හද රුදී ගී

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    සීතල සඳ එළියේ

    පිපුනු සුවඳ මලේ

    නෑඹුල් සුවඳ පැතූ

    බඹරො නුඹ නාඬන්...//



    සඳලු තලාවේ මුනින්තලාවී

    ඈත බලගෙන කඳුලු සලන්නේ

    පරසතු මල් මකරන්ද සුවඳ මැද

    බඹරො නුඹ නාඩන්



    සීතල සඳ එළියේ......



    සදාහරිත වන රේඛා මැද්දේ

    මලානිකව ගලනා සඳ එළියේ

    රෑ හීනෙන් මුව ගෑ අඳුනක් දැක

    බඹරො නුඹ නාඬන්...//



    සීතල සඳ එළියේ......
     
    • Like
    Reactions: awjas2621

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

    ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී..❤️❤️


    කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
    කඳුළෙන් කටු මත විෂ තිබුණා
    බිඳුණොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතු වී තිබුණා...❤️❤️

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...❤️❤️
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ

    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
    සදා සැඟව යාවී සාගරයේ

    සිල් බිඳී මුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙලූ ඵල මාවතේ
    සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
    තැවුල් සැඟව යාවී මාරුතයේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    සයුරක් නොදු‍ටු ගඟුලක්
    කිසිදා ගලන්නේ නෑ..
    වෙරළක් අහිමි සයුරක්
    කිසිදා හඬන්නේ නෑ..

    කඳුලක් නොසැලු නෙතකින්
    හස‍රැල් සොයන්න එපා
    ලැබුනත් බිඳුනු හදකින්
    සෙනෙහස සොයන්නෙපා...

    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා
    ලැබුනත් බිඳුනු හදකින්
    සෙනෙහස සොයන්නෙපා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ වගේ ගීත තමයි මුත්තගෙ හදේ රැදෙන්න ඕන මේ වයසට.....

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්ඇති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
    එකයි තවමත් සංසාරේ...//

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්ට ඒ කාලේ
    නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
    ඒකයි තවමත් සංසාරේ

    බුදුහාමුදුරුවො....//

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ

    බුදුහාමුදුරුවො...//

     
    • Like
    Reactions: powersport

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
    කවුළුව අතරින් හිරිකඩ එනවා..
    මල් පැණි වඩියක උණුසුම ලබනට..
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..

    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්නද කවුරු දකින්නද..
    මා දැන් මහළු වියේ..
    මා දැන් මහළු වියේ..

    පාරට බැස්සම නොවැසීතල වැඩි
    තනිකම ඊට වැඩියි..
    හිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොදහැටි මතකයි..

    මීවිතකින් ගත උණුසුම් වූවත්
    සිත උණුසුම් වේදෝ..
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    ආපසු මගෙ කුටියට යනවා..
    මා ආපසු යනවා..

    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්න ද කවුරු දකින්නද..
    මා දැන් මහළු වියේ...
    මා දැන් මහළු වියේ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ
    ආදරේ

    නීල අහසේ තාරකා සේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී

    කල්පනා ලොව මල් වනේ...

    මා වටා සහසක් යුගත් පා‍
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමෙන් දැවටී එතීලා

    කල්පනා ලොව මල් වනේ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ වගේ ගීත තමයි මුත්තගෙ හදේ රැදෙන්න ඕන මේ වයසට.....

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්ඇති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
    එකයි තවමත් සංසාරේ...//

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්ට ඒ කාලේ
    නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
    ඒකයි තවමත් සංසාරේ

    බුදුහාමුදුරුවො....//


    :love::love::P

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ

    බුදුහාමුදුරුවො...//


    මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
    කවුළුව අතරින් හිරිකඩ එනවා..
    මල් පැණි වඩියක උණුසුම ලබනට..
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..

    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්නද කවුරු දකින්නද..
    මා දැන් මහළු වියේ..
    මා දැන් මහළු වියේ..

    පාරට බැස්සම නොවැසීතල වැඩි
    තනිකම ඊට වැඩියි..
    හිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොදහැටි මතකයි..

    මීවිතකින් ගත උණුසුම් වූවත්
    සිත උණුසුම් වේදෝ..
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    ආපසු මගෙ කුටියට යනවා..
    මා ආපසු යනවා..

    කබාය ඉරිලා ඊට කමක් නෑ..
    කවුරු බලන්න ද කවුරු දකින්නද..
    මා දැන් මහළු වියේ...
    මා දැන් මහළු වියේ...

    :love::love::P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වේ නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී

    දුරත් දුකත් අමුනාගෙන එක නූලෙ
    ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ//
    බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මලත් මට නුඹ විතරයි වාගේ

    සිතින් අදිනවා ආපසු......

    හදාගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
    හොයා ගන්න තුරු ඉන්නවාද රහසින්//
    තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
    මගෙ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්

    සිතින් අදිනවා ආපසු......
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ //

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පිපි මල් නොතලා පිණිලැල් අතුරා
    සේයා මැවෙනා උදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ...

    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
    මේ ගී ගයනා හදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    කදු පාර ඈත අයිනේ,
    සද රෑක ඈ සිනාසේ,
    වේදනා සිතාරයේ,
    ඒ ගීත රාවේ ඇසේවා,
    ජීවිතේ පුරා....

    යාලූ වී දෙවැටේ එදා
    කී කතා අසා
    පාලූවී හැඩුවා සදා
    මාරුතේ පවා

    කදු පාර ඈත අයිනේ,
    සද රෑක ඈ සිනාසේ,
    වේදනා සිතාරයේ,
    ඒ ගීත රාවේ ඇසේවා,
    ජීවිතේ පුරා....

    ගං ඉමේ මාදං කෑලේ
    පාසලේ පුරා
    මා සොයා අවා වගේ,
    වෙන්වෙලා ගියා

    කදු පාර ඈත අයිනේ,
    සද රෑක ඈ සිනාසේ,
    වේදනා සිතාරයේ,
    ඒ ගීත රාවේ ඇසේවා,
    ජීවිතේ පුරා....//
     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ



    මේ ටිකෙ අහන සිංදුවක්...මේකෙ ආසම ටික නම් "සිත සැනසුම් සාදනා......
    ඔබේ හසරැල් මට වාසනා....
    :love::love::love::love::love::love:

    ඔබටයි මේ ආරාධනා - ඔබටයී මේ ආයාචනා
    ඔබටයි මේ ආරාධනා - ඔබටයී මේ ආයාචනා
    හිරු සදු ඇතිතුරා - සසර සරනා තුරා
    ඉන්නට බැ තරහාවෙලා
    :no::no::no::no::no::no:

    පෑව සෙනේ අමනාපේ නිසා - මෝදු වෙලා තිබුනාට වඩා
    පෑව සෙනේ අමනාපේ නිසා - මෝදු වෙලා තිබුනාට වඩා

    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:

    ඔබටයි මේ ආරාධනා ...

    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ

    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:
    ඔබටයි මේ ආරාධනා...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ රුදී නෙමේ රැදී :rolleyes:

    බෑ පුතී මේ ෆෝන් එකේ ැ හරියට පෙන්නන්නේ නෑ කීබෝඩ් එක:baffled::baffled: දැන් ප්‍රමාදයි එඩිට් කරන්නත් බෑ:baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර



    මේ ටිකෙ අහන සිංදුවක්...මේකෙ ආසම ටික නම් "සිත සැනසුම් සාදනා......
    ඔබේ හසරැල් මට වාසනා....
    :love::love::love::love::love::love:

    ඔබටයි මේ ආරාධනා - ඔබටයී මේ ආයාචනා
    ඔබටයි මේ ආරාධනා - ඔබටයී මේ ආයාචනා
    හිරු සදු ඇතිතුරා - සසර සරනා තුරා
    ඉන්නට බැ තරහාවෙලා
    :no::no::no::no::no::no:

    පෑව සෙනේ අමනාපේ නිසා - මෝදු වෙලා තිබුනාට වඩා
    පෑව සෙනේ අමනාපේ නිසා - මෝදු වෙලා තිබුනාට වඩා

    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:

    ඔබටයි මේ ආරාධනා ...

    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ

    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුම් සාදනා - ඔබේ හසරැල් මට වාසනා

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:
    ඔබටයි මේ ආරාධනා...
    :P
    :love::love::love::love::love: