ඕක අල්ලලා නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ කටුනායක වෙයාහවුස් එකේ.කොළඹ ඉඳන් කටුනායක බස් එකක එනව නම් කටුනායක ස්ටෑන්ඩ් එකට හැරෙන්න කලින් වම් පැත්තෙ පේන එයා කාගො විලේජ් එකේ තියෙන්නෙ DHL වෙයාහවුස් එක.බස් එකේ කොන්දොස්තරට කියන්න එයා කාගො විලේජ් එකේ ගේට් එක ගාවින් දාන් යන්න කියලා.ගොඩක් වෙලාවට නවත්තන්නෙ නැති වෙයි ආමි ඉන්න නිසා.එහෙම උනොත් බස් එක නවත්තන තැනින් බැහැලා ආයි ත්‍රී වීල් එකක එතනට එන්න පුලුවන්.ඇවිත් ගේට් එකෙන් DHLඑකේ ඩොකියුමන්ට් පෙන්නලා පාස් අරන් ඇතුලට යන්න තියෙන්නෙ ඕවා බාර දෙන්න.මතක ඇතුව ID කොපි 4ක් වත් අරන් යන්න.ඩොකියුමන්ට් සෙට් එකේ කොපියක් දෙකක් තියාගන්න.TRCSL එකේ නම් පොඩි ටැක්ස් එකක් ගහන්නෙ.හැබැයි දවස් ගානක් ගන්නවා.DHL දවස් දෙක පැන්න ගමන් දවසට ගානක් චාජ් කරන්න පටන් ගන්න නිසා අඬලා හරි එක දවසෙන්ම TRCSL එක අරන්,ඉම්පෝට් කොන්ට්‍රොල් ඉල්ලලා නම් ඒකත් අරන් ගිහින් එදාම DHL එකට දෙන්න.රිමෝට් එකේ ටෙක්නිකල් ස්පෙක් ටික හොයන් යන්න TRCSL ෆෝම් එකේ ඒ ටික ෆිල් කරන්න තියනවා.
<iframe src="https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d15834.567473389228!2d79.8814201!3d7.1673336!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x353c2d6426bed0d1!2sAir%20Cargo%20Village!5e0!3m2!1sen!2slk!4v1578415249038!5m2!1sen!2slk" width="600" height="450" frameborder="0" style="border:0;" allowfullscreen=""></iframe>