හද රුදී ගී

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    කොපුල් තලා කලු වී
    දිගු ඇසේ නිල්ල දියවී
    මල් පෙති අතැගිලි පර වී
    මැලවුණි කිම්ද දේවී //

    ලිප ගින්න නැගී ඇවිලී
    රූ සිරිය දැවී ගියෙදෝ
    මුතු වැලින් බැන්ද නළලේ
    ලා සඳ මැකී ගියේදෝ

    මහ පොළොව වගේ නොසැලී
    ලොව හදන වඩන දේවී
    නිල් ඇසට ඔබේ රුව දී
    හිනැහේවි දූ කුමාරී
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා...
    ඇය යන්න ගියා මැකිලා...
    පිණි කඳුලක් මල්පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා...

    යලි කවදාවත් හමුනොවෙනා බව..
    මද පවණක් හිස අතගා කීවද..
    අදහාගන්නට නොහැකිය කිසිදින..
    ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

    ඇය යන්න ගියා මැකිලා...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කුනු අලප කියනවා ... :sorry:

    තුනු අලප නෙමේ එයාගෙ නම ඒක තමා :yes:
    මහදැන(මු/හු)ත්තා :yes:
    අකුරු දෙකම පාවිච්චි කලහැකි කෝක පාවිච්චි කලත් හරි :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා...
    ඇය යන්න ගියා මැකිලා...
    පිණි කඳුලක් මල්පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා...

    යලි කවදාවත් හමුනොවෙනා බව..
    මද පවණක් හිස අතගා කීවද..
    අදහාගන්නට නොහැකිය කිසිදින..
    ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

    ඇය යන්න ගියා මැකිලා...

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    :love::love: උපුටා ගැනීමකි!

    ප්‍රියයන්ගෙන් වෙනවීම දුකක් සත්‍ය එයයි. එය සදහටම වෙන්වීමක් වුවහොත් දැනෙන වේදනාව කියා නිමකළ නොහැකියි... මල්ඵලවලින් බරවුණු සුන්දර වනාන්තරයේ මගේ තුරුළට වි ගී මුමුණපු ඇය යන්න ගිහින්, නිකම්ම නෙමෙයි මැකිලම යන්න ගිහින්... ඇය යළි නොඑන්නම ගිහින්... ඇය මෙලොව හැරදා ගිහින්.......

    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    "මිහිදුම් සළුවෙන් මුහුණ වසා" ඇය මියදුනු නිසාවෙන් සුදු රෙද්දකින් ඇගේ දේහය වසා දමලා... එනමුත් නෙත් අග ඉතිරිවුණු පුංචි කදුලු බින්දුවක් තවමත් දකින්නට තිබෙනවා.... මෙලොව හැර යනකොට ඇයට කොතරම් දුකක් දැනෙන්නට ඇත්ද?

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    ජිවිතයට පැමිණි බාධක මගහැර, බලාපොරොත්තුව නමැති සඳඑළිය දකින්නට අපි දෙන්නා හීන මැව්වා නේද? නිල්ල නිලන නිල් කඳුවැටි යැයි කවියා පවසන්නේ ජීවිතයට පැමිණි මහා බාධක කන්දරාවයි. ඔබ මේ ලෝකය හැරයනවිට කොතරම් දේවල් ප්‍රමාණයක් මාහට පවසන්නට තියෙන්න ඇත්ද? රහස් කන්දරාවක් සිතෙහි හිරකරගෙන කිසිවක්ම නොකියා ඇය යන්න යනවා. රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා යැයි කවියා පවසනවා..........


    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    පාළුවෙන් සිටිනා මොහොතක මඳ පවන ඇවිදින් හිස පිරිමදිමින් කියනවා ඇය කවදාවත් යළි හමුවෙන්නේ නැ කියලා.. ඒක හරියට නෑ හිතමිත්‍රාදීන් හිස අතගාලා හිත හදාගන්න කියනවා වගෙයි. එනමුත් අදහාගත නොහැකියි ඇය යළිත් ගිම්හානයට නොඑතැයි කියා.... ගිම්හාන කාලය කියන්නේ මුළු පරිසරයම මළානික වෙලා යන කාල වකවානුවක් දෙන්නාට දෙන්නා නැතිවම බැරි කාලයක්, ඇයව ජීවිතයට අවශ්‍යම කාලය අදහාගත නොහැකියි ඇය යළි නොඑතැයි කියා......

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28

    සන්තාප මාවතේ..
    සංවේදනා මැඳුරේ..
    සංවේගයෙන් දන්වා සිටිම්..
    වෙන්වීම මා ඇගෙන්..//

    තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ..
    දැරියක් හිදී තනිවී දෙමංතලේ..
    නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ..
    හඬගා කියයි නටඹුන් අතීතයේ..

    සන්තාප මාවතේ...

    හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ..
    සිහිලැල් සිඳී හද විල් තලේ මගේ..
    සඳ තාරකා අඳුරේ ගිලී ගියේ..
    ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ..

    සන්තාප මාවතේ... //
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28



    ආරාධනා
    ආරාධනා
    ජීවිතයේ තනිමංසල අතරමංවෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා
    ආරාධනා
    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරලේ
    ජීවිතයේ දිගු ගමනින් අනාතවූදා
    සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා
    ආරාධනා
    ආරාධනා
    එදා සිගිති කිරි සුවඳින් යුගදිවි අරනේ
    ඔබේ උණුසුමේ යලිඳු උපන්නෙම්
    කිඳුනු එවන් රජදහනෙන් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා
    ආරාධනා
    ආරාධනා