මේක කොතනින් පටන්ගන්නද කියලා තේරෙන්නේ නෑ. . මම මගේ ජීවිත කතාව කිව්වා ඔගොල්ලන්ට මතක ඇති. . ඒ කතාවේ ඉතුරු ටික මන් මේ විදියට කියනවා. . මම දිවුරලා කියනවා මම අද වෙනකන් රුපියලක් වත් වන්චා කරලා නෑ මගේ හතුරෙක්ගේ වත් දියුනුවට ඉරිසියා කරලා නෑ. . මම ලී බඩු ශේස්ත්‍රයේ අවුරුදු 18ක ඉදන් ඉන්නේ. . ඒ ශේස්ත්‍රයේ විවිද රැකියා රාශියකුත් මගේම වයාපාරයකුත් කරා. . අද මන් මගේ වයාපාරයට නැවතුම තියනවා. . ඒ ලක්ශ 52ක පාඩුවක් කරගෙන. . මගේ නිවස විකුනලා ලක්ශ 40ක් ගෙව්වා තව ලක්ශ 12ක නයක් ගෙවන්න තියෙනවා. . මට තියෙන ප්‍රශ්නේ මේකයි මම යුටියුබ් ගැන වුනත් ත්‍රේඩ් එක දාද්දි මගේ ආදායම මාසෙටම $ සත ගානයි තිබ්බේ. . නමුත් මන් දැක්කා මේකෙන් ලොකු පිරිසකට ගොඩ යන්න පුලුවන් කියලා ඉතින් කුහක කම නැතුව මන් සල්ලි හොයන විදිය කිව්වා. . ඔබට මතකද දන්නෑ. . මම මගේ පැන්සල මිතුරට දීලා පෑනෙන් චිත්‍ර ඇදපු කෙනෙක්, පන්තියෙ අහින්සකයා දහම්පාසලේ අහින්සකයා. . මම හැම වෙලේම තවකෙක්ට හොදම කරන්න උත්සහ කරපු කෙනෙක්. . මගේ විවිද වූ ත්‍රේඩ් ඒකට ශාක්ශි කියයි. .
මගේ ලමයට දැන් වයස අවුරුදු 3යි. . එයාව ලබන අවුරුද්දට මොන්ටිසොරි දාන්න ඕනා ඒකට හෙට යන්න හිටියේ ඒකට වත් මන්ලග අද සල්ලි නෑ. . මම බංකොලොත් තත්වයටම පත්වෙලා. . මට ඉරුවාරදය කියන අසනීපෙත් තියෙනවා ඒක ටිකක් දරුනුවට තියෙනවා ඉතින් මට ලොකුවට වෙහෙසිලා දෙයක්, තනියම දෙයක් කරන්න අමාරුයි. . රටයනවා වගේ දේවල් දුරපලාත්වල ජොබ් කරන්න වගේ කොහොමත් කරන්න බෑ. .
මම මම දන්න දේ හන්ගලා නෑ සේරම කිරියටත් අනිත් හැමෝටමත් කියලා තියෙනවා. . ආයේ මට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. . මගේ පොඩි ඉල්ලීම්ක් තියෙනවා මට උපදෙස් අවශ්යවෙලත් තියෙනවා. . මම ලීසින් කම්පැනියක වැඩ කරන්න හිතන් ඉන්නවා ලී බඩු වලට සම්බන්ද නැති මගේ පලවෙනි රැකියාව විදියට. . බේසික් එක 20000යි. . ටාගට් සම්පුර්න කලොත් 0.5% කමිශන් එකක් ලැබෙනවා. . කිරියේ ලීසින් සම්බන්දව ඉන්න අයගෙන් මට මේ රැකියාව ගැන දැනගන්න ඕනා. . මම 0 ඉදන් නැගිටින්න ඕන කෙනෙක්. . ඔබලට පුලුවන්ද මට උදව් කරන්න? ඔබලට අවශ්‍ය ලීසින් පහසුකම මම හරහා ලබාගෙන මට උදව් කරනවද?
මම මගේ උපරිමය කිරියට දුන්නා. . අද මම ඔබෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. . ඇත්තටම මට හරිම දුකයි මන් ගැන. .