අතීශය කාර්යය බහුල නිසා මම එලකිරියට ලේසියට ලොග් වෙන්නෙ නෑ පෝස්ට් දාන්න ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කම දෙයක් කියලා යන්න කියලා හිතුනා. උඹට මතක නම් 2015 දී උඹයි මමයි අහුවෙන අහුවෙන හැම ත්‍රෙඩ් එකකම රණ්ඩු කරගත්තා. ඒ දවස් වල උඹට හිටියේ සොහොන සහ මා එක්ක අමනාප කීප දෙනෙක්. නමුත් කිරියේ ගොඩක් පරණ මෙම්බර් ලා හිටියේ මගේ පැත්තෙ. උඹ කලේ PM ගගහා උන් උන් කොටෝ කොටෝ අනික් උන්ට කේලම් කිය කියා ඒ members ලාට පහර ගහපු එක. ජේසන් රූල්ස්, ක්‍රේසි බඩී, චරිත්84, තරිදු76, ආශ්මි අක්කා, දත් කිඹුලා ඔය් අතරින් කීප දෙනෙක් විතරයි මිත්‍රයා.
උඹට මතක නම් මම ඒ දවස් වල උඹට කිව්වා උඹ ඔය යන විදිහට ගියොත් උඹට අනිවා දවසක කෙලවෙලා නන්නත්තාර වෙනවා කියලා. ඒ උනාට උඹ ඇහුවෙ නෑ මචං. උඹේ ආඩම්බරකම, මහන්තත්ත කම, හීන මානය උඹට ඊට වඩා ලොකු උනා මචං.
උඹ අනික එලකිරියට හෙනම ලොකු සේවයක් කරපු එකෙක් කියලා නිතරම කියව ගත්තා. උඹට GT සලකනවා මදි කිය කියා වලි වලදි ත්‍රෙඩ් දදා මට ගහන්න සෙට් හැදුවා. කොටින්ම කියනවනම් උඹ උඹ ගැන හෙනම ලොකුවට හිතන් හිටියෙ.
ඊට පස්සෙ උඹට එලකිරියේ පොර වෙන්න ඕනෙ වෙලා අරුණ, රත්තරං වගේ ත්‍රෙඩ් වලින් තම්බි මරන්න ගත්තා, බෞද්ද පෝස්ට් ශෙයා කරන්න ගත්තා. කොටින්ම උඹේ නොවන වීඩියෝ දාලා හදපු යූ ටියුබ් අකවුන්ට් එක උඹ ලක්ශ ගානකට මුලින් අහිංසකයෙකුගේ කරේ එල්ලන්න හැදුවේ. අන්තිමට ඒකා රිපෝට් වැදිලා බෑන් උනාම වරද පැටෙව්වෙ දත් කිඹුලට.
පස්සෙ පෙරේරා එක්ක වලියක් දාගත්තා. ගෙට් ටුගෙදර් ඉවෙන්න්ට් ඔගනයිස් කලා කොටින්ම ඒ හැම වෙලෙම උඹට ඕනෙ උනේ උඹ මහා ලොකු පොරක්ය කියල පෙන්නගන්න.
උඹේ එක ලී බඩු ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බ දවසක් උඹෙන් බඩුවක් ගන්න ගණන් අහගන්න ආවම උඹ හෙන ලොකු එකෙන් කතා කලේ ඌට එපා වෙලා ගියාය කියලා. උඹ ඒකට රිප්ලයි දැම්මෙ මගෙ එහෙම ලොකුවක් නෑ ශෝටක් ඇදන් බාටා දෙකක් දාගෙනයි උඹ ශොප් එකේ ඉන්නෙත් කියලා. සමහර විට උඹට මතක නැතිව ඇති.
මචං නිපුන් බැලුමක් උනත් උඩට යන්න යන්න අන්තිමේෆ්හි පුපුරනවා. උඩ යන ප්‍රමාණෙ වැඩි වෙද්දි වැටුනොත් රිදෙන ප්‍රමාණෙත් වැඩි වෙනවා. දැන්වත් නවත්තපන්. විරාමයක් ගනින්.
මේ ලෝකෙ හැම මිනිහම එක පාර දියුණු වෙන්නෙ නෑ. ඒ වගේම කවදාවත් fail නොවුනොත් දියුණුවේ හිනිපෙත්තටම යන්නත් බැහැ. ඉස්සෙල්ල උඹේ ආකල්ප හදා ගනින් මචං, වෙනස් වෙයන්. ජීවිතෙ අලුතින් මුල ඉදන් පටන් ගනින්.
මිනිහෙක්ට කෙලවෙලා නැත්තටම නැති වෙද්දි දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. එච්චර කල් වටේ හිටපු හැමෝම දාල යනවා අම්මා, තාත්තා ඇරෙන්න. සමහර විට ගෑණි ඉන්නවා සමහරුන්ට.
අන්න ඒ දුක වේදනාව දරාගෙන බිංදුවේ ඉදන් ආයෙ පටන් ගනින්. ඒ වේදනාව ඒ දුක උඹට උඹෙ බඩගින්න, නින්ද හැමදේම නැති කරයි. නමුත් දවසක යන්න පුලුවන් ඉහලම තැනට උඹව අනිවා අරගෙන යාවි. එතකන් බොහොම ඉවසීමෙන්, කට්ට කාගෙන, ආකල්ප වෙනස් කරගෙන හෙමීට ගමන පලයන්.
උඹට මම සුභ පතනවා. අලුත් යූ ටියුබ් චැනල් එක ලංකාවෙ ටොප් හිට් චැනල් එකක් වෙන්න ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
මේ පෝස්ට් එක දැකලා ආයෙ මා එක්ක රණ්ඩුවට එන්න එපා. හෙමීට පාඩුවේ අකුරක් නෑර මම කියපුවා මතක් කරලා කියවලා බලපන්. ඉස්සෙල්ල උඹ වෙනස් වෙයන්.
බුදු සරණයි..... Good luck...