් සහතිකේ අතට දෙන්නෙ නැහැ. කහ පාට කොලයක් දෙන්නෙ. ඒ කොලේ ගිහින් embassy එකට දෙන්න ඕනෙ)
    අපහසුම කාරණය තමයි interview එකට කලින් ඇමරිකානු පුරවැසියකුගේ, ස්ථිර පදිංචිකරුවකුගේ හෝ වෙනත් වලංගු වීසාවක් මත ඇමරිකාවේ ජීවත්වන කෙනෙකුගේ අනුග්‍රාහකත්වය ලබා ගැනීම. ඔහු අපට අනුග්‍රහය දක්වන බවට තහවුරු කළ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනෙ interview එකට.
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    machn aniwaryenma sponsership oneda?ehema nethuwa berida select unoth?

    අනිවාර්යයෙන්ම sponsorship එක ඕනෙ. ඒක නැතුව බැහැ. වසර කීපයකට කලින් නම් යම්කෙනෙක් අනුග්‍රාහකත්වය දක්වන බවට එකඟ බව සඳහන් කළ ලියුමක් වුවත් ප්‍රමාණවත් වුණා. දැන් නම් අදාල නීතිමය ලියකියවිලි පුරවන්න අවශ්‍යයි. ඒ ලියකියවිලි වල අදාල පුද්ගලයාගේ වාර්ෂික ආදායම් විස්තර වාගේම බදු ගෙවීමේ විස්තරත් පුරවන්න ඕනෙ. ඒ විස්තර තහවුරු කරන ලියවිලිත් ඕනෙ.
    අනුග්‍රහය දක්වන කෙනා ඇමරිකානු පුරවැසියෙක්, ස්ථිර පදිංචිකරුවෙක් හෝ වලංගු වෙනත් වීසාවක් මත් ඇමරිකාවේ ජීවත්වන පුද්ගලයෙකු විය යුතුයි.
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    US nam 3,4 parak giya.



    Green card seen ekata nm.

    2018 apply
    2019 select
    2020 US


    DS 260 fill karala mail eka enakl balan innwa. :dull:

    දැන් ගෙදරට mail එවනවද බං?
    ඉස්සර නම් කිසිම ලියුමක් ගෙදරට ආවේ නැහැ. හැම විස්තරයක්ම උන්ගෙ වෙබ් සයිට් එකේ update කලේ. අපි ලොග් වෙලා බලන්න ඕනෙ.
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    අනිවාර්යයෙන්ම sponsorship එක ඕනෙ. ඒක නැතුව බැහැ. වසර කීපයකට කලින් නම් යම්කෙනෙක් අනුග්‍රාහකත්වය දක්වන බවට එකඟ බව සඳහන් කළ ලියුමක් වුවත් ප්‍රමාණවත් වුණා. දැන් නම් අදාල නීතිමය ලියකියවිලි පුරවන්න අවශ්‍යයි. ඒ ලියකියවිලි වල අදාල පුද්ගලයාගේ වාර්ෂික ආදායම් විස්තර වාගේම බදු ගෙවීමේ විස්තරත් පුරවන්න ඕනෙ. ඒ විස්තර තහවුරු කරන ලියවිලිත් ඕනෙ.
    අනුග්‍රහය දක්වන කෙනා ඇමරිකානු පුරවැසියෙක්, ස්ථිර පදිංචිකරුවෙක් හෝ වලංගු වෙනත් වීසාවක් මත් ඇමරිකාවේ ජීවත්වන පුද්ගලයෙකු විය යුතුයි.

    eth mchn apply karana hemotama sponsersla ne neda?ehema kawruth nethi aya hoyagnne khmda?mama apply karala thiyenne select unoth khmda sponser hoyagnne,ape kawruth e wage ratwal wala nene?
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    eth mchn apply karana hemotama sponsersla ne neda?ehema kawruth nethi aya hoyagnne khmda?mama apply karala thiyenne select unoth khmda sponser hoyagnne,ape kawruth e wage ratwal wala nene?

    ඒක තමයි බං ඔතන තියෙන catch එක. ඕක ඇදෙන හැම එකාම ඇමරිකාවට එන්නෙ නෑ. ඔය පොයින්ට් එකෙනුත් කට්ටියක් හැලෙනවා. කොහොමහරි උඹව හොඳට දන්න යාළුවෙක් හරි හොයාගනින්. මොකද නොදන්න එකෙක් සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට ආදායම් සහ බදු විස්තර දෙන්නෙ නැහැනෙ.
    හැබැයි සමහර උන් ඉන්නවාලු සල්ලි වලට ඔය වැඩේ කරන. උන්ට ගාණක් දුන්නහම උන් sponsor කරනවා. එහෙම එකෙක් හරි හොයාගන්න වෙනවා.
    මොකද උඹ ඕක ඇදිලා USA ගියහම එහේ නතර වෙන්න හරිහමන් තැනක් තියෙන්නත් ඕනෙ. ඒ නතරවෙන තැන address එකට තමයි green card එකයි social security card එකයි තැපෑලෙන් එන්නේ. ඒ විස්තර ඔක්කොම උඹට ලංකාවෙන් පිටත් වෙන්න කලින් embassy එකට දෙන්න වෙනවා. ඉතිං ඔන්න ඔය address හොයාගන්න වැඩේටත් එක්කම තමයි sponsor කරන්න කෙනෙක් හොයාගන්න ඕනෙ.
     
    • Like
    Reactions: silentsahan

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    මගෙ ෆොටෝ එකට නම් කිසිම වෙනසක් කළේ නැහැ studio එකෙන්.

    studios not giving what the got from the camera, they import to the computer and make little alteration and give to you.

    if you have a good phone with a camera, you can just get shots from a white or solid background and remove bg from photoshop.

    the final output has to come as JPG format i think